ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
"අවී අමාරුද බන්......?""අයියෝ නෑ මගෙ ගිනි මකරො දැන් ශේප්...අනික මං කොල්ලෙක්නෙ ....."
උදේ ඉදන්ම මගේ ළගටම වෙලා විනාඩි පහෙන් පහට අමාරුද අහන මගේ හේෂ් ගැන මට දැනුණෙ පුදුමාකාර ගෞරවයක් .....ආසාව වෙනුවෙන් ඇදට දාගන්න දගලන නරුම මිනිස්සු අස්සෙ ඒ දේ ආසාව නොවී ආදරයෙන්ම විදගන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ අතලොස්සයි.....ඕන වැඩේ කරගත්තට පස්සෙ කුණුගොඩක් වගේ විසික් කරලා දාලා ආයෙමත් ඕන වුණාම ආදරෙන් ළගට අරන් කලින් වගේම කරන මිනිස්සු අතරෙ මගෙ මහත්තයා විශිෂ්ඨයි....මොකද මං මීට කලින් ඒ වේදනාව ඕනවටත් වඩා අර රුක්ෂාන් කියන නරුමයා නිසා වින්දා...ඉතිං ඒ කාලකන්ණි අතීතෙන් මුදවගෙන මාව සදහටම එයාගෙ නමට ලියාගත්ත මගේ හේෂ් ඒ හැම අතින්ම මට මැණිකක්....දුර්ලභ ගණයේ මැණිකක්....ඉතිං එයාගෙ ජීවිතේ කොටසක් වෙන්න ලැබුණ එක මට ලැබුණ ලොකු වාසනාවක්....
"අවී..........."
"මට අමාරු නෑ හේෂ්...plz overthinking එපා....ඔයාටම වරද පටවගන්න ඕන නෑ....මම කැමැත්තෙන් උඹට යට උනේ මහත්තයෝ....ඒක උඹගෙ වගේම මගෙත් සතුට හේෂ්...."
"ම්ම්ම්......"
"කෝ එන්න මගේ ළගට....උදේ ඉදන් එහාට මෙහාට දුව දුව සාත්තු කළා මිසක් ඔයාගෙ ඇගේ මහන්සිය බැලුවෙවත් නෑනෙ....."
එහෙම කිව්ව මං ඇදේ ඉදන්ම හේෂ්ව මගේ ළගට ඇදලා අරන් එයාගෙ ඔලුව මගේ උකුලෙන් තියාගත්තෙ ඇදේ විට්ටමට හේත්තු වෙන ගමන්.....එයා එහෙම ඉදන්ම මගේ බඩට කිස් එකක් දීලා ඉන වටේ අත් පටලවගනිද්දි මං සීරුවට එයාගෙ ඔලුව අතගෑවා....
"සනීපයි අවී....."
හේෂ් එහෙම කියන ගමන් තවත් මාව තදින් බදාගනිද්දි මං එයාගෙ නළලට කිස් එකක් දීලා ඔලුව අතගාන එක දිගටම කළා....එයා කවදාවත් හැගීම් පිටට පෙන්නන කෙනෙක් නෙමෙයි...එයා ළග තියෙන්නෙ හැංගුණ නපුරු ආදරයක්....ඉතිං ඒ නපුරු ආදරේ ළග පූස් පැටියෙක් වගේ හුරතල් වෙන්න මං හුඟාක් ආසයි....නොකිව්වට එයත් මගේ ළඟ හුරතල් වෙන්න ආස බව මං දන්නවා...ඉතිං දැනුත් එයා නොකියා හොයන්නෙ මගේ උණුසුම වෙද්දි මට පුදුමාකාර සතුටක් දැණුනෙ...ඉතිං මේ ආඩම්බරකාර නපුරා දැන් මගේනේ 🙈.....
.
.
.
.
ටිකකින් එයාගෙන් සද්දයක් නැති තැන බලද්දි මං දැක්කෙ හේෂ්ට නින්ද ගිහින් කියලා.....අනේ හරිම අහිංසක පාටයි....හුහ් ඒ උනාට නැගිට්ටම නම් තනි නපුරා 😏....හෙමින් එයාට ඇහැරවෙන්නෙ නැති වෙන්න මං එයාව කොට්ටෙන් තිබ්බා....ඊටපස්සෙ මමත් එයාට තුරුල් වුණේ හිනෙන්ම එයා මාව එයාගෙ ළගට අරන් තුරුල් කරගනිද්දි......
.
.
.
.
.
.
.
.
"හේෂ්.........."
![](https://img.wattpad.com/cover/301582589-288-k997499.jpg)
VOCÊ ESTÁ LENDO
🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(Completed )
Não Ficçãoජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸