ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
එයාට ඒ කිව්ව දේවල් පොඩි වචන ටිකක් වුණාට ඒක මගේ බොක්කටම වැදුණා....ඉතිං වාහනේ යන අතරතුරත් අපි අතර තිබ්බෙ ලොකු නිහැඩියාවක්...වෙනදටත් එහෙම තමයි....ඒත් අද මට ඒක වැඩියෙන් දැණුනා...මං තනිවෙලා...හේෂ් හිතනවා ඇති මං සල්ලි වලට ඕනම බලු වැඩක් කරන ජාතියෙ කොල්ලෙක් කියලා .....ඒත් එයා දන්නෙ නෑ මගේ සම්පූර්ණ කතාව.....
.
.
.
.
.
"අවී.....බහිනවා ....."වෙනදා වගේ එකට එක කියාගෙන යන්න වත් මට හිතුණෙ නෑ....මට දැණුනෙ මහ අසණකමක්....ඒ නිසාම එයා කිව්ව ගමන් බැහැලා මං කෙලින්ම කාමරේට ගියා....කාමරේට ගිහින් දොරත් වහලා barthroom එකට ගියපු මං shower එක ඇරලා බිත්තිය දිගේ රූටන් ගිහින් බිම ඉදගත්තා....shower එකෙන් වතුර වැටෙද්දි මං ඇදන් හිටපු ඇදුම් ටික ටික තෙමෙන්න ගත්තා වගේම මෙච්චර කල් ගල් කරන් හිර කරන් හිටපු කදුලු ඔහේ ගලාගෙන යන්න දුන්නා....මං ඇඩුවා....හොදටම ඇඩුවා....ඇයි මගේ ජීවිතේ කිසිම සැනසීමක් නැත්තෙ...මිනිස්සු මාව ළං කරගන්නෙම මගේ හිත රිද්දන්න වෙද්දි මට දැණුනෙ මං ගැනම දුකක්....මගේ අම්මා තාත්තා මාව අතෑරලා දාද්දි මගේ යාලුවො හැමෝමත් මගෙන් ඈත් වුණා...උන්ට වරදක් කියන්න බෑ.....ඒ උන්ගෙ දෙමාපියන්ගෙ තීරණ....ඔක්කොමත් හරි කියමුකො...මං ආදරේ කරපු මගෙ අයියලා....මං වෙනුවෙන් එක advertisement එකක්.....එකම එකක්.....දාන්න තිබුණා නේද එයාලට...මොන දේ වුණත් මං එයාලගෙ මල්ලි නේද.....? නෑ....අවී උඹට කිසිම කෙනෙක් නෑ....උඹ මේ ලෝකෙ තනිවුණ කෙනෙක්....කාත් කවුරුවත් නැති අනාතයෙක්....වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ කෙනෙක්....ඉතිං උඹට ආයෙමත් සමාජෙට යන්න පුලුවන්ද.....? බෑ.....උඹව කවදාවත්ම සමාජය පිළිගන්නෙ නෑ.....මාව එපා කියලා එලවලා දාපු තාත්තා දන්නෙ නෑ මං drugs වලට addict වුණේ කොහොමද කියලා...ඉතිං වැඩක් නෑ මට කිසිම දෙයක්.....මං හැගීම් දැනීම් මරපු මිනිහෙක් ....ඒ නිසා මට දුකක් දැනෙන්නෙ නෑ.....ඒත් හේෂ් ළඟදි .....හේෂ් ළඟදි අසාමාන්‍ය විදියට මගේ හිත ගැස්සෙනවා වගේම එයාගෙ එක වචනෙකින් වුණත් මගේ මේ ගල් කරන් ඉන්න හිත අසීමාන්තික විදියට රිදෙනවා....අඩන්නෙ නැතුව ඕනම දෙයක් දරාගන්න පුලුවන් වුණත් හේෂ්ගෙ එක වචනෙකට මාව අඩවන්න පුලුවන් .....ඒත් ඒ ඇයි....මට එහෙම වෙන්න ඕන නෑ.....
.
.
.
.
.
නුඹ මිරිගුවක්......
මා එම මිරිගුවට වහල් වූ....
මුව පොව්වෙක්.....
සීමා කොතරම් දැමුවත්.....
නුඹ අසලදී මා....
නොදරුවෙක්......
රැකවරණයම පතන....
අත දරුවෙක්.....
එක් වචනයකින් ....
මා රිදවන්නට හැකි සේම....
එක් වචනයක් දී....
නුඹට මා සනසන්නට හැකි නම්......???

CZYTASZ
🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(Completed )
Literatura Faktuජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸