03💘

327 53 0
                                    

මාස තුනක් හරිම ඉක්මනට ගෙවිලා ගියේ ශිනීගේ ඩිලිවරි ඩේට් එකත් ළං වෙද්දි. කොච්චර ශේන්ව හිතින් අයින් කරන්න හැදුවත් ශිනී දැන් අසරණ වෙලා. එයා මෙහෙමවත් ඉන්නේ මේනු නිසා. දරුවාත් අරන් කොහේ කියලා යන්නද... දෙතුන් පාරක්ම බ්ලඩ් ප්‍රෙශර් වැඩි වෙලා ශිනීට අමාරු වුණා. මේනුත් අසරණයි. මොකද තාමත් ශිනීට මේනු කියන්නේ එයාගේ හොඳම යාළුවා, තවමත් ශිනීට එයාගේ හැම පුංචි දෙයක්ම කියන්න හිතක් තිබ්බේ නැහැ. කොහොමහරි දරුවාව හදාගන්නවා කියලා හිත හයිය කරන් ශිනී ඩිලිවරි එකටත් ලෑස්ති වුණා.

එදා එයාලා හොස්පිටල් එකේ හිටියේ. මේනු ශිනී ළඟින් අඩියක්වත් හෙල්ලුනේ නැහැ. පැය දෙක තුනක් යද්දි නර්ස්ලා කීපදෙනෙක් ට්‍රොලි එකක් අරන් ආවේ ශිනීව එක්කන් යන්න. ශිනීගේ නළලට කිස් එකක් දීලා බයවෙන්න එපා කියලා මේනු ඇඟෙව්වම ශිනී තවත් තද කරලා අල්ලගත්තේ මේනු අල්ලන් හිටපු අත.

බය නොවී කොහොමද..... මේ ශිනීගේ පළවෙනි පාර. අනික ශේනුත් නැහැ. ට්‍රොලි එකේ ලේබ(ර්) රූම් එකට යනකන්ම ශිනී ඇස්වහන් මතක් කළේ එයා ශේන් එක්ක ලස්සනට හිටපු දවස්.

...................

පැයක් විතර ගෙවිලා ගියා. මේනු නියපොතු හප හප ශිනී ඉන්න රූම් එක ඉස්සරහට වෙලා එහාටයි මෙහාටයි ඇවිදිනවා. ඒත් මේනු තරහින්. එයාට තරහා ගියේ ජීවිතේ ගොඩක් අමාරු වෙලාවකදි ශිනීව තනිකරලා ශේන් ගිය එකට. අද ශේන් මෙතන හිටියනම් ශිනී දුක් නොවෙන්න තිබ්බා. මේ මාස තුනටම ශිනී කොච්චර එයාගේ දුක හංගන්න හැදුවත් ඒක එයාට මේනුගෙන් හංගන්න බැරිවුණා. ගොඩක් දවස්වල රෑට ශිනීගේ කාමරෙන් ඉකි ගහනවා ඇහුනත් මේනු කිසි දෙයක් නොකර හිටියේ ශිනීගේ ප්‍රයිවසි එකට ඇඟිලි ගහනවා කියලා ශිනී අවුල් ගනී කියලා හිතලා.

ශිනී කරන්න කැමති වුණේ නෝමල් ඩිලිවරි එකක් නිසා එයාට ඒක ටිකක් අමාරු වුණා. ⁣ශිනීගේ ලොකු කෑගැහිල්ලක් එක්කම පුංචි බබෙක් අඬනවා ඇහුනම මේනුට කඳුලු වැටුණේ සතුටටම. අත් දෙකෙන් මූණත් වහගෙන එතන තිබ්බ පුටුවකින් වාඩිවෙලා මේනු අඩන්න ගත්තේ ගොඩක් හයියෙන්. කිසිම දුකකටවත් තරහකටවත් නෙමෙයි.... සතුටට. ශිනීට කිසි ප්‍රශ්නයක් නොවී ඩිලිවරි එක කරපු සතුටට. ඒත් ශිනී ඉන්නේ මොන වගේ සිටුවේශන් එකකද කියලා මේනුට ඒ වෙලාවේ හිතුනේ නැහැ.

Two Mothers 💘 || GL Short Story || (COMPLETED ✅)Where stories live. Discover now