අද නිවාඩු දවස නිසා උදේ ඉඳන් මං කරේ කාමරේ අස්කරපු එක.ආයේ ඉතිං පිස්සන් කොටුව පරාදයි.මං කාමරේ අස්කරලා ඊලඟට ගියේ මගේ අල්මාරිය අස්කරන්න.මං ඒකේ අපිලිවෙලට තිබුන රෙදි ටික හොඳට නවලා ඒකේ ලාච්චුව එලියට ගත්තේ වැඩකට නැති කොල කෑලි ටිකත් විසිකරලා දාන්න හිතාගෙන.
"ලියුම් වගයක්..?"
ලාච්චුව හාර අවුස්සලා බලන කොට තමයි Tae කොරියාවේ ඉන්න කාලේදි මට එවපු ලියුම් වගයක් හම්බවුනේ.මහීගේ සිද්ධියෙන් පස්සේ මං පාවිච්චි කරපු හැම social media එකකින්ම වගේ මං අයින් වුනේ,ඒ හැම දෙයක්ම වගේ මට එපා වුනු නිසා.ඒ නිසා අද වෙනකං මං කිසිම social media එකක් පාවිච්චි කරේ නෑ.
මං ඒ කිසිම දෙයක් පාවිච්චි කරේ නැති නිසා,Tae කරේ මට එහේ ගියපු දවසේ ඉඳන් හැම සති 03කට වගේ සැරයක් ලියුමක් එවපු එක.ඒත් ඒ එක ලියුමකටවත් reply යවන්න තියා මං ඒ ලියුම් එකක්වත් කඩලාවත් බැලුවේ නෑ.ඒ තරමටම මට එයා ගැන කලකිරිලයි තිබුනේ.හැබැයි ඒ ලියුම් එකක්වත් මට විසිකරලා දාන්න හිත දුන්නෙත් නෑ.ඉතිං මං ලංකාවෙන් එනකොටත් ඒ ලියුම් ටික ලොකු කවරෙකට දාලා අරගෙනයි ආවේ.
ඒත්....දැන් Tae ගැන ඉස්සර වගේ මගේ හිතේ තිබුන තරහා නැතිවෙලා ගිහින් හිස් හැඟීමක් විතරයි හිතේ ඉතුරුවෙලා තිබ්බේ..මෙහේ ආවත් හරි ගොඩක් දවස්වලට මට එයාව මතක් උනත්,මං එයා ගැන විස්තර හොයන්න ගියේ නැත්තේ මට එයා එක්ක කතා කරන්න ඕනකමක් තිබ්බේ නැති නිසා..
ඒ ලියුම් ටික අතට ගත්ත එකේ මං කරේ ඒ හැම ලියුමක්ම කඩලා කියවන්න ගත්ත එක..ඒ අතරේ තමයි මට මිනෝලි අක්කාගෙන් call එකක් ආවේ.
"Hello අක්කි!කියන්න.."
"ආව්!ආව්!කෙල්ලගේ කටහඬේ පෙම්පාට.."
"අනේ අක්කි...මොකක්ද අප්පා...!"
"කොහොමද අපේ කොල්ලා හොඳයි නේද?කොල්ලා නම් එකපයින් කැමතියි ඔයාට.."
"ආහ්!මේ අක්කි,මට තව call එකක් එනවා.මං ඔයාට තව ටිකකින් ගන්නම් හොඳේ"
එතකොටම තමයි මගේ phone එකට තවත් call එකක් ආවේ.ඒක unknown number එකක්.මං call එක answer කරන්න යද්දිම වගේ ඒක cut උනා.
YOU ARE READING
~So,we met again~|| KTH ✔
Fanfic"මං එයා වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා..ඉතිං..තව කොච්චර කාලයක් ගියත් මට එයා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන්.." 2022/05/10 💮Starting date 2022/05/30 💮Ending date 💜️Completed💜️ • • • ✍️ Nishyoon💜️