ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ.....
.
.
.
.
මං හෙමින් ඇදෙන් බහින්න හදනවත් එක්කම කාමරේ දොර ඇරන් ආවෙ හේෂ්....."ආ අවී.....නැගිට්ටද....? දැන් කොහොමද ....?"
එයා එහෙම අහගෙනම මං ළගට එද්දි මං කළේ බිම බලාගනිපු එක....එයා කොහොමද එහෙම ඉන්නෙ....අපි අතරෙ කිසිම දෙයක් වුණේ නෑ වගේ 🥺....එයා playboy කෙනෙක් වත්ද 😥.....අනේ 🥺....
"අවී.....මං තමුංගෙන් ප්රශ්නයක් ඇහුවා..."
"අ.....හ්.....හොදයි දැන්......"
කල්පනා කර කර හිටපු නිසා මං පැටලි පැටලි උත්තර දෙද්දි එයාගෙ මූණෙ හිනාවක් ඇදිලා මැකිලා යනවා මං හොදටම දැක්කා....ඒත් ඒක මොන වගේ හිනාවක්ද කියලා මට හිතාගන්න බැරි වුණා ...
"මේක බීලා මේ painkillers ගන්නවා....."
එහෙම කියන ගමන් පිටි එකකුයි painkillers 2කුයි මේසෙ උඩින් තියලා යන්න ගියේ එයා මට කරපු කිසිම දේකට පැහැදිලි කිරීමක් වත් නොදීමයි....හේෂ් කියන්නෙම මට තේරුම් ගන්න බැරි ප්රහේලිකාවක් වෙද්දි මං කල්පනා කළේ මෙහෙන් යන්නම ඕනද කියලා .....
මං දන්නවා උඹලා මට හිනාවෙනවා ඇති.....ඒත් දන්නවද දෙයක් මං ආසයි හේෂ්ගෙ ළඟ ඉන්න....එයා මට කොච්චර නපුරුකම් කළත් ඒ නපුරුකම් අස්සෙ ලොකු ආරක්ෂාවක් මට දැනෙනවා...මං හද පතුලෙන්ම එයාව බලාපොරොත්තු වෙනවා...මට කොච්චර රිදෙව්වත්....මං දන්නෙ නෑ මං හරිද කියලා....ඒත් මට හේෂ්ව දාලා යන්න බැරි ලොකු හැගීමක් දැනෙනවා...හරියට මටම අයිති කොටසක් වගේ.....ඔව් ඉතිං කොහොමත් එයා මාව එයාගෙ කරගෙනනෙ....හරි නම් ඒකට මට තරහා යන්න ඕන නේද ....ඒත් ඇයි.....ඇයි මට එයා එක්ක තරහා ගන්න බැරි 🥺....මං එයාට කැමතී තමයි....ඒත් මං හිතුවෙ ඒක ආකර්ශනයක් වෙන්න ඇති කියලා....මොකද එයා ගොඩාක් කඩවසම්...ඒත් මට දැන් හිතෙනවා ඒක ආකර්ශනයක් විතරක්ම නෙමෙයි කියලා....බැරි වෙලාවත් මං එයාට.....ආදරේ කරනවද 🥺.....?...දෙවියනේ .....නෑ නෑ....ඒක කොහෙත්ම වෙන්න බෑ....එයා කවුරු වුණත් මාව එයාට ගැලපෙන්නෙ නෑ....මොකද මං අපිරිසිදු කොල්ලෙක්...
එයා ගෙනාපු පිටි එකත් බීලා painkillers දෙකත් බීලා මං ආයෙමත් හාන්සි වුණේ යන්න හදපු ගමන නවත්තලා දාලා...කලින් මෙහෙන් යන්න හිතුවා තමයි ......ඒත් මගේ ඇග ගොඩාක් රිදෙනවා....ඉතිං ඒ නිසාම මං ඒ අදහස අතෑරලා දාලා ඇස් පියා ගත්තා...මගේ ජීවිතේ .....දෛවය කොයි විදියට සරදම් කරනවද මන්දා....අල්ලගන්නත් බැරි අතාරින්නත් බැරි හේෂ් කියන මායාවට මං පැටලිලා...එයාගෙන් ඈතට යන්න හිත කොහොමටවත් ඉඩ නොදෙද්දි මං අසරණ වුණා...මං දැන් එක දෙයක් හොදටම දන්නවා.....ඒ මං හේෂ්ට ආදරේ කරන්න පටන් අරන්....ඒත් ඒක සමහරවිට මගේ හිතේම තිබිලා නැතිවෙලාම යයි...මගේ ඇස් ලාවට පියවීගෙන එද්දිත් මට මතක් වුණේ මගෙ හේෂ්ව.....මගේ.....ඔව්......මගේ.....මගේ හේෂ්.....මං ආදරෙයි .....හිමිවීමක් අහිමිවීමක් නොදැනම මං ආදරේ කරන්න පටන් අරන්.....
.
.
.
.
.
.
.
.
.
"අවී මහත්තයා.....අවී මහත්තයා...."
ESTÁS LEYENDO
🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(Completed )
No Ficciónජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව සමාජය ආයෙ පිළිගනීද........? 🩸