Ara pov...
හොද හුස්මක් පහලට දාලා ඈත පේන සෝල් නගරය දිහා මම ටික වෙලාවක් බලාගෙන හිටියා.. හැමදාමත් වගේ එක ම දේ මට කල්පනා කරන්න තියෙන්නේ..
ටේහ්යුන් ශි.. මම කොච්චර එයාව පිළිකුල් කරත්, මගේ යටි හිතෙ එයා ගැන තිබුන ආදරේ මට නැති කරගන්න පුලුවන් උනේ නෑ..කල්පනා සාගරේ ගිලිලා හිටපු මාව ඒකෙන් අවදි උනේ ඉයුල්ගෙ පුංචි කෙදිරිගෑම් වලින්.. කොල්ලා නැගිටලා.. හැමදාම නැගිට්ටම අඩන එක මේ කොල්ලට පුරුද්දක් වෙලා.. මූණට ආයාසයෙන් හිනාවක් මවාගෙන මම පුංචි පැටියා ගාවට ගියා..
" මගෙ වස්තුව නැගිට්ටද.. ම්ම්.. "
තාමත් නිදිමතෙ හිටපු ඉයුල්ව දැක්කම මට මතක් උනේ ටේහ්යුන් ශිව.. එයත් මේ වගේමයි..
" අප්පා වගේ ම යි.."
අප්පා කියන වචනය ඇහුන ගමන් ඉයුල් අහන්නෙ එයාගෙ අප්පා ගැන.. ආපහු ප්රශ්නයක් අහන්න කලින් මම එයාව කිස් කර කර බාතෲම් එකට අරන් ගියා.. වොශ් එකකුත් දාගෙන ඉයුල් ඉක්මනට දිව්වෙ පල්ලෙහාට..
" මේ කොල්ලත්.."
ඇදත් අස් කරලා සුපුරුදු පරිදි මාත් මගේ morning routine ටික කරලා ඔන්නිව හම්බ වෙන්න කියලා පල්ලෙහාට ගියා.. ඒත් පල්ලෙහා හිටපු කෙනාව දැකලා මම ශොක් උනා..
" ආරා.......... "
නෑ නෑ.. මේක වෙන්න බෑ... එයා.. එයා කොහොමද මෙහෙ.. මාව දැකලා එයත් හොදට පුදුම වෙලා..
මට මතක් උනෙ ඉයුල්ව.. එයා මෙතනට ආවොත් ලොකු විනාශයක් වෙන්නෙ.. මම පුලුවන් ඉක්මනට එතනින් දුවලා යන්න හැදුවත් ටේහ්යුන් ශි මගෙ අතින් ඇදලා එයා ගාවට ගත්තා..
Third person pov...
ටේහ්යුන් ආරෝව දැක්කම හුගක් ශොක් උනා වගේම ආරොත් ටේහ්යුන් ව දැක්කම හොදට ම ශොක් උනා.. ඒත් ආරෝගෙ පුදුමය ඉක්මනින් බයක් බවට පෙරලෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.. කිසිම දෙයක් ගැන දෙපාරක් නොහිත ආරෝ ඉයුල්ව හොයාගෙන යන්න ගියේ පැටියව ටේගෙන් හංගන්න.. ඒත් ටේහ්යුන් එයාට වඩා ඉක්මනින් උනා..