Year - 2017#Cheng Shiao
පහුවදා දවසෙම ගෙවුනේ අරහෙටයි මෙහෙටයි ඇවිදන්නමයි. අප්පගෙ මැනේජ් උදේ පාන්දරම ආපු නිසා මට උනේ එයා එක්ක වෙඩින් එකට ලෑස්ති වෙන්න. අකමැත්තෙන් උනත් මම මේ ගමන ගියෙ නිකං බොරුවට අප්පා එක්ක රන්ඩු වෙලා මේකෙන් ගැලවෙන්න තියන එකම තුරුම්පුවත් නැති කර ගන්න ඕන නැති නිසා. මැනේජ එක එක වෙඩිං ඩ්‍රෙස් පෙන්නද්දි මම ඒවගෙ රටේ නැති අඩුපාඩු කිව්වට මම හිටියෙ ජින්ගෙ සිහියෙන්. අද උදේ ඉදන් කෝල් කරත් ටෙක්ස්ට් යැව්වත් ජින්ගෙන් ඒවට කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ. මට දැනුනෙ මුලු ලෝකෙන්ම මාව විතරක් ඉතුරු වෙලා කියලා
"ජින්...මට ඔයාව හම්බවෙන්න ඕන....මට ලොකු ප්‍රශ්නයක්......"
ජින්ට ආයම වතාවක් ටෙක්ස්ට් එකක් යවලා මම ආපහු වෙඩිං ඩ්‍රෙස් වල රටේ නැති අඩුපාඩු කිව්වෙ වෙලාව යවා යන්න.ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආපු නිසා මම ඉක්මනට ෆෝන් එක අතට ගත්තා. ඒ ජින්ගෙන් කියලා දැන ගත්තම මම ඉක්මනට බැලුවෙ එයා එව්වෙ මොකද්ද කියලා....
"8 ට අපාට්මන්ට් එකේ රූෆ්ටොප් එකට එන්න"
ඒකෙ තිබ්බෙ එච්චරයි.......හිතට මොකද්දෝ අමුත්තක් දැනෙද්දි මම ඒ ගැන නොහිතා හිටියෙ කොහොම හරි ජින්ව අදම හම්බ වෙලා මේ හැම දේම එයාට කියලා හිත නිදහස් කර ගන්න පුලුවන් නිසා. මැනේජ සිය වෙනි පාරටත් මට ඩ්‍රෙස් එකක් පෙන්නදි මම ගත් කටටම ඒක හොදයි කිව්වෙ මට මෙතනින් ඉක්මනට පැන ගන්න ඕන නිසා. මම එහෙම කියද්දි මැනේජගෙ මැලවුන මූනෙ කන ලගට වෙනකන්ම හිනාවක් ඇදුනා
"මැනේජ හන්......අපි දැං ගෙදර යමු.... ඉතුරු වැඩ ටික හෙට කරමු...මට මහන්සි" මම කියපු දේ ගත් කටටම හා කියන්න ඇත්තෙ එයාටත් උදේ ඉදන් මාත් එක්ක ඉදලා එපා උන නිසා වෙන්න ඇති....
>>>>>
ටැක්සි එකෙන් බැහැලා අඩියට දෙකට අපාට්මන්ට් එක ඇතුලට දුවලා ලිෆ්ට් එකට ගිහින් රූෆ් ටොප් එකේ බට්න් එක ප්‍රෙස් කරා. ලිෆ්ට් එක රූෆ් ටොප් එකට ඇවිල්ලා දොර ඇරෙද්දි මම ඉක්මනට එලියට ඇවිත් හෙව්වෙ ජින්ව... මුලු රූෆ් ටොප් එක පුරාම ජින්ව හෙව්වත් මට එයාගෙ කෙස් ගහක්වත් හොයා ගන්න බැරි උනා. බෑග් එක අවුස්සලා ෆෝන් එක අතට ගත්තෙ වෙලාව බලන්න. ලොක් ස්ක්‍රීන් එකේ වෙලාව 9.15 යි කියලා පෙන්නද්දි මට හිතුනෙ කෑ ගහලා අඩන්න. අට වෙද්දි මට එන්න පුලුවන් වෙයි කියලා හිතුනත් අප්පා ගෙදර ආපු නිසා මට වෙලාවට එන්න බැරි උනා. මම එන්න පරක්කු උන නිසා ජින් අනිවාර්‍යෙන්ම යන්න ඇති , එන්න එක විනාඩියක් හරි පරක්කු උනොත් එනකන්ම කෝල් කරකර වද දෙන ජින්ගෙන් එකම කෝල් එකක්වත් නැති නිසා මට දැනුනෙ මම තනි වෙලා වගේ. ජින්ගෙ නම්බර් එකට කෝල් එකක් අර ගත්තෙ දැනවත් ආන්ස කරන්න කියලා හැම විදිහකින්ම ප්‍රාර්තනා කරලා. ජින්ගෙ ෆෝන් එක රිං වෙන සද්දෙ මගෙ පිටි පස්සෙන් ඇහෙද්දි මම ෆෝන් එක කනේ තියාගෙනම පිටිපස්ස හැරෙද්දි , මම දැක්කෙ මට අඩි කීපයක් ඉස්සරහින් ඉන්න ජින්ව. හිතට අසීමිත සහනයක් දැනෙද්දි මම ඉක්මනටම ගිහින් ජින්ට තුරුල් උනේ දවස් ගානක් හිතේ තිබ්බ වේදනාව එයාගෙ තුරුලට වෙලා පිට කරන ගමන්....
YOU ARE READING
𝐌𝐲 𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐇𝐲𝐚𝐜𝐢𝐧𝐭𝐡 || 𝐊𝐒𝐉 ✔ (Completed)
Fanficමම සරත් සමය වෙද්දි ඔහු එය අලංකාර කිරීමට පැමිණි සුළඟ වුනා, ඔහු ගයද්දි මම සිනාසුනා, ඔහු මැලවී යනවිට මම ඇඩුවා. ඔහු ආදරයේ ඇති සෑම පාටකින්ම මාව වර්ණ ගැන්නුවා. මම Hyacinth මලක්වී පරව යන්නට මත්තෙන් නෙලා ගත් ඔහු, එය දම් පැහැයෙන් හැඩ කලා. ⚠️️ Attention - Mat...