part 1

336 33 17
                                    

රාත්‍රී 8.00 කණිසම අසල ඔරලෝසු කණුවක වැදෙන්නට විය . සුකොපබෝගී වහනයක් තුල තම ගොදුර එනකන් මාන බලන්නාක් මෙන් බලන් ඉන්න කඩවසම් තරුණයෙකුත් , 6.30 ට වැඩ ඇරී ගෙදර යාගන්න විදිහක් නැතුව බඩගින්නත් නිදිමතත් අතර අතරමන් වී ඉන්න තවත් තරුණයෙක් විය ,

කීයේ ඉදන්ද මේ ? කවුරු එනකන් ද මෙච්චර වෙලා බලාගෙන ඉන්නේ ?

බලාගෙන ඉදල බැරිම තැන කටහඩ අවදි කරන්න ඒ තරුණය හිතුවේ තවත් හිටියොත් කෙලින්ම හෙට වැඩටම මෙහෙමම යන්න වෙන බව දන්න නිසා

ජිමින් , මට ගෙදර වැඩට කෙනෙක් ඕනේ

හරි මම හොයල දෙන්නම්

නෑ දැන්ම ඕනේ

මේ දැන් ගෙදර වැඩට මිනිස්සු මම කොහෙන් හොයන්නද ? අදට මම කෑම හදල දෙන්නම් .

නෑ , නෑ අර අර පේනවද අර තේ කඩෙන් එලියට එන කාන්තාව ?

ඔව් , ඔලුව වැහෙන්න හිස් ආවරණයක් පලදල ඉන්න කාන්තාව නේද ?

ඔව් , ඔව් එයා , හොදට බලාගන්න හෙට කාවහරි එවල එයාව ගෙදර වැඩට ගන්න බැරි වෙයිද ?

මට කියන්න පුළුවන් හැබැයි ඒ කාන්තාව වැඩට එයි ද කියන්න මට විශ්වාසයක් නෑ ටෙහ්යුන්ග්

එයා එනවා ජිමින්ශි !

හරිම ස්තිර කටහඩකින් කතාකරන ටෙහ්යුන්ග් දිහා ජිමින් බලන් හිටියේ පුදුමෙන් .
පුදුම වෙන්න ගොඩක් හේතු ජිමින් ට තිබුන . මේ වගේ ගරාවැටුණු තේ කඩයකින් එලියට එන කාන්තාවක් තමන්ගේ ගෙදර වැඩට ගන්න කියන එකත් , පිරිසිදු කමේ උපරිමයට හැම දෙයක්ම බලන ටෙහ්යුන්ග් හරි හැටි විස්තරයක් වත් නොදන්න කාන්තාවක් ගෙදර වැඩට ගන්න කියන එකත් ජිමින් ගේ හිතේ පුදුමයකුත් ප්‍රශ්නාර්ටයකුත් ඉතුරු කරා .

මේ හැම හෙතුවකටමත් වඩා තනියම ජිවත් වෙන්න කැමති ටෙහ්යුන්ග් හිටි හැටියේ මේ විදිහට ගෙදර වැඩකට කෙනෙක් ගන්න එක ජිමින් ට ප්‍රශ්නයක් වුණා . පත්තරේ දැන්වීමක් දැම්මනම් සියලුම වර්ගයේ දක්ෂතා තියන පළපුරුදු කෙනෙක් වැඩට ගන්න එක කොරියාවේ ප්‍රසිද්ද වගේම කෙටි කාලෙකින් සාර්ථකත්වයේ හිනිපෙතටම පැමිණි ව්‍යාපාරික ටෙහ්යුන්ග් ට මහලොකු දෙයක් නොවන බව ජිමින්ශි දැනගෙන හිටියා .

Love to be Loved 🥀  Where stories live. Discover now