23... හිත නිවන තැන ...❤️💚

6.3K 715 407
                                        

💍💍 Are YOU KIDDING ME 💍💍 ....

සිහිලැල්ලක් ගලා ඇවිත්
නිදි යහනේ...........
සතපනවා ඔබේ සුවදම
හද පතුලේ.............
ඇරයුමක්ය සිනාසෙන්න
ඔය සුසුමේ.........
ඔබේ තොල් අග මගේ මුවගේ
රස මතුවේ.............

tharuekanayake94 ආදරණීය කවියක්...ගොඩාක් ස්තූතී නංගා.   ❤️💚💛
.
****************

විනාඩි කිහිපයක් යද්දී ශාන්ගේ ලෑන්ඩ් පෝන් එක නාදවෙන්නට පටන්ගත්තේය ...

" හෙලෝ......."

" හෙලෝ සර්......මේ..................

**

...... චූටි බේබිගෙ මමායි නංගී ඇවිත් ඉන්නවා....සර්ව හම්බවෙන්න ඕනෙලු...ඊයෙත් ආවා......"

ශාන්  යීබෝ දෙස බලද්දී ඔහු හුනස්නෙන් නැඟිට්ටේය .. ඔහුට ඇමතුම ඇසෙන්නේ නැත.... ශාන් ඇස්වලින් කොහෙද යන්නේ යැයි අසද්දී යීබෝ  වොෂ් රූම් එක පෙන්වීය ..

" උඩට එවන්න....."

ශාන් දෙගිඩියාවෙන් කීවේය ... ඔවුන් තමන් හමුවීමට ආයතනයට එන්නේ මන්දැයි ශාන්  දස අතේ කල්පනා කරද්දීම ස්ටෙලා ඔවුන් දෙදෙනා සමඟ දොර අසලට එනු ශාන්  දුටුවේය .....

දොරට තට්ටුකරන හඩ ඇසුනි ....

" කමින්...."

ශාන්  කියද්දී ස්ටෙලා දොර ඇරියේය .... මව සහ දුව සිනාමුසු මුහුණින් ඇතුලට ආවේය ....

" ඉතින් කොහොමද පුතා.....".

ශෙරීන් හරි ආදරණීය ලෙසින් එලෙසින් අසාගෙන තම දියණියගේ අතකින්ද අල්ලාගෙන  ශාන් ඉදිරියට ආවේය ...

" වාඩිවෙන්න ..."

ශාන්  හැඟීම් විරහිත ලෙසින් කීවේය ..

" ඉතින් අපි ඊයෙත් ආවනේ...ඔයා ඔෆිස් එකේ නෑ කිව්වා...."

විශාල ඔෆිස් කාමරය පුරාවට දෙනෙත් යවමින් ශෙරීන් කීවේය ....කැතීගේ දෑස් කෙලින්ම එල්ලවී ඇත්තේ ශාන් දෙසටය....

" අනේ ගගා....මේ වොෂ් රූම් එකේ හෑන්ඩ් වොෂ් එක නම්........................සු..........."

යීබෝ  වොෂ් රූම් එකේ සිට කෑගසාගෙන එළියට ආවත් ශාන්  ඉදිරියේ වාඩිවී සිටින දෙදෙනාව දැක පුදුමයට මෙන්ම කෝපයටද පත්වුනේය..

💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )Tempat cerita menjadi hidup. Temukan sekarang