part 7

109 21 3
                                    

වෙනදට නැගිටිනකොට නොදැනෙන උනුහුමකුත් තමන් වටා යමක් එතී ඇති බවකුත් දැනෙනකොට ජන්ග්කූක් කලබලෙන් ඇස් ඇරිය , ඒත් එක්කම වෙනදට තමන් ඔලුව තියන කොට්ටයේ පාට වෙනස් වී වගේ දැනුනු ජන්ග්කූක් ඔලුව උස්සල බැලුවත් ඒ වේගයෙන්ම ඇදේ කෙලින් වුනේ තමන් පෙර දින රෑ පහන් කර ඇත්තේ ටේහ්යුන්ග් ගේ උනුහුමේ බව තේරිලයි .

තමන්ගේ උනුහුමේ හිටපු ජන්ග්කූක් ගැස්සිලා ඇහෙරෙන බව තේරුණ ටේහ්යුන්ග් හිමින් හිමින් තම ඇස් අරිද්දී තමන් ඉදිරියේ තිබුණු දර්ශනය නිසා කට කොනට ඇදුනු හිනාවත් එක්කම ජන්ග්කූක් දිහා බලන් හිටිය

හි..... හ්යුන්ග්

ජන්ග්කූක් අනිත් කෙනාව ඇහැරවන්නේ නැතුව නැගිටින්න දන්නෙම නැද්ද ?

මම..... මට .. ... සමාවෙන්න
ආයේ එහෙම වෙන්නේ නෑ .

...
එහෙනම්
ආයෙත් මෙහෙම නැගිටින්න
ජන්ග්කූක්ෂි කැමති වගේ

න් ... නැ ... නැ  ...
එහෙම දෙයක් නෙමෙයි හ්යුන්ග්

එහෙනම්
කොහෝම දෙයක්ද ජන්ග්කූක් ?

හ්යුන්ග් ?

ජන්ග්කූක් මට මහන්සි ,
නිදිමතයි ජන්ග්කූක් ටත් තව නිදිමතනම් නිදාගන්න .

උදේ කෑම ?

ඕනවෙනේකක් නෑ
මම ආයේ නිදාගන්නවා

ටේහ්යුන්ග් තමන්ගේ කාමරේ තමන්ගේ ඇදෙ තමන්ට එහා පැත්තේ නිදන් ඉන්න එක ජන්ග්කූක් ව පුදුමයට පත් කරා . මුලින් ටේහ්යුන්ග් නිදිමතෙන් තමන් ලගට එන්නැති කියලා හිතුවත් නැවත වතාවක් තමන්ගේ කොට්ට අස්සේ ටේහ්යුන්ග් ගුලි වෙනකොට ඒක වැරදීමක් නොවන බව ජන්ගකූක් ට තේරුණා . ඒත් ඇයි , ඇයි අද මේ වෙනසක් ? ජන්ග්කූක් දැහැනට සමවැදීල වගේ ටේහ්යුන්ග් ගේ මුණ දිහා බලාගෙන මේ වෙන දේවල් වලට හේතු හෙව්වා . නමුත් තමන් දිහා ඇහි බැමි හකුලුවගනිමින් බලන් ඉන්න ටේහ්යුන්ග් ව නම් ජන්ග්කූක් ට නොපෙනෙන්න ඇති .

Love to be Loved 🥀  Where stories live. Discover now