42.තනිවෙලා 💔

1.2K 174 38
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
.
.
මැණික ඔය හිත ගොඩක් රිදුනද
නපුරු විදිහ⁣ට බැන වැදුනු වි⁣ට....
සත්තමයි මං හිතුවේ නැහැ එය
සමාවෙන්න⁣කෝ ඔබේ නපුරට....
දරන්නට බෑ ඉන්න විදිහ ඔබ
හදවතත් පෑරෙයි වේදනාවට....
යලිත් කිසිදා නොකරමි මෙලෙස
ආදරෙයි මා මගේ මැණිකට...

නපුරු හේෂ්ගෙන් අවී පණට...❤️
.
.
.
.
.
.

සත්තයි රිදුනා මගේ හදවත
නපුරු ලෙස මට කතා කල විට....
දරන්න⁣ට බැරි වී අසනීප වුනි
හිතුවේ නෑ වේදනාවක් දෙන්නට....
අඩන විට ඔබ මා ළඟ මෙලෙස
දරන්නට බෑ ඒ වේදනාව මගේ හිතට...
නාඩා ඉන්නකෝ ඉතින් මගේ පණ
ආදරෙයි මා මගේ නපුර⁣ට...

අවීගෙන් හේෂ් පණට...❤️
.
.
.
.
.
(සෙනූ බබා....මගේ බෙස්ටියා....තැම්කූ ඉතිම් ඒ ලස්සන කවි දෙකට.....අලාව්‍යෝ ❤️ 💕💕💕💕 ❤️ )
.
.
.
.

"අවී plz කතා කරපන් මැණික .....උඹට ඕන නම් මට බැනපන්...ගහපන්....ඕන දෙයක් කරපන්...ඒත් ඔහොම මාත් එක්ක කතා නොකර ඉන්න එපා රත්තරනේ ....මාව පිච්චෙනවා...."

අවීව ටිකට් කප්පවන් ගෙදර එනකන්ම අවීගෙ කටින් එක වචනයක් වත් පිට වුණේ නැති වෙද්දි අවීව කතා කරවගන්න හේෂ් නොවදිනා වැදුම් වැන්දා....ඒත් අවීගෙ තිබ්බෙ හිස් බැල්මක්.....

තවත් කතා කරලා තේරුමක් නැති නිසා හේෂ් අවීව පරිස්සමට සෝදලා ඇදුමකුත් අන්දලා කාමරෙන් එළියට ගියා....එච්චර දේවල් කරනකනුත් අවී හේෂ්ට ඉඩ දීලා බලන් හිටියා මිසක් කිසිම දෙයක් කිව්වෙ නෑ.....

හේෂ් දොරත් වහන් කාමරෙන් එළියට ගියාට පස්සෙ අවී කොට්ටෙ බදාගෙන හොදටම ඇඩුවා....

"මට සමාවෙන්න මගෙ මහත්තයො ....මං දන්නවා උඹ ගියේ වැරදි ගමනක් නෙමෙයි කියලා .....ඒත් උඹ මට නොකියා ගිය එකටයි මට කෑගහපු එකටයි තමා මට දුක....මට දැනෙනවා උඹ ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියලා.....උඹට පුලුවන් වෙන්න ඕන මහත්තයො හැම දෙයක්ම මාත් එක්ක කියන්න....අපි දෙන්නා දෙන්නෙක් නෙමෙයි කියලා තේරුම් ගන්න....දුක සැප දෙකම බෙදාගන්න......උඹට පුලුවන් වෙන්න ඕන මහත්තයො .........ඉතිං මං අද මේ දේ නොකළොත් උඹ කවදාවත්ම හැදෙන්නෙ නෑ....තනියම හැම දෙයක්ම කරන්න  බලයි....ඒත් මට ඕන උඹ එක්ක හැම දෙයක්ම බෙදාගෙන උඹට හයියක් වෙන්න....."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(Completed  )Место, где живут истории. Откройте их для себя