After four days
Magic Forest
Namjoon's House
ඇඳේ නිදාගෙන ජන්කුක්ගෙ නළලින් එයාගෙ අත තියලා උෂ්ණත්වය බලලා සැනසුම් සුසුමක් හෙලුව ජිමිනී එයාගෙ ඇඟිලි තුඩු වෙළුම්පටි උඩින් ගෙනිච්චා. එයාගෙ තුවාල වගේම ගොඩක් ලොකු සුවයක් එයාට ලැබිලා තිබුනා.ජිමින් ජන්කුක්ගෙ අත අරන් ඒ මතින් හාදුවක් තිබ්බෙ තාමත් වේදනාවෙන් විඳවන හදවතින්.එයා එයාටම කවදාවත්ම සමාවක් නොදෙන්න හිතාගෙන ඉවරයි.
"මට සමාවෙන්න ජන්කුක්.. මං නිසයි ඔයා අද මේම ඉන්නෙ.."
ජිමින් මිමිණුවෙ ගොඩක් දුකෙන්.ජිමින්ගෙ දුක පිරුණ සෙන්ට් එක පැතිරිලා යද්දි ජන්කුක්ට ඒක තදින් දැනුනා.ජිමින් එයා ගාවම ඉන්නවා කියන එක එයාට තේරුණා.එයාට තේරුණා එයාගෙ ලොකු අත චූටි අත් දෙකකින් අල්ලන් ඉන්නෙ කියලා.ජන්කුක්ගෙ තොල් අතර හිනාවක් ඇඳුනෙ නිකන්ම.
ජිමින් දැනන් හිටියෙ නෑ ජන්කුක් ඇහැරලා ඉන්නෙ කියලා.එයාට ඉකි ගැහෙයි කියන බයට එයා ජන්කුක් ගාවින් යන්න හදද්දි එයාට දැනුනා එයාගෙ අත තදින් අල්ල ගන්නවා..
"මිනී..."
ජන්කුක්ගෙ ඩීප් කටහඬ ජිමින්ට ඇහෙද්දි එයා ගැස්සිලා ගියා.එයා හැරිලා බලද්දි ජන්කුක් එයාගෙ ඇස් ආදරෙන් පුරවගෙන එයා දිහා බලන් ඉන්නවා.ඒ ආදරය පිරුණ ඇස් ජිමින්ව පණ පිටින් දවනවා වගේ දැනෙද්දි එයා එයාගෙ අත ගලව ගන්න උත්සහ කලා.පුංචි රෝස මලට ඕනි වුනා එයාගෙ ලයිකන් කින්ග්ගෙන් පැනලා දුවලා හැංගෙන්න..
"වීනස්...."