හවස් වෙද්දි ශිනීටයි බබාටයි ගෙදර යන්න ටිකට් කැපුවා. ශිනීගේ අම්මට කොච්චරනම් ඕනි වුණත් ශිනීවයි බබාවයි එයාලගේ ගෙදර එක්කන් යන්න, එයාලා හිතුවා දිගටම එයාලට මේනුගේ ගෙදර ඉන්න දෙන එක හොඳයි කියලා. සතියට තුන්පාරක්වත් ශිනීවයි බබාවයි බලන්න එන්න පොරොන්දු වෙලා මේනුගේ ගෙදරින් ශිනීගේ අම්මායි තාත්තායි ගියාම චූටි බබාව හුරතල් කර කර මේනු ගියේ ශිනීගේ රූම් එකට. ඒ රූම් එකට චූටි බබාට තොටිල්ලකුයි සෙල්ලම් බඩු ගොඩකුයි කාමරෙන් බාගෙකටත් වඩා අහුරලා තිබුණා.
"මෙච්චර බඩු තියෙද්දි අපි නිදාගන්නේ කොහෙද මේනු... ඔයාටත් පිස්සුද මංදා ඇයි මෙච්චර කරදර වුණේ?"
"මේවා ඔයාට නෙමෙයි අම්මි මේවා චූටි බබාට"
"අම්මි?"
"ඇයි ඔයා බබාගේ අම්මි නෙමෙයිද"
"හරි හරි ඒවයින් වැඩක් නෑ... මේනු, ඔයාට පුළුවන්ද බෑග් ටික අස් කරන්න?"
"අයියෝ ඕක මොකද්ද නේද බබා. බබා අම්මි ගාවට චුට්ටකට යන්නකෝ, මං ඩිං ගාලා ගියා ඩුං ගාලා ආවා හොඳේ"
ඒලියන් කෙනෙක් වගේ මේනු දිහා ඇස් දෙකත් ලොකු කරන් චූටි බබා බලන් ඉද්දි මේනු එයාගේ රෝස පාට කම්මුල් දෙක ලාවට මිරිකලා කාමරෙන් එළියට දුවලා ගියේ ඉක්මනට බෑග් ටික අස් කරලා ආයෙත් දඟමල්ලත් එක්ක හුරතල් වෙන්න එන්න බලාගෙන.
"මං ආවා!!!"
"ශ්ශ්ශ්... සද්ද කරන්න එපා බබා නිදි"
"අයියෝ ශිනී ඇයි ඔයා එයාව දොයි කෙරෙව්වේ..."
"ඇයි අහන්නේ? පිස්සුද මංදා මේනු ඔයාටත්"
"හ්ම්......"
කතා කර කරම දෙන්නම කුස්සියට ගියේ මේනු උයන්න පටන් ගනිද්දි.
"අාහ් මේ... අපි එයාට නමක් දාමු? මං මෙච්චර වෙලා ඒක ගැන හිත හිත හිටියේ... ලස්සන නමක් මතක් වෙන්නේ නැහැනේ"
"අපි එයාටත් ඕන්නම් ශිනී කියමු"
"ඒ ඇයි මගේ නම?"
"මොකද බබාත් අම්මා වගේ ලස්සන රෝස මලක්නේ"
"බබා හම්බුනාට පස්සේ මගේ ඇඟ මොකද්ද වෙලා වගේ, මං කැත වෙලා"
YOU ARE READING
Two Mothers 💘 || GL Short Story || (COMPLETED ✅)
Non-Fictionතමන්ව බඩදරු කරලා අතෑරලා ගිය මනුස්සයෙක් නිසා දුක් වෙන කෙල්ලෙක්. හිතේ තියෙන ආදරේ කියාගන්න බැරුව විඳවන තවත් කෙල්ලෙක්. ඒ දෙන්නටම මැදි වෙලා ඉන්න චූටිම චූටි පුංචි රෝස මලක්. ........................................................................ ~මං ඔයාට...