හාදුව තව ටිකක් ගැඹුරට ගෙනියන්න හැදුවත් එකපාරටම ආරෝ ටේව පස්සට කරා.. පුදුම උන ඇස් දෙකකින් තමන් දිහා බලාගෙන ඉන්න ටේ ගාවින් ඉක්මනින් අයින් වෙන්න කෙල්ලට ඕනෙ උනා..
" අයින් වෙන්න.. "
කිසිම දෙයක් හිතාගන්න බැරුව ටේ කෙල්ලට යන්න දුන්නා.. ඒත් ඒක වැඩි වෙලාවකට සීමා උනේ නෑ.. පඩිපෙල් දෙක තුනක් නගින්න ආරෝට හම්බ උනේ නැ..
" තමුන්ට මගෙ හැගීම් සෙල්ලමක් උනාද ආරෝ.."
ආරෝගේ වැලමිට තරයෙන් අල්ලගෙන හිටපු ටේ කෙල්ලගෙන් අහද්දි කෙල්ල ගොලු උනා..
" මාව අතාරින්න.. "
කොල්ලගෙ දැඩි ග්‍රහණයෙන් මිදෙන්න උත්සාහ කරන ගමන් ආරෝ කිව්වා.. කොච්චර දැගලුවත් කොල්ලා නම් කෙල්ලව අතාරින්න හිතුවෙවත් නෑ.. එක එල්ලෙ බලාගෙන ඉන්න ටේහ්‍යුන්ගෙ ඇස් දෙක ආරෝව තව තවත් නොසන්සුන් කරා..
" මගෙ ප්‍රශ්නයට උත්තරක් දෙන්න.. චේබාල් ආරෝ.. "
කෙල්ල ටේට උත්තර දෙන්න උවමනාවක් තිබුනෙ නෑ.. තමන්ගෙ මුලු වෙරයම යොදලා ටේහ්‍යුන්ව කෙල්ල තල්ලු කරා.. ඒත් හිතපු නැති විදිහට කොල්ලගෙ කකුල පෙරලුනෙ ආරෝගේ වේදනාත්මක කෑගැහිල්ල මුලු ගෙදරට ම ඇහෙද්දි..
" ටේහ්හ්හ්හ්හ් !!!!! "
Ara pov...
" ටේහ්හ්හ්හ්හ් !!!!! "
හහ්.. මොකක්ද.. මොකක්ද මම ඒ දැක්කෙ.. ඒක.. ඒක හීනයක්ද..
" ඔ..ඔම්මා.. "
" අහ්.. නේ ජගී.. "
" වේ ඔම්මා කෑගැහුවෙ.. "
ඒක හීනයක්ද.. පව් මගෙ පොඩි එකත් ඇහැරලා.. නිදිමත ඇස් පොඩි කර කර බලාගෙන ඉන්න ලස්සන..
" මියානේ ඔම්මට.. ඔම්මා නරක හීනයක් දැක්කනෙ.. පැටියා දැන් නිදාගන්නකො.. හරිද.. "
" හුම්.."
ඉයුල් ආපහු අනිත් පැත්තට හැරිලා නිදාගත්තා.. පස්සත් උඩ දාගෙන නිදාගන්න ලස්සන.. ආයිශ්.. මුලු ඇගම දාඩිය දාලා..