🌱🌸 ( final p.t 2 )

110 22 50
                                    

කෙල්ල ඉදගත්තට පස්සේ ගුරු ඔක්කොටම එතනින් ටිකක් ඈතට වෙලා බලන් ඉන්න කියලා කිව්වා

කට්ටියම පස්සට ගියාට පස්සේ ගුරුතුමා....එයාගේ මන්තරේ කියන්න පටන් ගත්තා..... ආත්ම යවලා ආපහු ගන්න එකක් නිසා.. මේකට ඒ පන්සලේ හිටපු හාමුදුරුවරුන්ගෙනුත් උදව් ගන්න සිද්ද උනා... 

🌹 "ආහ්හ්හ්හ්හ්"

එහෙම කියාගෙන ජියා බිම ඇදගෙන වැටුනා...ජිමින් කෙල්ල ලගට යන්න ගියත් ගුරුතුමා අතකින් නැවැත්තුව හින්දා සුගා ගිහින් කොල්ලව අල්ල ගත්තා....

🌺 " ඒ...ඒ.මොකද වෙන්නෙ ඔප්පා "

🌼 "එයාට ගොඩක් අමාරුයි වගේ.."

🐱 "ඒ එයාගෙ ආත්මෙ දැන් යන්න යන්නේ ඒකයි.."

එහෙම සුගා කියනවත් එක්කම...කෙල්ලගෙ ආත්මේ නිල් පාට දුමක් වගේ උඩට ආවා..ජියාගෙ ශරීරය බිම කිසිම හෙලවීමක් නැහැ...කට්ටියම බලන් හිටියේ නිල් පාට දුම දිහා ..

"යන්න.....ඒ නපුරු ආත්මෙ පරාද කරලා ඔයාගෙ ආදරේ බේරගෙන එන්න .."

එහෙම ගුරුතුමා කිව්වට පස්සේ ඒ නිල් පාට දුම අහසට වේගෙන් ගියා....

Pov..........

ජියාගේ ආත්මය අහසට ආපු ගමන්ම ගියේ ඒ මේ ලෝකෙත් අමනුශ්‍ය ලෝකෙත් වෙන් වෙන ඒ සීමාවට...එතන යූනගෙ ආත්මයයි ටේගේ ආත්මයයි දෙකම තිබුනා...යූනගෙ ආත්මේ කලු පාටයි ටේගේ ආත්මේ නිල් පාටයි..

යූනගෙ ආත්මෙ කලු පාට වෙන්නේ එයා පලිගැනීමේ චේතනාවෙන් ඉන්න නිසා..

යූනා හිතලමයි හැමදේම කරේ.ටේව එයාගෙ කරගන්න ඌමනාවට...එයා ඒ ලැබුනු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා....

අපේ වචනෙන්ම කිව්වොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්.....

තමන්ගේ පලියත් අරගෙන ආදරෙත් අරන්ම යන්න යූනට අවස්තාව ලැබුනා....

ටේගෙයි ජියාගෙයි ආත්ම නිල් පාට උනේ.එයාලා හැම දේන කරන්නෙ එකිනෙකා වෙනුවෙන්..... වගේම ඒ දෙන්නගෙ ආදරේත් ගොඩක් බලවත් ....

ජියා ලගට ගියහම දැක්කේ ටේගේ ආත්මේ බලෙන් වගේ යූනගෙ ආත්මෙට ඇදිල යනව..පලිගැනීමක් හිතේ තියන් හිටපු නිසා යූනගෙ බලය වැඩියි....

You've reached the end of published parts.

⏰ Last updated: Jun 07, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🐾️BLACK NECKLAS 🐾️ ( KTH )Where stories live. Discover now