💍💍 Are YOU KIDDING ME 💍💍 ......
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
සතියක් සාමාන්‍ය පරිදි ගතවී ගියේය .. ඉතින් හෙට ඉරිදා නිසාවෙන් ශාන් තරමක් රෑවන තුරු රාජකාරි සිදුකලේය....ඉන්දියා ගොස් පැමිණි නිසාත් , ඒ නිසාම ශාන් කාර්ය බහුල වූ නිසාත් මේ සතියේ යීබෝ ඇවිදින්නට යෑම මෙන්ම මිතුරන් මුණගැසීම ස්ව කැමැත්තෙන්ම ඉල්ල අස්කරගත්තේය.... එය ඉතින් ශාන් හට සහනයක් විය...
වීඩියෝ ගේම් සමඟ හෝරා කිහිපයක් ඔට්ටුවුනු යීබෝ සෙමින් ශාන් අසලින් පුටුව තබාගෙන වාඩිවුනේය .. දැන් ඉතින් යීබෝගෙ බෙල්ල මිරිකනවා වැනි බෙරිහන් දීම ශාන් හට මදක් හුරුවී ඇත..... ඒ නිසාම යීබෝ නිදහසේ ප්ලේ කරන්නේය......
" ඉවරයිද ....."
යීබෝ ශාන් අසල වාඩිවී ඔහුගේ ලැප් එකට එබෙද්දී ඔහු ඇසුවේය .....
" හ්ම්ම්ම්ම්...."
" මොකෝ මූණ අමුතු කරගෙන ....."
" මං පැරදුනා අප්පා ....."
ශාන් කිසිවක් කියන්නට ගියේ නැත...යීබෝ සෙමින් ශාන්ගේ උරහිසට බරවිය...මේ ඉතින් දිනපතාම සිදුවන්නකි...
" ලබන සතියත් කොලේජ් නිවාඩු නේ.. ඊලඟට පටන්ගන්නකොට යන්න ලෑස්තිවෙන්න .... "
ශාන් වැඩ අස්සේම කීවේය ...
" හ්ම්ම්ම්..."
දැන් ඉතින් යීබෝ සිටින්නේ නින්දත් නොනින්දත් අතරයි.....සෙමින් දෙනෙත් පියවෙද්දී යීබෝ ශාන්ගේ බදවටා අතක් දමාගත්තේය ...ශාන් වැඩිපුර හෝරාවක් හෝ දෙකක් පමණ ඉන්නට සිතුවත් යීබෝට අපහසු නිසා රාජකාරි නතරකලේය ...
සෙමින් යීබෝව ඔසවාගෙන ඇදට රැගෙන ගිය ශාන් ඔහුව පරිස්සමෙන් ඇදෙන් හාන්සිකලේය...බ්ලැන්කට් එකත් පොරවා ශාන් වොෂ් රූම් ගොස් ඉක්මනින් ආවේය ... ප්‍රධාන විදුලි බුබුල නිවාදමා ඔහු ඇදට ආවේය ... ඉන්දියා ගොස් පැමිණි දිනසිට ටේබල් ලෑම්ප් එක ඔන්කරන්නේ නැත යීබෝ අරගත් ටජ්මහල විදුලියට සම්බන්ධ කර ඇති අතර එහි ආලෝකය ඉතා සෞම්‍ය ලෙස කාමරය තුල විහිදී ඇත ..
YOU ARE READING
💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )
Fanfiction❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක්...
