His Second Sin

266 85 30
                                    

"මං හින්දයි හැමදේම!!! මං නිසයි හැමදේම වුනේ හොසොක්..!! මං මහා පවුකාරයෙක්..!!" මං එතන තිබ්බ වීදුරුවක් පොලවේ ගහන ගමන් කෑගැහුවා..

"නෑ නෑ.. එහෙම නෑ නමු.. කෝ එන්න.. කෝ.." මං කාමරේ හැමදේම පොලේ ගහල කුඩු කරත්, හැමදේටම පයින් ගැහුවත් එයා ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැතිව මං ලගට දුවන් එන ගමන් කිව්වා..

"එන්න එපා.. මං ඔයාට රිද්දයි.." මං එයාට කෑගැහුවා... මං එහෙම කරන්නේ නැති වුනත් මං බය වුනා.. මට ඕනේ නෑ මගේ හොසොක් ට පොඩි රිදවීමක් වත් වෙනවා දකින්න..

"ඔයා එහෙම කරන්නේ නෑ.. මගේ පණ.." හොසොක් මගේ ලගට ඇවිත් එයාගේ ඇගිලි වලින් ඉස්සිලා මගේ මුණෙන් අල්ලාගෙන කිව්වා..

"මං පවුකාරයෙක් හොසොක්.. මං පවුකාරයෙක්.." මං එයාගේ ඉන වටේ අත පටලවා ගෙන එයාගේ උරෙස්සෙන් ඔලුව තිබ්බේ මට මොහොතකට මේ දැනෙන වේදනාකාරී හැගීම නැති වෙයි කියන බලාපොරොත්තුවෙනුයි..

"අඩන්න අඩන්න.. අඩල හැමදේම අමතක කරන්න පණ.. හැමදේම හරියයි.. හොසොකි ඉන්නවා ඔයා එක්ක.. මං ආදරෙයි ඔයාට.. මන් ඉන්නවා.." හොසොක් මට කියද්දී මං ඔලුව චුට්ටක් එහා මෙහා කරා..

"මට අඩන්න බෑ.. මං දුර්වල නෑ.."

"ඔයා දුර්වල නෑ මගේ පණ.. ඔයා ශක්තිමත්.."

එයා එච්චරයි කිව්වේ..ඊට පස්සේ එයා නිහඩවම මගේ ඔලුව අත ගෑවා... විනාඩි දහයක් පහලවක් ඒ විදියටම එයා එකදිගටම මගේ ඔලුව අතගෑවා.. මං එයාගේ ඉනෙන් තද කරලා බදාගෙන එයාගේ උරෙස්සෙන් ඔලුව තියාගෙන මගේ දුක පුළුවන් තරම් කදුළු කරන්න උත්සහ කරා..එත් හැමදාම හිත ගලක් කරගෙන ජිවත් වුනු මට අඩන්න බැරි වුනා.. එත් එයා මගේ දුක අඩු කරා..

මගේ හොසොක්.. මගේ ජීවිතය..මගේ වේදනානාශකය...





𝗟𝗶𝗳𝗲 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗻𝗲𝗿 | 𝗡𝗮𝗺𝗵𝗼𝗽𝗲 √Where stories live. Discover now