💍💍 Are YOU KIDDING ME 💍💍 ....
ශාන්ට කතාකර අවසන් කරගන්නට නොහැකිවිය....
" හායි...ලව්ලි හස්බන්ඩ් ඇන්ඩ් හස්බන්ඩ් ..... කොහොමද ඉතින්........"
එතැනට සිනාමුසු මුහුණින් පැමිනි දෙදෙනාව දැක ශාන්ගේ සහ යීබෝගේ මුහුණු අදුරුවී ගියේය .....
" ඉතින් .....................................
**
......... කොහොමද මිස්ටර් ශාන් ..... ඔයා ඉතින් නිෂීව අදුනනවනේ .... ඒත් මෙයා මගෙ අයියගෙ දුව කියලා දන්නෑනේ . "
මිස්ටර් හැරන් ශාන් දෙසට අත දිගුකරමින් කතාකලත් ඔහුගේ දෑස් නතරවී තිබෙන්නේ කුවාන්ගේ අතක එල්ලී සිටින යීබෝ වෙතයි...ශාන් එය දුටුවත් වෙනසක් නොපෙන්වා මද සිනහවකින් ඔහුගේ අත අල්වාගෙන සෙලවූයේය...
",ඉතින් මිස්ටර් ශාන් ඔයාගෙ හස්බන්ඩ් නම් අපිත් එක්ක කතාකරන්නෙම නෑනේ ....."
යීබෝ එය ඇසෙද්දීම ඉක්මනින් කුවාන්ගේ අත අතහැර ශාන්ගේ අතකින් අල්ලාගෙන ඔහු අසලටම ගියේය ....
" ආ...ඒ එයාගෙ හැටි මිස්ටර් හැරන් .... ඒගැන හිතන්න එපා..."
ශාන් යීබෝව තව තවත් ලඟට ගනිමින් කීවේය ...හැරන් කිසිවක් නොකියා ඔහු අසල සිටි නිෂීට හිසින් කුමක් හෝ කීවේය ...
",ශාන් මට ඔයා එක්ක ටිකක් කතාකරන්න පුලුවන්ද ..."
ඇය ශාන් අසලටම එමින් යීබෝගේ හා ශාන්ගේ පැටලී ඇති අතදෙස බලාගෙනම කීවේය ...
"මිස් නිෂී අපි මේ හෝල් එකට ආවා විතරයිනේ ටිකවෙලාවක් දෙන්න අපි ගිහින් මිනිස්සුන්ට කතා කරලා එනකල්...."
ශාන්ට පෙර ඉස්සරවූ කුවාන් කීවේය ... නිෂීගේ මුහුණ කෝපයෙන් කලුවූවත් ඇය එය සඟවාගෙන හා යැයි හිසින් කීවේය ...
" ඒ කියන්නෙ හැරන් නිෂීගෙ අංකල්..."
ශාන් හිතාගන්නට නොහැකිලෙසින් කීවේ ඔවුන්ගෙන් ගැලවී ශාලාව තුලට යන අතරයි...
" ඒකතමයි මම කියන්න ගියේ... අපි කට්ටියට කතාකරාම ඔයා නිෂී එක්ක කතාකරන්නකො බලන්න ඩිඩී..මම දොඩම්ටියව පරිස්සං කරන්නම්....."
කුවාන් යීබෝගේ කම්මුලක් මිරිකමින් කියද්දී ශාන් කෙලින්ම බැලුවේ යීබෝ දෙසයි... ඔහුත් හා යැයි කියන්නට හිස සැලුවේ මේ මොහොතේ තරහකාරයන්ව වැඩිකරගැනීම නුසුදුසු නිසාවෙනි ......
ESTÁS LEYENDO
💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )
Fanfiction❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක්...
