ඔව්.... ශිනීට හම්බුණේ චූටි දුවෙක්. මේනු සෝස මල කියනකොට ශිනී මේනු දිහාම බලන් කල්පනා කරන්න ගනිද්දි මේනු ගොඩක් පරිස්සමින් මලක් වගේ ගෙනල්ලා චූටි පැටියාව ශිනීට පෙන්නුවා. මේනුගේ මූණේ ලොකුම ලොකු හිනාවක් ඇඳිලා. ඒ කාමරේටම මේනු තරම් සතුටින් හිටපු තවත් කෙනෙක් නැතුව ඇති. බබාව දැක්ක හැටියේ මේනු කිව්වා වගේම ශිනීටත් මතක් වුණේ එයාගේ පොඩි කාලේ ෆොටෝස්. අතක් දික් කරලා බබාව දෙන්න කිව්වම මේනු හෙමින් සැරේ ශිනී ළඟින්ම බබාව ඇඳෙන් තිබ්බේ ශිනීට හොඳට පේන විදිහට.පුංචි කඳුලු බිංදුවක් ශිනීගේ කම්මුල දිගේ ගලන් යද්දි මේනු ශිනීගේ ඔලුවත් අතගාලා කඳුලු පිහදාලා ශිනී දිහා බැලුවේ ගොඩක් ආදරනීය හිනාවක් මූණේ ඇඳගෙන.
ඒත් එක්කම එයාලට හොරෙන් ශිනීගේ අම්මා එයාගේ ෆෝන් එකෙන් ශිනීවයි, මේනුවයි එයාලගේ බබාවයි එකට ඉන්න විදිහට ෆොටෝ එකක් ගත්තා. එහෙම කරලා ශිනීගේ අම්මා කටට ඇඟිල්ල තියන් ශිනීගේ තාත්තාට පෙන්නුවේ කාටවත් කියන්න එපා වගේ.
"දුව....."
"අම්මා? තාත්තේ ඔයත්? ඔයාලා කොයි වෙලේද ආවේ?"
"අපි ඇවිත් දැන් ටික වෙලාවක් වෙනවා දූ.... එහෙනම් මාත් දැන් ආච්චි අම්මා කෙනෙක්..... ඒත් තාම මගේ කොන්ඩේ ඉදිලා නෑ හරිද"
ශිනීගේ අම්මා ශිනීගේ බබාව හුරතල් කරන ගමන් එහෙම කියලා එයාගේ කොන්ඩෙත් බෙල්ලෙන් පස්සට දාන ගමන් කියද්දි ශිනී පවා හිනාවුණේ එයාගේ ඇඟ ඇතුලින් එන වේදනාවවත් මතක නැතුව.
"ශිනී.... ඩොක්ට කිව්වා අද හවසට ටිකට් කපනවා කියලා.... එතකොට ගෙදර යන්න පුළුවන් වෙයි.... ඔයාට ගොඩක් අමාරුද මැනික?"
"ගෙදර යන්න පුළුවන් නම් හොඳයි... පැය ගානක් ඇඳටම වෙලා ඉඳලා එපා වෙලා අප්පා.... යටි බඩත් ටිකක් රිදෙනවා.... වෙන ප්‍රශ්නයක් නැහැ"
"ඉන්න මං ඔයාට හොට්පැක් එකක් ගේන්නම්... එතකොට ටිකක් අඩුවෙයිනේ"
මේනු බබාගේ නලලට චූටි කිස් එකක් දීලා රූම් එකෙන් එළියට ගියේ ශිනීට හොට්පැක් එකක් ගන්න. ඒත් එක්කම හුස්මක් අරන් ආයෙත් ශිනීගේ දෙමාපියෝ ශිනී ගාවට ළං වුණා.
YOU ARE READING
Two Mothers 💘 || GL Short Story || (COMPLETED ✅)
Non-Fictionතමන්ව බඩදරු කරලා අතෑරලා ගිය මනුස්සයෙක් නිසා දුක් වෙන කෙල්ලෙක්. හිතේ තියෙන ආදරේ කියාගන්න බැරුව විඳවන තවත් කෙල්ලෙක්. ඒ දෙන්නටම මැදි වෙලා ඉන්න චූටිම චූටි පුංචි රෝස මලක්. ........................................................................ ~මං ඔයාට...