යුන්ගිව මරන්න??
මගේ මල්ලි වෙලා හිටිය කෙනාව මරන්න??
හොසොක් ගේ මල්ලිව මරන්න??
හොසොක්ගේ එකම පවුල නැති කරන්න??
එකත් හොසොක් වෙනුවෙන්??
එත් සමහරවිට එයාට රිදෙන එකක් නෑ මන් එයාව සිහිය නැති වෙලාවක මරපු එක ගැන...
මට බෑ හොසොක්ව මරන්න.. එත් මට බෑ යුන්ගිව මරන්න...
මං මොනවද කරන්නේ?? මට තේරෙන්නේ නෑ.. මං මොනවද කරන්න ඕනේ??
'මරන්න!'
පළවෙනි වතාවට මගේ හිත මට එහෙම කිව්වා.. පළවෙනි වතාවට මගේ හිත කැමති වුනා කෙනෙක්ව මරන්න..
'හොසොක් ඔයාට වෛර කරයි...එහෙම කරන්න එපා..' මගේ හිතම අයෙත් කිව්වා..
'මරන්න..!!' මගේ හිත කෑගැහුවා..
'එපා...' මගේ හිත මටම අයෙත් කියුවා...
හොසොක්ට මැරෙන්න දෙන්න බෑ එත් යුන්ගිව මරන්න බෑ!??
"මරපන්!!" අප්පා කෑගැහුවා..
'මරන්න!!" මගේ හිතත් කෑගැහුවා..
"නෑ!! මරන්න එපා!! ප්ලීස් මරන්න එපා!! එයාට වෙඩි තියන්න එපා!! මගේ මල්ලිව මරන්න එපා පවුකාරයෙක් වෙන්න එපා!!! මගේ මල්ලිව මරන්න එපා කිම් නම්ජුන්!!" හොසොක් මට කෑගැහුවා..
මගේ ඔලුව පුපුරන්න වගේ මට දැනුන... මට මාව පාලනය කරන්නේ මං නෙවේ කියලා තේරුනා..
"මං පවුකාරයෙක් නෙවේ..!!" මගේ හිත කෑගැහුවා..
"ඇති ඇති ඇති!!!!!!" මං ඇස් දෙක පියාගෙන කෑගහද්දී මගේ හිත තව තවත් ඝෝෂාකාරී වුනා..
"තමුසෙට මං දෙන අවසන් අවස්තාව!! මරපන්!!" අප්පා කෑගහද්දී මං ඇස් දෙක පියාගෙන ශුට් කළා..
මගේ ඇති මං මේ ලෝකේ හුගක්ම ආදරේ කරපු තුන් වෙනි මනුස්සයත් නැති වුනා කියලා මට තේරුනේ ගන් එකේ සද්දෙත්, හොසොක් ගේ කෑගසිමත්, අප්පාගේ හිනාවත් එක්කයි..
"හැමෝම හරි කිම් නම්ජුන්!!! තමුසේ පවුකාරයෙක්!!!!"
YOU ARE READING
𝗟𝗶𝗳𝗲 𝗼𝗳 𝗮 𝘀𝗶𝗻𝗻𝗲𝗿 | 𝗡𝗮𝗺𝗵𝗼𝗽𝗲 √
Fanfiction"තමුසේ මහා පවුකාරයෙක්..." "ඔයා හරි..හැමෝම හරි.. මං පවුකාරයෙක්.. එත් මං පසුතැවුනේ නෑ මොකද මං ඔයාට කිසිම පවක් කරලා තිබුනේ නැති නිසා.. අන්තිමේදී ඔයාත් මට පවුකාරයෙක් කියලා කිව්වා.. මං අන්තිමේදී ඔයාටත් පවුකාරයෙක් උනා..මං පවුකාරයෙක් මං පිලිගන්නවා.." Start...