Part 6

127 24 2
                                    

ජන්ග්කූක් හිටියේ කැම්පස් එකෙන් එළියේ බෝගම් එක්ක ලොකු කතාවක . වසරේ හොදම ශිෂ්‍යට හිමි ත්‍යගය ජන්ග්කූක් ට හිමි වුනත් ජන්ග්කූක් ගේ හිතේ ඒ ගැන ලොකු සතුටක් තිබ්බේ නෑ . ජන්ග්කූක් ඒක පිටතට නොපෙන්වා ඉන්න ගොඩක් උත්සහ කරා , තමන්ට ඉස්සරහ පේන්න තියන දර්ශනය දිහා ජන්ග්කූක් බලන් හිටියේ සතුට පිරුන දුකකින් . අනිත් ශිෂ්‍යන් තමන්ගේ දෙමවුපියන් එක්ක සතුටින් කතා බහ කරනකොට තමන් වෙනුවෙන් සතුටු වෙන්නවත් කෙනෙක් නොහිටීම ගැන ජන්ග්කූක් දුක් වුනා . ඇවිත් ඉන්න සෙනග අතරින් තමන් බලාපොරොත්තු උනත් නොඑවී යයි හිතපු රුවක් දකින විට ජන්ග්කූක් ගේ හදවත සාමාන්‍ය මනුස්සයෙක්ගේ හදවත ගැහෙන වේගෙට වඩා වැඩි වේගෙකින් ගැහෙන්න ගත්තා .

ඔව් ඒ ටේහ්යුන්ග් .

ටේහ්යුන්ග් ට හිතන්නවත් වෙලාවක් නොදුන්න ජන්ග්කූක් වේගයෙන් ගොස් ටේහ්යුන්ග් ව වැලද ගත්තේ දරුවෙක් තමන්ගේ දෙමවුපියන් ව වැලද ගන්නවා වගේ . එක පාරට වුන දේට ටේහ්යුන්ග් කලබල වුනත් ජන්ගකූක් තමන් ව වැලදගෙන ඉන්න විදිහ දැක්කම ටේහ්යුන්ග්ට ත් නොදනිම ටේහ්යුන්ග් ගේ මුවින් සිනහවක් නික්මුනා .

මට හරිම සතුටුයි හ්යුන්ග් ,
මම හිතුවේ එන්නේ නැති වෙයි කියලා

මම නොඉද ඉන්න හේතුවක්
තියනවද ජන්ග්කූක් ?

හ්යුන්ග් වැඩ වැඩි නිසා මට හිතුනා

ජන්ග්කූක් ආරාධනා කරාම
මට නොඉද ඉන්න බෑනේ

හ්යුන්ග් ,
මම තමයි මේ වසරේ හොදම ශිෂ්‍යයා

ජන්ග්කූක් මගේ සුබපැතුම් ,
අපි මේක සමරන්න ඕනේ .
ඒත් අද මට වැදගත් රැස්වීමක් තියනවා
මම දැන් යනවා එන්න රෑ වෙයි .
ජන්ග්කූක් කෑම හදන්නෙපා මම කෑම එවන්නම්
කාලා නිදාගන්න .

Love to be Loved 🥀  Where stories live. Discover now