His First Sin

413 91 37
                                    

"I love you Jung Hoseok..Will you be my boyfriend? " මං හොසොකි ඉස්සරහෙන් දනගහගෙන එයාගේ දිහාවට රෝස මලක් දික් කරන ගමන් කිව්වා.. එයාගේ කම්බුල් දෙක රතු වෙලා තිබ්බා..

"I love you too namu.." හොසොක් මගේ අතෙන් රෝස මල ගන්න ගමන් පහත් වෙලා මගේ කම්බුලෙන් පුංචි හාදුවක් තියන ගමන් කිව්වා..

"හිප් හිප් හුරේ!!!!!!!" එක පාරටම ජින්, ටේ, යුන්ගි ජන්කුක් ඔක්කොමලා අපි දෙන්න හිටං හිටිය ලොකු ගහ පිටිපස්සෙන් ඇවිත් කෑගැහුවා..

"වොඃ වොඃ!!! Finally!!! හොදම යාළුවො දෙන්න කපල් එකක් වුනා නේ.." ජින් කෑගැහුවේ හොසොක් රතු වෙන ගමන් බිම බලද්දී..

"ඔව් ඔව් ඉතිම්.. දැන් අපිට පාර්ටි එකක් දෙන්න කාලේ නම්ජුන්..!!!" ටේහ්යුන්ග් මගේ ලගට ඇවිත් කරට නගින ගමන් කිව්වා..

"මගේ හ්යුන්ග් ව පරිස්සමින් බලාගන්න නම්ජුන් හ්යුන්ග්..." යුන්ගි ඇවිත් මාව බදාගන්න ගමන් කිව්වා..

"අහ්හ්හ් ඔය මොනා උනත් හොසොකි තාම මගේ වයිෆි.." ජින් හ්යුන්ග් ගිහින් හොසොකි ගේ කරට අතක් දාන ගමන් කිව්වා...

"යස්... මේ මගේ හබි.." හොසොක්ත් හිනා වෙලා මං දිහා බලන ගමන් කිව්වා..

"ඔව් ඔව්.. මගේ හබි නම්ජුනි.. එන්න ජුනි.." ටේහ්යුන්ග් මගේ කම්බුලක් කිස් කරන්න හදන ගමන් කකුලක් මගේ ඉනවටේ ඔතාගත්තේ ගැරඩියෙක් වගේ..

"යාහ් යහ්හ්!!" හොසොක් කෑගැහුවා..

"හම්නේ ජෙලි හොසොක්..!!" ජන්කුක් කෑගැහුවා..

"තමුසෙලා නම්.." ජිනත් කෑගැහුවා..

"ඇයි ඇයි.. මොකතේ??" ටේහ්යුන්ග් තාමත් මගේ ඇගේ එල්ලිලා කෑගැහුවා..

"බහිනවා.." හොසොක් කෑගහන ගමන් මගේ පැත්තට දුවන් එද්දී ටේහ්යුන්ග් බය වුනා ඒ නිසා හිනා වෙලා එයා මාවත් පෙරලන් දිව්වේ හොසොක් එයා පස්සෙන් දුවද්දී..

මං වැටුණු විදියටම බිම තණකොළ වලින් ඔලුව තියා ගත්තේ කට්ටියගේ කටහඩවල් මට ඇහුනු නිසා.. ලොකු ගහක් යට අපි හිටියා වුනත් ඒ කොළ අතරෙන් ආපු ඉර එලිය මගේ මුනට වැටෙමින් තිබ්බා.. එයාල ටිකක් වෙලා යනකම් පාර්ක් එක වටේ දුව දුවා ඉන්නවා කියලා මං දන්නවා.. එයාලගේ හිනා හඩ මට ඇහුනා..

මොහොතකට මට සතුටක් දැනුනා.. ජිවිතේ එක මොහොතකට මට දැනුනා මං ආයෙත් පණපිටින් කියලා..

හොසොක් තමා ඒ හැමදේටම හේතුව..

𝗟𝗶𝗳𝗲 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗻𝗲𝗿 | 𝗡𝗮𝗺𝗵𝗼𝗽𝗲 √Where stories live. Discover now