🚫 Please read while listening Epiphany Demo ver3rd Person POV
සොක්ජින් එක් වරක්වත් ෂියාඕ දිහා නොබලා ඉදිරියටම ගමන් කලේ , එක වතාවක් හරි ෂියාඕ දිහා බැලුවොත් තමන්ගෙ හැගීම් පාලනය කර ගන්න බැරි නිසා...... එකවරම සොක්ජින් හිටි තැනම නතර උනේ තමන්ගෙ වම් අතට දැනුන සිනිදු ස්පර්ශයක් නිසා....හද ගැහෙන රිද්මය ක්ශනිකව වැඩි සොක්ජින්ට ඒ කව්ද කියලා අදුන ගන්න වෙනම සාක්ශි ඕන උනේ නෑ....හිමින් හිස හරවලා තමන්ගෙ අතින් අල්ලන් ඉන්න ෂියාඕ දිහා බලද්දි , ෂියාඕ ජින්ගෙ අත තවත් තදින් අල්ලගත්තෙ මලානිකව හිනා වෙන ගමන්....සොක්ජින්ට ඕන උනත් ෂියාඕගෙ සිහින් ඇගිලි එක්ක තමන්ගෙ අත පටල ගන්න..... ඒත් තමන්ගෙ හැගීම් වලට ඉඩ නොදුන්න සොක්ජින් ඉක්මනින් තමන්ගෙ අත ෂියාඕගෙන් මුදවගෙන කලිසම් සක්කුවට දාගත්තා......
සොක්ජින්ගෙ දරදඩු හැසිරීම් එක්ක නිරුත්තර උන ෂියාඕ පියවි සිහියට ආවේ සොක්ජින් ආපහු හැරිලා තමන්ගෙන් ඈතට යන්න පටන් ගත්ත නිසා....
"ජින් මට ඔයා එක්ක කතා කරන්න ඕන"
ෂියාඕගෙ හඩට නැවතුන සොක්ජින් ෂියාඕ දිහා බැලුවෙ පුදුමෙන්.... වෙන්දා වගේම හිත පාරන වචන වලින් තමන්ට කතා කරයි කියලා බලාපොරොත්තු උන ජින් , තමන්ට සන්සුන්ව කතා කරන ෂියාඕ ගැන පුදුම උනා..."පුලුවන්ද....?" ෂියාඕ ආයාචනාත්මකව අහද්දි හිසින් එයට උත්තරයක් දුන්න සොක්ජින් ෂියාඕ දිහා නොබලම ගිහින් වෙරලෙන් වාඩි උනා... ෂියාඕත් සොක්ජින් ලගින්ම වාඩි උනේ කතාව කොතනින් පටන් ගන්නද කියලා හිතන ගමන්. තමන් දිහා මොහොතකටවත් බලන්න උවමනාවක් නොතිබ්බ සොක්ජින් දිහා බලන් උන්න ෂියාඕ හිටියෙ හැගීම් ගලප ගන්න උත්සහා කරන ගමන්. මුහුද දිහාට ඇස් යොමාගෙන සොක්ජින් බලන් හිටියෙ ෂියාඕ කතා කරනකන් උනත් ෂියාඕ නිහඩව තමන් දිහා බලන් ඉන්න එක සොක්ජින්ට අපහසුවක් උනා..... සොක්ජින් දරදඩු ගති එක්ක ෂියාඕව මගෑරියත් , හිත යටින් ෂියාඕව තමන්ගෙ තුරුලට ගන්න ඕන කියලා හිතුවා...... ආයමත් ෂියාඕට හීරීමක්වත් වෙන්න නොදී පරිස්ස්මට බලාගන්නවා කියන්න සොක්ජින්ට ඕන උනා.... ඒත් ෂියාඕට ලං උනොත් ඒ දෙයින් ෂියාඕගෙ හිත පෑරෙයි කියලා තමන්ටම කියාගත්ත සොක්ජින් තමන්ගෙ හැගීම් හංග ගත්තා....
YOU ARE READING
𝐌𝐲 𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐇𝐲𝐚𝐜𝐢𝐧𝐭𝐡 || 𝐊𝐒𝐉 ✔ (Completed)
Fanfictionමම සරත් සමය වෙද්දි ඔහු එය අලංකාර කිරීමට පැමිණි සුළඟ වුනා, ඔහු ගයද්දි මම සිනාසුනා, ඔහු මැලවී යනවිට මම ඇඩුවා. ඔහු ආදරයේ ඇති සෑම පාටකින්ම මාව වර්ණ ගැන්නුවා. මම Hyacinth මලක්වී පරව යන්නට මත්තෙන් නෙලා ගත් ඔහු, එය දම් පැහැයෙන් හැඩ කලා. ⚠️️ Attention - Mat...