Chapter 19 🖤💕

81 15 0
                                    

Third person pov...

ටේහ්‍යුන් dna result එකත් අරගෙන පුලුවන් ඉක්මනට ජින්ගෙ ගෙදරට ගියා.. වාසනාවටද අවාසනාවටද මන්දා අද ජින්ට ඔෆිස් නොයා ලමයින් එක්ක ඉන්න හිතුන නිසා කට්ටියම ගාර්ඩ්න් එකට වෙලා සතුටින් හිටියා..

ටේහ්‍යුන්ගේ කා එක ගේට් එකෙන් ඇතුලට එද්දි ම පුංචි ඉයුල් දුවගෙන ගියෙ කොල්ලව බලන්න තියෙන ආසාවට.. කා එකෙන් බැහැපු ටේ ඉක්මනට එයා ගාවට දුවගෙන එන පුංචි දගයව තුරුලු කරලා බදාගත්තා..

ටේහ්‍යුන් ට සතුටුයි.. මොන අප්පට ද ඉතිං සතුටු නැත්තේ තමන්ගෙ දරුවා මෙහෙම එද්දී.. පුංචි ඉයුල්ගෙ මුලු මූණම කිස් කරලා කොල්ලවත් වඩාගෙන ම ටේ ගාර්ඩ්න් එකට ගියා.. ඉයුල්ව හොයාගෙන ආව ආරෝ එක තැන ගල් උනේ ඉයුල් ටේ ගාව ඉන්නවා දැකලා..

" ආරා.... "

ටේහ්‍යුන්ගේ නිවුනු ගැඹුරු කටහඩ අවදි වෙනවා කියන්නේ මොකක් හරි දෙයක් වෙලා තියෙන බව ආරෝ හොදාකාරම දන්නවා.. තවත් කිසිම දෙයක් නොකිය තාමත් තමන්ගෙ අතේ තිබුන dna result එක ආරෝගෙ අතට දමලා ගැහුවෙ දුකක් මිශ්‍ර උන කේන්තියෙන්..

වෙව්ලන අත් වලින් රිසාල්ට් එක කියවපු කෙල්ලටනම් දැන් හීන් දාඩියත් දාලා.. පැත්තකට වෙලා බලාගෙන හිටපු ජින්සොෆී කපල් එකත් කිසිම දෙයක් නොකිය හිටියා.. ජින්ට වගේම සොෆීටත් තව දුරටත් මේ දෙන්නා දෙපැත්තක ඉදන් විදවනවා බලන්න උවමනාවක් තිබුනෙ නෑ..

ඇත්තට ම මොන ඔප්පටද ඕනේ එයාගේ නංගි දරුවෙක් එක්ක තනියම විදවනවා බලන්න.. මොන නූනටද ඕනේ තමන්ගෙ මල්ලි එයාගේ වයිෆුයි නොදැන හිටපු දරුවයි නැතිව වේදනා විදිනවා බලන්න..

ආරෝ තාමත් ගොලු වෙලා.. කිසිම දෙයක් කෙල්ලට කියාගන්න බෑ.. මෙච්චර කාලයක් රැකගෙන හිටපු රහස දැන් තවදුරටත් රැකගෙන ඉන්න බෑ.. ටේහ්‍යුන්ගේ අහංකාර ඇස් දෙක තාමත් තමන් දිහා බලාගෙන ඉද්දි වෙනදා දැනුන බයටම ආරෝගෙ ඇස් බිමට යා උනා..

" අප්පා... "

මුලු ගාර්ඩ්න් එකේ තිබ්බ නිශ්ශබ්ද තාවය බිදලා පුංචි ඉයුල් ටේට කතා කරා.. ඒකත් 'අප්පා' කියලා.. කොල්ලට පුදුමයි.. ඒ වගේම ආරෝටත්.. ජින්සොෆී කපල් එක බය වෙලා මූනට මූන බලාගද්දි යූනා දිහා බලලා ඉයුල් හිනා උනා..

Destiny ( COMPLETE )Where stories live. Discover now