"ඇයි ඔයා එහෙම කළේ?"
"මොකක්ද?"
"මං ඇහුවේ ඇයි ඔයා එයාට ඒ විදිහට කතා කළේ?"
"මොනාද මේ කියන්නේ ශිනී.... ඇහුනේ නැද්ද ඌ කිව්ව බලු කතාව. ඔයා මේ කාලෙදි ඒ වගේ දෙයක් අහන්න සුදුසු නැ-"
"කොහොම වුණත් ඒ මේ දරුවගේ තාත්තා!!! ඔයාට කොහෙන් ආව හයියක්ද මේනු එයාට එහෙම කතා කරන්න!!! ඒක මගේ පවුලේ ප්රශ්නයක්.... ඒක මං බලාගන්නම් ඔයා පැත්තකට වෙලා ඉන්න"
මේනුට කර කියාගන්න දෙයක් නැති වෙද්දි අමාරුවෙන් ඉඳගෙන හිටපු සෝෆා එකෙන් නැගිටලා ශිනී එයාගේ කාමරේට ගියේ මේනු එක්ක ගොඩක් තරහින්.
ශේන් මොනවා කලත් ශිනීට එයා ගැන ගොඩක් ලොකු ගෞරවයක් තිබුණා. මොකද එයා දැන් ලොකු වගකීමක් තියෙන ගෑනියෙක්. ශේන්ගේ දරුවගේ අම්මා එයා. ඒ ගැන හිතලා කොච්චරනම් හිත හදා ගන්න හැදුවත් ශිනීට කාමරේට ගියායින් පස්සේ ඒ මුළු වෙලාවෙම හිතුනේ ශේන් තව කීදෙනෙක්ට මෙහෙම කරලා ඇත්ද කියලා. ඒ වගේම ශේන් කිව්වා එයාට තවත් දරුවෙක් ඉන්නවා කියලා. ඒ දරුවටත් දවසක වෙන්නේ මේ දැන් ශිනීට වුණ දේම නේද කියලා හිතෙනකොට ශිනීට තමන් කොච්චර පව්කාරද කියලා හිතෙද්දි ආදරෙන් අතගෑවේ එයාගේ බඩ. ඇඳේ ඉඳගෙන ආයෙමත් වෙඩින් ෆොටෝ එක දිහා බලන් ඉද්දි ආව ක්ෂනික අදහසක් නිසාම ෆ්රේම් එක කැඩෙන්නම ෆොටෝ එක පොළොවේ ගහපු ශිනී බිමට නැමිලා වීදුරු කටු මැද කිසිම හීරීමක් නැතුව තිබ්බ වෙඩින් ෆොටෝ එක කෑලි කෑලිවලට ඉරලා විසි කළේ එයාගේ කඳුලු කැට එක දෙක කම්මුල දිගේ රූටලා යද්දි.
ශිනී ගිය සැනින් මේනු එයාගේ ෆෝන් එක අරන් ශේන්ගේ කන්ටෑක්ට් නම්බර් එකේ ඉඳන් ඒ තිරිසනාගේ මතකෙකට කියලා තියෙන හැම දෙයක්ම ඩිලීට් කළේ ශේන් ළඟ හිටියනම් පන පිටින් වලලන තරම් කේන්තියකින්. ඒත් එක පාරටම වීදුරුවක් බිඳෙන සද්දයක් ශිනීගේ කාමරේ පැත්තෙන් ඇහුනම කලබල වෙච්ච මේනු ඉක්මනට දුවලා ගියේ ශිනී මොනවා කරගෙන ඇත්ද කියලා ඇත්තටම බය වුණ නිසා. යද්දි එයා දැක්කේ ඇඳ උඩ ඉඳගෙන බිම විසිරිලා තියෙන කොළ කෑලි දිහා ඔහේ බලාගෙන ඉන්න ශිනීව. ෆොටෝ එක ගන්න ගිහින් ශිනීගේ දකුණු අත ගාව චුට්ටක් කැපිලා ලේ ආවත් ඒක ගානක් නැතුව ශිනී ටයිල් පොළොව දිහා බලන් හිටියේ ලෝකෙම එපා වුණු ගාන්ට.
YOU ARE READING
Two Mothers 💘 || GL Short Story || (COMPLETED ✅)
Non-Fictionතමන්ව බඩදරු කරලා අතෑරලා ගිය මනුස්සයෙක් නිසා දුක් වෙන කෙල්ලෙක්. හිතේ තියෙන ආදරේ කියාගන්න බැරුව විඳවන තවත් කෙල්ලෙක්. ඒ දෙන්නටම මැදි වෙලා ඉන්න චූටිම චූටි පුංචි රෝස මලක්. ........................................................................ ~මං ඔයාට...