07

136 61 10
                                    

⚠️️ Attention⚠️
- Mature contents included-

Year - 2022

#Cheng Shiao

මට දැනුනෙ මගෙ පපුව හිර වෙලා වගේ........අපාට්මන්ට් එකේ දොර වහලා එහෙම්මම දොරට පිට දීලා බිම ඉදගත්තෙ හයියෙන් පපුවට ගහ ගන්න ගමන්..... තිබ්බ අසරන කම නිසා අවුරුදු ගානක් හිතේ හිර කරන් හිටපු වේදනාව ජින් ඉස්සරහා පිට කරේ , තවමත් මට මගෙ දෙයක් කියන්න ඉතු‍රු වෙලා හිටපු එකම කෙනා ජින් නිසා වෙන්න ඇති.... අවුරුදු ගානකට පස්සෙ ආයමත් හුරුපුරුදු උනුහුම දැනෙද්දි මගෙ හිත ඒ උනුහුම ආය විදින්න තිබ්බා නම් කියලා හිතුවා...ජින් නිමක් නැතුව සමාව ගනිද්දි මගෙ පපුව වේදනාවෙන් ඇදුම් කෑවත් , එයා විදවන්න ඕන කියන සිතුවිල්ල නිසා මම මගෙ හිත ගලක් කර ගත්තා......ජේහොන් එන වෙලාව ලං වෙන නිසා මම ඉක්මනට වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටෙ එයා එන්න කලින් කෑම කාලා නිදා ගන්නවා කියලා හිතාගෙන
පැයෙන් පැය ගෙවිලා රෑ 11 කනිසම ඔරලෝසුවෙ නාද වෙද්දි ජේහොන් තවමත් ආවෙ නැති නිසා මගෙ හිතට දැනුනෙම වෙන්න යන්නෙ ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා .

>>>>>>>>

"ෂියාඕ..........හ්" යන්තමින් නින්දයාගෙන එද්දි ඇහුන ජේහොන්ගෙ කටහඩ නිසා මම ගැස්සිලා ඇහැරුනා... එලියට යනවද නැද්ද කියලා කල්පනා කරපු මම පියවි සිහියට ආවෙ කාමරේ දොර ඇරන නිසා

"ඕහ්........මේ ඉන්නෙ මගෙ සල්ලි ගහ....." හරියට ඇවිද ගන්නවත් බැරුව මගෙ ලගට ආපු ජේහොන් මාවත් ඇදගෙන සාලෙට ගියා. හැමදාම වගේ ජේහොන් අතින් පහර කන්න බලාගෙන ආවත් , සාලෙ වාඩි වෙලා ඉදපු අමුත්තා නිසා මම හිටියෙ වෙන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරුවයි...

"මිස්ට හන්සො........ මේ ඉන්නෙ.............මම කියපු කෙනා...... කොහොමද...... හිතට ඇල්ලුවද..."

ජේහොන් ඒ කෙනාගෙන් අහද්දි , එයා මගෙ දිහා බලපු කෑදර බැල්මට මගෙ ඇගම හිරි වැටුනා

"මම හිතුවට වඩා ඔයාගෙ වයිෆ් ලස්සනයි නෙ..... ඒත් මේකට කමක් නැද්ද මිස්ට ජේහොන්"

"අහ්......මට මොකද.......මට මගෙ ගාන හම්බුනොත් ඇති"

"ඔයාට සල්ලි හම්බුනා කියලා හිතා ගන්න මිස්ට ජේහොන්" වෙන්නෙ මොනාද කියලා හරි හැටි නොතේරුනත් මම හිටියෙ හරිම අපහසුවෙන්... ජේහොන්ගෙ ග්‍රහනෙන් මිදෙන්න හැදුවත් ජේහොන් මාව තදින් අල්ලගෙම හිටපු නිසා මගෙ උත්සහයෙන් වැඩක් උනේ නෑ....

𝐌𝐲 𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐇𝐲𝐚𝐜𝐢𝐧𝐭𝐡 || 𝐊𝐒𝐉 ✔ (Completed) Where stories live. Discover now