ටේහ්යුන්ග් උදේ නැගිට්ටේ පෙර දින තමන්ට දැනුනු උණුහුම හොය හොය නමුත් ටේහ්යුන්ග් ට පෙර දින ජන්ග්කූක්ගෙන් ලැබුණු උණුහුම දැනුනේ නම් නෑ . කාමරේ වටපිට ඇස් යවපු ටේහ්යුන්ග් නාන කාමරේ කිට්ටුවට කන් යොමු කරේ ජන්ග්කූක් ගේ සද්දයක් එතනින්වත් එයි කියල බලාපොරොත්තු වෙලා . නමුත් නාන කාමරේ අසලින් සද්දයක් එන්නේ නැති තැන ටේහ්යුන්ග් පඩිපෙළ බැහැගෙන පහල මාලය වෙතට ගමන් කරා .
ටේහ්යුන්ග් ඉස්සරහ පේන දර්ශනය දිහා බලන් ඉන්නද නැත්නම් ඒ දර්ශනය ලගට ගොස් රසවිදින්නද කියල ටේහ්යුන්ග් ට හිතාගන්න බැරි වුණා . තමන්ගේ ආදරවන්තයා නැගිටින්න කලින් හරි හරියට ඔහුට උදේ කෑම සකසන්න මහන්සි වෙන ජන්ග්කූක් ව දකිනකොට ටේහ්යුන්ග් ට ඒ දිහා බලාගෙන විතරක් රසවිදින්න හිත දුන්නේනම් නෑ
ජන්ග්කූක් ගේ බෙල්ල අසලින් අමුතු හිරියක් එක්ක දැනෙන උණුසුම් හුස්මත් තමන්ගේ ඉන වටා හැඩි දැඩි අත් යුගලක් බැදෙනවත් දැනෙනවත් එක්කම ඒ දිහාට ඔලුව හරවපු ජන්ග්කූක් ට දැකගන්න ලැබුනේ යටි තොල සපාගනිමින් එක් ඇහි බෑමක් උස්සාගෙන ඉන්න ටේහ්යුන්ග්වයි .
ඇයි ආවේ ?
ආ ?
ඇයි ඇදෙන් නැගිටලා ආවේ ?
හ්යුන්ග් නැගිට්ටම බඩගිනි වෙන නිසා කෑම හදන්න
ජන්ග්කූක් ඉන්නකොට මට බඩගිනි හැදෙන්නේ නෑ ,
මම ආසයි ඒ උනුහුමේ නිදාගන්නහ්යුන්ග්
ජන්ග්කූක් මොනවද හදන්නේ ?
වෝෆ්ල්ස් , බේකන් , මේපල් සිරප් එක්ක
හ්ම්ම්ම් .............
හ්යුන්ග් පුටුවෙන් ඉදගන්න මම කෑම මේසෙට ගේන්නම්
ජන්ග්කූක් ට මම මෙහෙම ඉන්න එක අපහසුවක්ද ?
YOU ARE READING
Love to be Loved 🥀
Romanceහිමි වීමත් අහිමි වීමත් ජිවිතේම උන තරුණයෙක්ට අහිමි වීමේ වේදනාව තවත් එක දරගැනීමක් පමණක්ම වේවී 🥀 taekook ff Sinhala ff (🔞 & 21+ ) mature content are included ⚠️⚠️