02

171 65 4
                                    


#Kim Seokjin
Year - 2022

"හ්‍යෝන්ග්.........ජින් හ්‍යොන්ග්.....හ්‍යොන්ග් ඔයා හොදින්ද........" ජිමින් මට කතා කරත් මම හිටියෙ එයාට උත්තර දෙන්න පුලුවන් සිහියකින් නෙමෙයි. ෂියාඕගෙ රූපෙ මැවි මැවි පෙනෙද්දි මම ඒ හැම වතාවකම මට දොස් කියා ගත්තා....ෂියාඕව අන්තිමට අපාට්මන්ට් එකේදි දැකලා සතියකටත් කිට්ටුයි. එදා ෂියාඕ එක්ක කතා කරන්න ඕන උනත් මට ඒකට ශක්තියක් තිබ්බෙ නෑ...මේ සතිය පුරාම මම හිටියෙ හොද සිහියකින් නෙමෙයි. ෂියාඕව බලන්න යන්න ඕන උනත් තිබ්බ වැඩ ගොන්නත් එක්ක මට නිදා ගන්නවත් වෙලාවක් හම්බුනෙ නෑ . අනිත් අයට මගෙ මේ වෙනස තේරෙද්දි , මම රටේ නැති බොරු කියලා එයාලව මගෑරියෙ ෂියාඕ ගැන කවුරුත් දන්නෙ නැති නිසා. පැයක් තිස්සෙ තිබ්බ මීටින් එක ඉවර වෙද්දි අනිත් අය නැගිටින්නත් කලින් මම මීටින් රූම් එකෙන් එලියට දිව්වෙ අද කොහොම හරි ෂියාඕ එක්ක කතා කරනවා කියලා හිතාගෙන.

>>>>>>>


ෂියාඕගෙ අපාට්මට් එක ඉස්සරට වෙලා විනාඩි පහලවක් තිස්සෙ කල්පනා කරේ මොනාද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව... හිතට වදකාරී හැගීමක් දැනෙද්දි මම ආපහු හැරුනෙ ෂියාඕ ව ආපහු මුන ගැහෙන්නවත් මම සුදුසු නෑ නේද කියලා මතක් වෙද්දි. ඉස්සරහට තිබ්බ අඩිය මම එහෙම්මම තියාගෙන මම ගල් ගැහුනෙ මට අඩි කීපයක් දුරින් ඉන්න ෂියාඕ ව දැකලා.....

"ජින්...." ෂියාඕ ගෙ තොල් වලින් මගෙ නම මුමුනපු හැටි මම දැක්කා... මාස්ක් එකක් විතරක් දාගෙන හිටපු මාව ෂියාඕට අදුර ගන්න බැරි කමක් නෑ. අසරන කමකින් මම ෂියාඕ දිහා බලන් හිටියෙ සමාවෙන්න කියන්නවත් මට අයිතියක් නැති නිසා. මගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටපු ෂියාඕ ඇස් වලින් බේරුන කදුලු අත් වලින් පීදන ගමන් ඉක්මනට පාස් කෝඩ් එක ගහලා අපාට්මන්ට් එකේ ඇතුලට යද්දි මම එයාව ඉක්මනට නවත්ත ගත්තා.

"මට සමා---"

"ඇයි ආපහු මෙහාට ආවෙ?"

"ඒ කියන්නෙ ඔයා මාව අදුන ගත්තද?"

"මෙහෙන් යන්න..."

"මට ඔයා එක්ක කතා කරන්න ඕන ෂියාඕ"

"මම හිතන්නෙ ඔයා කියන්න ඕන දේවල් ඔක්කොම මීට අවුරුදු පහකට කලින් මට කිව්වා මිස්ට කිම්" රතු වෙච්ච ඇස් වලින් මගෙ දිහා තියුනු විදිහට බලාගෙන කියද්දි ෂියාඕගෙ අත අතෑරුනේ ඉබේටමයි.ඉස්සර ආදරේ උතුරන ඇස් වල අද තිබ්බෙ වෛරයක් විතරයි... ඒකට හේතුවත් මම නේද කියලා මතක් වෙද්දි මට පුලුවන් උනේ අසරන විදිහට ෂියාඕ දිහා බලන්න විතරයි. ෂියාඕ අපාට්මට් එක ඇතුලට ගිහින් දොර වහ ගනිද්දි මම වූශික්ට කෝල් කරලා අද මට එයාගෙ අපාට්මන්ට් එකේ නවතින්න පුලුවන්ද කියලා ඇහුවෙ ඩෝම් එකට යන්න මගෙ හිත ඉඩ දුන්නෙ නැති නිසා..

𝐌𝐲 𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐇𝐲𝐚𝐜𝐢𝐧𝐭𝐡 || 𝐊𝐒𝐉 ✔ (Completed) Where stories live. Discover now