ජන්කුක්ගෙ ඇස් පුදුමෙන් ලොකු වුනේ ජිමින් එයාගෙ බෙල්ල බදාගෙන කෑ ගහලා අඬන්න පටන් ගත්ත නිසා.කවදාවත්ම කවුරුත්ම ලයිකන් කින්ග්ට අතවත් තියලා නැතුව ඇති.විශේෂයෙන්ම ඔමේගා කෙනෙක් මේ වගේ?ජන්කුක් පුදුම වුන අනිත් දේ එයාට ජිමින්ව එක්ක තරහ නොයා මරන්න නොහිතෙන එක.මෙතෙක් ජිමින් කරපු දේවල් වලට හරි නම් ජිමින්ව මරලා මදි කියලා ජන්කුක්ට හිතුනෙ.
"කිව්වනෙ අඬන එක නවත්ත ගන්නවා..! කෝ එනවා යන්න.තමුසේ ආයෙත් තෙමිලා.."
ජන්කුක් ජිමින්ට කියන ගමන් එයාගෙ බෙල්ල වටේ පැටලිලා තියන ජිමින්ගෙ අත් ගලවන්න හැදුවා.ඒත් ජිමින් තදින් අල්ලන් හිටියෙ ගලවන්න බැරි වෙන්න.එයා බෙල්ල බදාගෙන ඒ බෙල්ල අස්සෙ ම මූණ හංගන් අඬන්න අරන් තිබුනා.
"ඔයා දැන් අයින් වෙන් නැද්ද?"
ජන්කුක් උපරිම සන්සුන් වෙන්න හදන ගමන් ඇහුවෙ.
"ම්හු..බෑ මං මේම ඉන්නවා.ඔයා ගාව සුවඳයි..🥺 "
ජිමින් ජන්කුක්ගෙ මූණ දිහා බලලා කියලා ආයෙමත් බෙල්ල අස්සෙ මූණ හංගගත්තා.
ජන්කුක් ලොකු හුස්මක් යවන ගමන් ජිමින්ගෙ ඉණ වටෙන් අත යවලා තමන්ගේ ඇඟට තද කරන් එයාව උස්සන්ම නැගිට්ටා.ජිමින් කෝලා පැටියෙක් වගේ එයාව බදාගෙන ම හිටියා.එයා ජන්කුක්ගෙ ඉණ වටේ කකුල් දාලා තද කර ගත්තා.
( මේ වගේ )
"තමුසේ මහ කරදරකාරයෙක්."
ජන්කුක් ජිමින් වඩාගෙන ම රූම් එකට ගිහින් දෙවනි පාරටත් එයාව ඇඳ උඩට අතෑරියා.
ඒත් මේ පාර නම් ජිමින් වැටුනෙ නෑ.එයා තාමත් ජන්කුක්ගෙ බෙල්ල බදාගෙන ම හිටියා.ඒ හින්දම ජන්කුක් ජිමින්ව අරන් ම ඇඳෙන් ඉඳ ගත්තෙ නහයෙන් පිඹන ගමන්.