part 5

115 24 11
                                    

ජන්ග්කූක් ටේහ්යුන්ග් ගේ ගෙදර වැඩට ඇවිත් දැන් මාස දෙකකට කිට්ටුයි මේ ගෙවුණු කාලේ තුලදී ජන්ග්කූක් ටේහ්යුන්ග් අතරේ පෙරට වඩා හොද වටහගැනීමක් වගේම අදුරගැනීමක් සිද්ද වුණා . මේ කාලය තුලදී පෙරට වඩා ජන්ග්කූක් හා ටේහ්යුන්ග් කතා බහ කර අතර ටේහ්යුන්ගේ හිතේ අමුතුවෙන්ම ජන්ග්කූක් ගැන දැනෙන හැඟීම් මොනවද කියන්න ටේහ්යුන්ග් දැනන් හිටියේ නෑ . අත්වැරදීමෙන් වෙන පොඩි පොඩි ස්පර්ශයන් , ඇස් ගැටීම ටේහ්යුන්ග් ගේ හිතට තදින් බලපාලා තිබුනේ . ටේහ්යුන්ග් ට අවශ්‍ය නොවුනත් ටේහ්යුන්ග් ජන්ග්කූක් ගේ බෝල ඇස් වල අතරමන් වෙලා හිටියේ . හැම දාම උදේට ජන්ග්කූක් ව දකින්නත් රෑ නින්දට පෙර ජන්ග්කූක් ව දකින්නත් ටේහ්යුන්ග් පුරුදු වෙලා හිටියා , නෑ ටේහ්යුන්ග් ඒක බලාපොරොත්තු වුනා . නමුත් ටේහ්යුන්ග් අතින් ජන්ග්කූක් ට වෙන හිත් රිදිම්නම් අඩු වුනේ නෑ . මොන දේ කොහොම උනත් ටේහ්යුන්ග් ජන්ග්කූක් අතර වෙන පොඩි කතාබහත් ජන්ග්කූක් ගේ හිතේ සතුටක් ඇති කරා

මේ මාස දෙක පුරාවට වුන දේවල් වලට ජන්ග්කූක් ගේ හිත සතුටින් පිරිලා තිබ්බත් ටේහ්යුන්ග් තමන්ට මේ දැනෙන හැඟීම් අදුරගන්න බැරුව අතරමන් වෙලා හිටියේ . අනිත් අතට ටේහ්යුන්ග් ට හැඟීම් වලට වහල් වෙන්න හැඟීම් අස්සේ හිර වෙන්න හැකියාවක් නෑ ටේහ්යුන්ග් ට වෙන අරමුණක් තියනවා . හැඟීම් ඉස්සරහ දුර්වලයෙක් වෙන්න ටේහ්යුන්ග් ට පුළුවන්කමක් නෑ .

හෙට ජන්ග්කූක් ගේ graduation එක ජන්ග්කූක් ඒක ටේහ්යුන්ග් ට කිව්වේ හිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙනයි . තමන්ගේ කියලා හිටපු අයියත් වෙන රටකට තම සහකාරය එක්ක යද්දී ජන්ග්කූක් කොරියාවේ තනි වුනා . නමුත් තමන්ගේ අයියා ගැන හැමවෙලේම හොයන්න ජන්ග්කූක් පුරුදුවෙලා හිටියා . තමන්ගේ අයියා ජින් ටත් අයියගේ සැමියා නම්ජූන් ටත් වද දෙන්න ජන්ග්කූක් ට උවමනාවක් තිබුනේ නෑ . මෙච්චර කල් තනිව හැම දේම කරගත්තා වගේ ජන්ග්කූක් graduation එකටත් තනියම යන්න හිත හදාගත්තා .

ජන්ග්කූක් ගේ යටි හිත ටේහ්යින්ග් එයි කියල ටේහ්යුන්ග් ව බලපොරෝත්තු වෙනකොට උඩු හිත ටේහ්යුන්ග් එන්න හේතු හෙව්වා . උදේන්ම අවදි වුන ජන්ග්කූක් ටේහ්යුන්ග් ගේ තේ එකත් කෑම බිමත් හදල ටේහ්යුන්ග් නැගිටින්නත් කලින් ලෑස්තිවෙලා කැම්පස් එකට ගියේ හෙටට නියමිත වැඩ ටිකක් කරගෙන එන්නයි . කැම්පස් එකේ යාලුවෝ හම්බුනාට පස්සේ වෙලාව යනවවත් නොදැනුන ජන්ග්කූක් ගෙදර එනකොට ගොඩක් රෑ වෙලා තිබුනේ . ජන්ග්කූක් ගේ හොදම යාළුවා බෝගම් උත් බෝගම් ගේ ආදරවන්තිය අයිකා ත් රාත්‍රී අහරයත් අරගෙනම ගෙදර යන්න කතා කරගත්තු නිසා ජන්ග්කූක් ඒ බව ටේහ්යුන්ග් ට දැනුම් දුන්නා . අයිකා ව ගෙදරින් බස්සපු බෝගම් ජන්ග්කූක් ගේ දැඩි අකමැත්ත මතම ජන්ග්කූක් ව ගෙදරින් බැස්සුවා .

Love to be Loved 🥀  Where stories live. Discover now