#Chang Shiao
Year-20222 months later
කාලය ගෙවිලා ගියෙ ඇහිපිය ගහන තරම් වේගෙකින්. පල්ලියෙ ගාඩ්න් එකට වෙලා නිමක් නැති ඈත පේන අහස දිහා බලන් හිටපු මම උන්නෙ බර කල්පනාවක....... පහුගිය කාලෙ පුරාම සිද්ද උන දේවල් නරක හීනයක් කියලා අමතක කරන්න හැදුවත් තාමත් මම ඒ අදුරු අතීතයෙ අතරමං වෙලා.... ඒ අතීතෙන් එලියට එන්න මගක් තියෙද්දිත් තාමත් හිත පාරගෙන ජීවත් වෙන්න තරම් හේතුව මොකද්ද කියලා මට තවමත් තේරුම් ගන්න බෑ.සමහරවිට ඒ අදුරු අතීතෙන් ඇතිවුන කැලැල් මගෙ හිතේ ගැඹුරින්ම ඇඳිලා තිබුන නිසා වෙන්නැති.
"මේ ලමයා මෙතනනෙ...මම හැමතැනම හෙව්වා" අතීතෙ අතරමන් උන මම තිගැස්සුනේ රෙබේකා මව්තුමියගෙ හඩට...මද හිනාවකින් මව්තුමිය දිහා බලපු මම ගාඩ්න් එකේ සෙල්ලම් කරන චූටි ලමයි දිහා බලාගෙන ආයම කල්පනාවකට වැටුනා
"හැමදාම මෙහෙම ඉන්නද දරුවො කල්පනාව. තවත් විදවලා තේරුමක් තියනවද?" රෙබේකා මව්තුමියගෙ කටහඩට ආයම පියවි සිහියට ආපු මම මව්තුමිය දිහා බැලුවෙ මලානිකව හිනා වෙන ගමන්...මව්තුමිය අහපු දේට උත්තරයක් මං ලග නොතිබුන මම උරහිස් හකුලවලා මව්තුමිය දිහා බලං හිටියා...
"වෙනස් කරන්න බැරි අතීතෙ ගැන හිත හිත ඔයාගෙ ජීවිතෙ අපායක් කර ගන්න එපා ෂියාඕ. අලුතෙන් ජිවිතයක් පටන් ගන්න මගක් තියෙද්දි තවත් විදවලා තේරුමක් තියනවද?" රෙබේකා මව් තුමිය කියපු දේවල් ගැන මොහොතක් කල්පනා කරපු මට තේරුනා ඇය අදහස් කලේ මොකද්ද කියලා....ඒත්......
"ඒත්...මම මිනිස්සුන්ව විශ්වාස කරන්න බයයි. මට සිද්ද උන දේවල් එක්ක මට කාවවත් විශ්වාස කරන්න බෑ..."
"ම්ම්..මට තේරෙනවා ශිආඕ ව." ඇය මෘදු සිනාවක් මූනේ රදවගෙන මගේ අතින් දම් පාට මල් පොකුරක් තිබ්බා.ඒ hyacinth මල්. සතියකට වතාවක් පහුගිය මාස දෙක පුරාම මට හම්බවෙන නිර්ණාමික hyacinth මල් පොකුර මට මතක් කරේ ඒ දුක්බර අතීතේ තිබුන ලස්සන දවස් කීපයක්. පහුගිය මාස දෙක පුරාම මගෙ මූනට හිනාවක් අරන් එන්න පුලුවන් උන එකම හේතුව මට නිර්ණාමිකව ලැබෙන hyacinth මල් පොකුර නිසා..... හිත වේදනාවෙන් ඇදුම්කද්දි hyacinth මල් පොකුර දිහා බලාගෙන අදුරු අතිතෙ ලස්සන මතක ගැන හිතලා සතුටුවෙන්න මම පුරුදු උනා...
YOU ARE READING
𝐌𝐲 𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐇𝐲𝐚𝐜𝐢𝐧𝐭𝐡 || 𝐊𝐒𝐉 ✔ (Completed)
Fanfictionමම සරත් සමය වෙද්දි ඔහු එය අලංකාර කිරීමට පැමිණි සුළඟ වුනා, ඔහු ගයද්දි මම සිනාසුනා, ඔහු මැලවී යනවිට මම ඇඩුවා. ඔහු ආදරයේ ඇති සෑම පාටකින්ම මාව වර්ණ ගැන්නුවා. මම Hyacinth මලක්වී පරව යන්නට මත්තෙන් නෙලා ගත් ඔහු, එය දම් පැහැයෙන් හැඩ කලා. ⚠️️ Attention - Mat...