06 💘

328 50 0
                                    

ස්ටාලි ට දැන් මාස හතරක් වයසයි. ඔව්, ස්ටාලි තමයි ශිනීයි මේනුයි එකතුවෙලා පුංචි රෝස මලට දාපු නම. ඒකනම් මේනුගේ අදහසක්. පුංචි බබාගේ ඇස් හැමතිස්සෙම තරු වගේ දිලිසෙන නිසාලු එයාට එහෙම නමක් දාන්න හිතුනේ. ශිනීත් ඒකට කැමති වුණේ ඒ නම බබාට ඕනවටත් වඩා ගැලපෙන නිසා.

එදා ශිනී රූෆ්ටොප් එකෙන් පහළට ගිහින් බබා ගාවට වෙලා කල්පනා කරද්දි එයාගේ අම්මලා කෝල් කරලා මේනු ගැන හැම දෙයක්ම කිව්වා. ඒ වචන ඇහෙද්දි ශිනීට දරාගන්න බැරි අමුතුම ආදරණිය හැඟීමක් මේනු ගැන දැනුනා. අම්මලා මේනු ගැන කියද්දි ශිනීට හොඳටම ඇඬුනේ ෆෝන් එකේ අනිත්පැත්තේ ඉඳන් ශිනීගේ දෙමව්පියොත් අඬද්දි. සතියක කාලයක් ඉවර වෙද්දි ශිනී කලින්ට වඩා මේනුට ළං වුණා. හොඳම යාළුවෙක් විදිහට නෙමෙයි, ඊට එහා ගිය ඒත් තවමත් ආදරේට මෙහා විදිහට. ශේන්ගේ මතක අමතක කළත් එයාට හිත දුන්නේ නැහැ තවත් එයා වගේම '⁣කෙල්ලෙක්' ට ආදරේ කරන්න. ඒත් මේනුගේ උදව්වෙන් තව ටික කාලයක් යනකොට ශිනීට තේරුම් ගියා එයාටත් දැන් මේනු නැතුවම බැරි බව. ඉතිං... එයා තේරුම්ගත්තා. මේනුට කිව්වා එයත් ආදරෙයි කියලා. මේනු මේ දේ බලාපොරොත්තු වුණත් නොහිතපු විදිහට සතුටු වුණේ මේනුගේ ෆස්ට් කිස් එකත් එදා ශිනී හොරකම් කරපු නිසා.

අද මේනු ඩිවෝස් වෙනවා. රිශ්ගෙන් සදහටම වෙන්වෙනවා. ඒ වෙනකොටත් රිශ්ට වෙනත් සම්බන්ධයක් තිබුණ නිසා මේනුයි රිශුයි දෙන්නම ගෙවල්වලට කියලා මේ තීරණේට එළඹුණා. මේනුගේ දෙමව්පියන්ගෙන් එච්චර හොඳ පැසසුම් තිබ්බේ නැතත් එයාලා ළමයින්ගේ කැමැත්තට ඉඩ දෙන්න හිතුවා.

ඒත් එක්කම මේනු ශිනීට සප්‍රයිස් එකක් ලෑස්ති කළා. ඒ එයාලගේ රෙජිස්ට්‍රේශන් එක. මේනුගේ අම්මලා තාත්තලා එක්ක ශිනීගේ දෙමව්පියො කතා කරපු නිසාම එයාලගේ හිතත් ඒ වෙද්දි හැදිලයි තිබුණේ. එයාලා ඒ වෙනකන් හිතුවේ එයාලගේ කීර්තිය ගැන විතරයි. ඒත් ශිනීගේ දෙමව්පියන්ගේ වචනවලින් එයාලටත් මේනු ගැන දුක හිතුනා.

"ශිනී ඉක්මනට ලෑස්ති වෙන්න බබා... අපිට පරක්කු වෙයි නැත්තන්"

"හරි හරි අනේ.. කියව කියව ඉන්නැතුව මට බබාට අන්දන්න උදව් කරන්නකෝ"

Two Mothers 💘 || GL Short Story || (COMPLETED ✅)Where stories live. Discover now