His Eighth Sin

208 68 13
                                    

"තමුසෙගෙ පවු තමුසෙම ගෙවපන් නම්ජුන්.." අප්පා මට කෑගැහුවා... මගේ ඉස්සරහින් හොසොක්වත් අනෙක් පැත්තෙන් යුන්ගිවත් පුටු දෙකක ගැට ගහලා තිබ්බා.. යුන්ගිට සිහිය තිබ්බේ නෑ.. එයාගේ ඔලුව පහලට වැටිලා තිබ්බා.. එක අපේ අප්පාගේ මුලස්ථානයක්‌.. මං දැනන් නොහිටිය..

"මොකක් ද?? අප්පා මොනවද ඔයා මේ කරන්නේ මට තෙරේ---"

"තෙරුන් ගන්න දෙයක් නෙවේ.. තෝ මගේ දරුවෙක් නෙවේ... තෝ පවුකාරයෙක්.."

එක කියන හැම හැම සැරේම මට රිදුනා..එත් මේ සැරේ එක මට භයානක විදියේ හැගීමක් ගෙනත් දුන්නා..

"තමුසෙගෙ ඇස් ඉස්සරහ තමුසේ ආදරේ කරන කෙනා මං අද මරල දානවා.. හරියට තමුසේ ඉපදෙද්දී මං ආදරේ කරපු කෙනාව මරන් ආපු එකේ තමුසෙට මේක පොඩි දෙයක්.." අප්පා එහෙම කියන ගමන් හොසොක් ලගට ගන් එක ඇරන් ගියා.. එත් හොසොක් කෑගැහුවේ නෑ..

"මං ඔයාට ආදරෙයි නම්ජුන්.. ඔයා යන්න මෙතනින්.. මගේ මල්ලිවත් අරගෙන---"

"නෑ නෑ.. එයාව මරන්න එපා.. එයාව මරන්න එපා... කරුණාකරලා එයාව මරන්න එපා.. ප්ලීස් අප්පා.. මං ඕනෙම දෙයක් කරන්නම්.. මං එයාව අතාරින්නම් ප්ලීස් එයාට ජිවත් වෙන්න දෙන්න අප්පා.. මං ඉල්ලන්නේ එච්චරයි.. ප්ලීස්.." මං මං හිටිය තැනම දැනගහ්ගෙන අප්පගෙන් ඉල්ලුවා..

කවදාවත් නැති විදියට මගේ ඇස් දෙකෙන් කදුළු ගලන් ආවා.. අප්පට දකින්න ඕනේ වුනු දෙය කියලා මං දන්නවා...

ඇයි දෙවියනේ ඉපදුනු වෙලේ මාව මරා දැම්මේ නැත්තේ.. එහෙම වුනා නම් මේ කිසිම දෙයක් නෑ!!

"හරි මං ඌව නොමරා ඉන්නම්.." අප්පා එහෙම කියන ගමන් මගේ ලගට ආවා..

නෑ එයා මට හොසොක්ව මරන්න දෙන්න නෙවේ නේ ද යන්නේ..?

නෑ නෑ එහෙම වෙන්නේ නෑ.. එහෙම වෙනවට වඩා හොදයි මං මගේ ඔලුවට වෙඩි තියා ගන්නවා..

අප්පා මගේ ලගටම ආව.. එත් මං බිම දනගහගෙන බිම බලන් හිටිය.. මට බෑ.. එයා මට කියලා හැමදාම කරගත්තේ ඒ වගේ පවු වැඩ..

"ඔලුව උස්සපන්.. " අප්පා කෑගැහුවා...මං කරන්න දෙයක් නැති කමට ඔලුව ඉස්සුවා..

"මේක ගන්නවා.. " අප්පා මට ගන් එක දුන්නා.. එත් මං එක ගත්තේ නෑ..

"මේක අරගනින්,." අප්පා මගේ ඔලුවට ගන් එකෙන් ගහලා මාව නැගිට්ටවලා එක මගේ අතට දුන්නේ බලෙන්..

"තියපන්.. ඇර පොඩි එකාට...."

"නෑ!! නෑ!! නම්ජුන්.. නෑ!!"

𝗟𝗶𝗳𝗲 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗻𝗲𝗿 | 𝗡𝗮𝗺𝗵𝗼𝗽𝗲 √Where stories live. Discover now