🌹Chapter 16🌹

330 61 1
                                    

"යාහ්!!!ඒරා! කමනෙයෝ!පිස්සු හැදිලද තමුන්ට?ඔය කෙල්ලව අත අරිනවා!!!"

කෑ ගහගෙන ඒරා ලඟට ගියපු Jin කරේ ඒරාව Jia ගෙන් අයින් කරන්න try කරපු එක.

"ඒරා!චෙබල්!Jia ව අත අරින්න!"

Tae හැදුවෙත් Jin එක්ක එකතු වෙලා ඒරාව Jia ගෙන් අයින් කරන්න.කොහොමහරි කොල්ලෝ දෙන්නත් එක්ක එකතු වෙලා කෙල්ලෝ දෙන්නව ඈත් කරා.Jia හිටියේ කෙලින් හිටගන්නත් බැරි තරමටම වැනී වැනී.Tae Jia ව වැටෙන්න නොදී ඇඟට හේත්තු කරගත්තා.

"ඔප්පා!!!මං තරහයි ඔයාලත් එක්ක!මෙයා තමයි මුලින්ම මගේ ඔලුවට වයින් හැලුවේ.කවුරුවත් මෙයාට නවත්තන්න කියන්නේ නෑ.මට තමයි කෑ ගහන්නේ.ඔයාලා කවුරුවත් මට ආදරේ නෑ!"

ජින්ටයි,ටේටයි කෑගහපු ඒරා අඬාගෙන hall එ⁣කෙන් එලියට දුවලා යනවත් එක්කම ජිනුත් ඒ පස්සෙන් දිව්වේ කෙල්ල ඒ විදියට පාර පැත්තට දුවන් යයි කියලා බය හිතුන නිසා.

Tae කෙල්ලවත් ඇඟට වත්තම් කරගෙන hotel එකේ guest room එකකට එක්කන් ගියේ කෙල්ලව ඉඳුල් ඇඳුම් පිටින් එලියට යවන්න බැරි නිසා.

"Tae!ඔ..ඔයා ඒරාට කැමතිද?ආහ්?"

"ඔයා..ඔයා Jia ගේ නෙමෙයිද එතකොට?"

Jia කියවන්නේ කොල්ලගේ මූනත් අතින් අල්ලන ගමන්.කෙල්ලගේ වචන වලට Tae ගේ හිත ගැස්සුනත් කොල්ලා ඒ දේවල් වැඩිය ගනන් ගත්තේ නැත්තේ කෙල්ල හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි නිසා.කොල්ලා Jia ව room එකට එක්කන් ඇවිත් bathroom එකට අරන් ගිහින් කෙල්ලව bathtub එකෙන් වාඩිකරවලා, hand shower එක අරන් සීරුවට කෙල්ලගේ ඇඟේ තියෙන ඉඳුල් පැල්ලම් වලට ඇල්ලුවා.

"Tae!ඔයා දන්නවද..ඔයා...ඔයා දැන් ගොඩක් නපුරු වෙලා.ඉස්සර මං ඔයත් එක්ක කතා කරන්නේ නැති උනාම ඔයා කොහොමහරි මාව යාලු කරගන්නවා.ඒත් දැන්.....දැන් ඔයා මාව ගොඩක් වෙලාවට දැක්කත් නොදැක්කා වගේ ඉන්නේ...එතකොට මට ගොඩක් රිදෙනවා Tae..මේ...මෙතන ගොඩක් රිදෙනවා"

කෙල්ල අඬන ගමන් කිව්වේ පපුවට අතක් තියලා කොල්ලට පෙන්නන ගමන්.⁣අතේ තිබුනු shower එකත් බිම දාලා කොල්ලා කරේ එකපාරටම කෙල්ලව පපුවට තුරුලු කරගත්ත එක.

"මං කොහොමද Jia ඔයත් එක්ක තරහා වෙන්නේ?ඔයා...ඔයා තමයි මගේ හැමදේම..ඉතිං මං කොහොමද ඔයත් එක්ක තරහාවෙලා ඉන්නේ?..දන්නවද Jia,ඔයාව දැකලත් දැක්කේ නෑ වගේ ඉන්න මට හරි අමාරුයි..ඒත්..ඒත් මට එහෙම ඉන්න වුනා ඔයා ඉස්සරහා.මට බය හිතුනා මං ඔයා ඉස්සරහට ආවොත් ඔයා ආයෙමත් මාව දාලා යයි කියලා..මට ඕන උනේ ඈත ඉඳන් හරි ඔයා දිහා බලන් ඉන්න.."

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now