💍💍 Are YOU KIDDING ME 💍💍 ....
උනුහුම මත දැවටුන
ඔබේ අතැගිල්ල......
සොයනා පහස හැම විට
මගේ දැගලිල්ල(ඩම්ටි).....
සිහිනෙන් ඇවිත් පුබුදන
ඔබේ ඇවිලිල්ල.....
රස කතාව ගෙතුමටමය
සැරසිල්ල........
සීතබූතාගෙන්
ඩම්ටිට.........
tharuekanayake94 නංගා ගොඩාක් ස්තූතී වස්තූ 💚❤️💚❤️ .....
************************************
" ඔන්න වන්ග් හෙට අපි හතර දෙනාට ඩිනර් වලට ඉන්වයිට් කරලා..... හතවෙනකොට රෙඩිවෙන්න ඕනෙ ඔක්කොම ....ගෙනියන්න දේවල් යුන්හි යීබෝ පුතා එක්ක කතාකරලා ඔඩර්කරන්න..."
ඉතින් ඒ ඉල්ලීමක් නම් නොව අනකි.... තිදෙනාම හා යැයි හිස සැලුවේය... එතැන් පටන් තේ මේසයේ දැඩි නිහැඬියාවක් පැවතුණි.. ... දැන් ඉතින් පූසෙකු ඉල්ලන්නට මානසිකත්වයක් යිබෝට නැත.... වන්ග් නිවසට යනබව ඇසුන සැනින් යීබෝගෙ මුහුණ වෙනස්වී යන අයුරු ශාන් හොදින්ම දුටුවේය ...
විවාහ වීමට පෙර ශාන් යීබෝගෙ සහ ඔහුගේ පවුලේ විස්තර සොයද්දී වන්ග් ගේ දැන් බිරිද සහ දරුවන් තිදෙනාම යීබෝට මඳක් වත් කැමති නැති බව සොයා ගත්තේය...එමෙන්ම අවුරුදු හතරේ සිට කිසිම නිවාඩුවකට ඔහුව නිවසට රැගෙන ගොස් නැති බවත් ශාන් හොයා ගත්තේ ය... ඉතින් එවන් තොරතුරු දැනගෙන සිටින ශාන් යීබෝගෙ මුහුණ වෙනස් වන අයුරු දැක කලබල වූයේ නම් නැත...
පුරා හෝරා දෙකක් හෝ තුනක් ඔවුන් එම නිවස තුළ සිටියේය... කොයිතරම් දේවල් කතා බහ කරත් යීබෝ සිටින්නේ සතුටින් නොවන බව ශාන් දුටුවේය...ශාන් ඔහුගේ පියා සමඟ ඔෆිස් කාමරයට ගොස් ව්‍යාපාර කටයුතු සාකච්ඡා කළ අතර රාත්‍රි ආහාර සඳහා පහළට යන තුරුම යීබෝ යුන්හී අසලට වී සීටියේය...
🌃🌃🌃🌃🌃🌃🌃🌃
" ඩම්ටි..."
" හ්ම්ම්ම්..."
",අද ගේම් එපාද..."
පහළට ගොස් රාත්‍රී ආහාර ගෙන පැමිණි වහාම යීබෝ ශාන් අසලින් පුටුව තබාගෙන වාඩි වුණු නිසා ඔහු ඇසුවේය ...
" අද බෑ......"
යීබෝ ශාන්ගේ උරහිසෙහි හිස තියා ගනිමින් කීවේය... ඒ හඬෙහි ඇත්තේ වේදනාවක් බව ශාන් තේරූම් ගත්තත් මේ මොහොතේ කිසිවක් කතා කරන්නට ගියේ නැත...පියාට මොනම හේතුවකින් වත් මේ ගමන නොයා සිටිමු යැයි යෝජනා කරන්නට නොහැකිය... ඉතින් බොරුවට වචන නාස්ති නොකර shan ඔහුගේ රාජකාරි සඳහා අවධානය යොමු කළේය...
ESTÁS LEYENDO
💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )
Fanfiction❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක්...
