Party එකෙන් පස්සෙ ආරොයි ටේහ්‍යුනුයි එයාලගෙ අලුත් ගෙදරට ආවා.. ආරෝ කිසිම දෙයක් ටේහ්‍යුන්ගෙන් ඇහුවෙ නෑ.. මොකද ටේහ්‍යුන්ට ආරෝ බයක් දැක්වුවා.. රෑ 10.00ට විතර එයාලා kim mansion එකට ආවා..
ටේහ්‍යුන් කා(ර්) එකෙන් බැස්සට පස්සෙ ආරොත් කිසිම දෙයක් නොකිය ටේහ්‍යුන් පස්සෙන් ගියා..
" වාව්ව්....."
චාම් පරිසරයක පිහිටලා තිබුන Kim mansion එක දිහා ආරෝ වශී වෙලා වගේ බලාගෙන හිටියා.. පුංචි පඩිපෙලවල් ටිකක් නැගගෙන ගියපු ටේ ආරෝ එනවද කියලා පිටිපස්ස හැරිලා බැලුවත් කොල්ලා දැක්කෙ තාමත් කා(ර්) එක ගාවට වෙලා කටත් ඇරන් බලන් ඉන්න කෙල්ලව..
" ම්හ්හ්.. ම්හ්හ්.. මිසිස් කිම් තමුන්ට ගේ ඇතුලට එන්න අදහසක් නැද්ද...?"
ටේහ්‍යුන් උගුර පාදලා එයාගේ ගොරෝසු කටහඩින් එහෙම කියද්දි ආරෝ පොඩ්ඩක් ගැස්සුනා.. තමන් දිහා දවා අවුලන බැල්මක් දාගෙන හිටපු ටේහ්‍යුන් දැකපු ආරෝ ඉක්මනට එයා ගාවට ගියා.. ටේහ්‍යුන් ආරෝ එක්කම mansion එක ඇතුලට ආවා..
ලිවින් රූම් එක ලග නැවතුන ටේහ්‍යුන් එයාගේ මූනේ තිබ්බ cold look එක වෙනස් නොකරම ආරෝ දිහා බැලුවා.. කෙල්ල ගවුමත් උස්සගෙන අමාරුවෙන් mansion එක ඇතුල හොදට බල බල හිටියා..