part 10

118 20 2
                                    

අද සති අන්තයේ දවසක් නිසාත් ටේහ්යුන්ග් ට කරන්න වැඩක් නොතිබුන නිසාත් ටේහ්යුන්ග් අද දවස ජන්ග්කූක් එක්ක ගත කරා . උදේ ජන්ග්කූක් ව පිරිසිදු කරාට පස්සේ තමන්ගේ අතින්ම ජන්ග්කූක් ට ඇදුම් අන්දවලා කොන්ඩේ පීරන එක කරේ හරියට තාත්ත කෙනෙක් තමන්ගේ ලමයව බලාගන්නවා වගේ .

ජන්ග්කූක් කලින් හොද පෝසත් පවුලක දරුවෙක් වුනත් දෙමවුපියන්ගේ ආදරේ ලැබුනේ හරිම අඩු කාලයක් විතරයි . ජන්ග්කූක් ට ඇත්තටම හරිම ආදරණිය දෙමවුපියන් හිටියේ . ටේහ්යුන්ග් තමන්ගේ කොන්ඩේ පිහිදලා මෙහෙම තමන්ව ලෑස්ති කරනකොට ජන්ග්කූක් ට ගොඩක් දුක හිතුනා ඇස් අගට එන කදුළු නවත්තගන්න ජන්ග්කූක් ලොකු සටනක්.  මෙච්චර වෙලා තමන් දිහා තරු ඇස් වලින් බලන් හිටිය ජන්ග්කූක් දැන් බිම බලන් ඉන්නේ ඇයි කියලා බලන්න ටේහ්යුන්ග් තම දබර ඇගිල්ල් ජන්ග්කූක් ගේ නිකට යටින් තියන ගමන් ජන්ග්කූක් ගේ ඇස් හා තම ඇස් සම්බන්ද කරා. නමුත් ජන්ග්කූක් ටේහ්යුන්ග් ගේ ඇස් මාගරින එක ටේහ්යුන්ග් ට ප්‍රශ්නයක් වුණා .

lady bird ඇයි මේ ?

එත් එක්කම කුඩා ඉකියක් ජන්ග්කූක් ගේ කටින් පිට වුනත් ටේහ්යුන්ග් ඉස්සරහා අඩන්න තියන අකමැත්ත නිසා ජන්ග්කූක් කාමරයෙන් එලියට යන්න අඩියක් තිබ්බත් අයෙමත් ශක්තිමත් අත් දෙකක් තමන්ගේ ඉන වටා එතෙමින් තමන්ව ශක්තිමත් පපුවක උනුහුමකට ඇදී යනවා වගේ ජන්ග්කූක් ට තේරුණා . ඔව් ටේහ්යුන්ග් ජන්ග්කූක් ව තමන්ගේ උනුහුමට ගත්තා.

ඇයි මේ ?

හ්යුන්ගී

ඇයි  මේ මගේ ලැවෙන්ඩ මල දැන් අඩන්නේ , හ්යුන්ග් මොකක්ද කරේ ?

හ්යුන්ගී මාව දාල යන්නෙපා ,
අනේ මාව කවදාවත් දාල යන්නෙපා

ජන්ග්කූක් ,
..... ඇයි මේ ?

මට මෙහෙම ආදරයක් ලැබිලා නෑ . මගේ අම්ම තාත්තා නැති උනාට පස්සේ මෙහෙම ආදරයක් ලැබිලා නෑ . මාව දාලයන්නෙපා මට ඒක දරාගන්න අමාරු වෙයි .

Love to be Loved 🥀  Where stories live. Discover now