ලයිකන් කින්ග් දිහා ජිමින් ඇස් ලොකු කරන් බලන් හිටියා.ඒත් ජන්කුක් එයාව ගණන්වත් නොගෙන ක්ලෝසෙට් එකට යද්දි ජිමින්ගෙ මූණ බෙරි වුනා.
ඒත් ක්ලෝසෙට් එකෙන් වයිට් ෂර්ට් එකක් එක්ක ටවල් එකක් ගෙනත් ජිමින් ගාව ඇඳට දාපු ජන්කුක් එයාගෙ අතින් ඇදලා ලඟට ගත්තාම ජිමින් ටෙඩීයෙක් වගේ ඔහේ ඇදිලා ආවෙ හරිම ලේසියෙන්.
ජිමින් සම්පූර්ණයෙන්ම තෙමිලා හිටියා වගේම ජන්කුක් ජිමින්ගෙ ෂර්ට් එක ඉරුව නිසා එයා හිටියෙ උඩුකය නිරුවත්ව.ජන්කුක් ජිමින්ගෙ ඇඟ දිහාට ඇස් ගෙනියද්දි ජිමින්ගෙ ධවල පැහැ ඇඟේ තැනින් තැන වතුර බිංදු රැදිලා තිබුනා.
ජිමින්ගෙ බෙල්ල වටේ එක අතක් යවපු ලයිකන් කින්ග් එයාගෙ මූණ තමන්ගෙ හුස්ම වැදෙන දුරට ලං කර ගත්තෙ ඇස් දිහාම බලන්.ජිමිනුත් විවර වුන තොල් වලින් බය වෙලා බලන් හිටියා ඇර එයාම දැනන් හිටියෙ නෑ කියන්න ඕනි දෙයක්.
"ඔය කොණ්ඩෙ පිහදාන් මේක ඇඳ ගන්නවා මං එනකන්. තමුන්ට මං කියනකන් පිට වෙන්න තහනම්..ෂිට් ! බලනවා තමුසෙ හින්දා මාව තෙමුණා."
ජන්කුක් ජිමින්ගෙ මූණට ම තරහෙන් පිරුණ කටඬින් කියලා එයාව ආයෙමත් බෙල්ලෙන් ම තල්ලු කලා.පුළුන් වගේ ජිමින් ආයෙමත් විසි වෙලා ඇඳට වැටුණාම ලයිකන් කින්ග් එයාගෙ ෂර්ට් එක ගලවන ගමන්ම වොෂ්රූම් එකට යන්න ගියෙ ජිමින් දිහා බලන්නෙවත් නැතුව.
"වස නපුරෙක් 😕 "
ජිමින් මිමිණුවෙ ජන්කුක් ඇතුළට ගිහින් දොර වේගෙන් වහලා දාද්දි.
"මට තමුන් කියන දේවල් ඇහෙනවා.දැන්ම මැරෙන්න ඕනිද ආ? "
ලයිකන් කින්ග්ගෙ නපුරු කටහඬ එකපාරට ජිමින්ට ඇහෙද්දි ජිමින් ගැස්සිලා ගිහින් ලඟ තිබුන කොට්ටයක් පස්සෙ හැංගුණා.
ටික වෙලාවක් සද්ද නැතිව වෙනකන් බලපු ජිමින් හෙමීන් අත දික් කරලා ටවල් එක අරන් පිහදා ගන්න ගත්තෙ ලයිකන් කින්ග් ආයෙමත් තරහ ගස්සන්න ඕනි නැති නිසා.මූණත් බෙරි කරන් ටවල් එකෙන් කොණ්ඩෙ අවුල් කරන් පිහදාපු ජිමින් කාමරේ වටේටම ඇස් යවන්න ගත්තා.
ජන්කුක් ජිමින් වැටුන බාත් ටැබ් එකේ රෝස මල් පෙති කැළතිලා තියන විදිහ බලන් ලොකු කල්පනාවක ගිලිලා හිටියා.ඒකට බහින ගමන් ඇතුළු බිත්තියට හේත්තු වුන ජන්කුක් රෝස පෙති අතට ගන්න ගමන් සුවඳ බැලුවා.