01💘

545 63 0
                                    

"තව මාස තුනයි ශිනී!! අනේ මටනම් ඉවසිල්ලක් නැහැ එයා එක්ක සෙල්ලම් කරනකන්!"

කැලැන්ඩරේ දිනයක් යටින් කතිරයක් දාපු මේනු උඩ පැන පැන ආවේ ශිනී ළඟට. ශිනීගේ නළලට චූටි කිස් එකක් දීලා මේනු එයාගේ කන තිබ්බේ ඉස්සරහට නෙරලා තියෙන ශිනීගේ බඩ උඩින්. හිනාවෙවී ශිනීගේ බඩ පිරිමදින ගමන් ඇතුලේ ඉන්න චූටි පැටියට ඇහෙන්න කතා කළේ ඒ පැටියා එළියට ආවාම ඒ දෙන්නා ප්ලෑන් කරන් ඉන්න දේවල් ගැන.

"මේනූ..... මොනාහරි හදලා දෙනවකෝ අපිට බඩගිනියි.."

බඩත් අතගගා එයාටයි පැටියටයි බඩගිනියි කියලා කිව්වම මේනූ කුස්සියට දුවන් ගියේ මොනවහරි කන්න හදන්න.

.........................................

ශිනී, මේනූ... කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ. ආයෙත් කාලෙකට පස්සේ එයාලා හම්බවෙන්නේ හරිම අහම්බෙන්. දවසක් ශිනී එයාගේ වැඩ ඇරිලා කැෆේ එකකට යද්දි තමයි දෙන්නව හම්බවෙන්නෙ. ඒ දෙන්නා එතන්දි පැය ගානක් කතා කර කර ඉඳලා තමයි අවුරුදු ගානකට පස්සේ ආයේ අඳුරගන්නේ. එතන්දි ශිනී නොදන්න දේකුත් තිබුණා.

ඒ දෙන්නාම ඒ වෙද්දි මැරි කරලා හිටියේ. එ් දෙන්නා හම්බෙද්දි ශිනී සති තුනක් ප්‍රෙග්නට්. එයාගේ හස්බන්ඩ් එයාගේ කම්පැනි වැඩ වගේකට ඒ වෙද්දිත් පිටරට ගිහින් හිටියේ. මේනුගෙයි එයාගේ හස්බන්ඩ් රිශ්ගෙයි මැරේජ් එක එයාලගේ කැමැත්තෙන් නොවුණ එකක් නිසා එයාලා, එයාලා ගැනම එච්චර කෙයා කළේ නැහැ. රිශ්ගෙයි මේනුගෙයි ගෙදර රිශ් විතරක් ඉඳිද්දි මේනු එයාගේ ජොබ් එකටත් ලේසි වෙන්න එයා වැඩකරන හෙයාසැලොන් එක ළඟින්ම අපාට්මන්ට් එකක් ගත්තා. ඒත් ⁣මේනුගේ හරි රිශ්ගේ හරි දෙමාපියෝ එයාලව බලන්න එද්දි ඒ දෙන්නා කොහොමහරි එයාලට පේන්න එකට ඉන්නවා. ශිනී ශේන්ගෙන් අහලා එයා තනියම ඉන්න නිසා මේනු එක්ක නවතින්න හිතුවා. ශේනුත් කිසිම අකමැත්තක් නොපෙන්නුව නිසයි, ඒක බබාටත් හොඳයි කියලා කිව්ව නිසයි ශිනී ගොඩක් ආසාවෙන් මේනු එක්ක නවතින්න ආවේ. දැනට ඒ දෙන්නා එකට ඉඳලා මාස හයක් වෙනවා. ශේන් කොච්චර නම් කිව්වත් ශිනීව බලන්න එනවා කියලා ශේන් නෙමෙයි කොයිම වෙලේකවත් ආවේ. ඒකට මේනුනම් හිටියේ ගොඩක් කේන්තියෙන්, මොකද ශිනී හැමදාම වගේ එයාගෙයි ශේන්ගෙයි වෙඩින් ෆොටෝ එක දිහා දුකෙන් බලන් ඉන්නවා.

Two Mothers 💘 || GL Short Story || (COMPLETED ✅)Where stories live. Discover now