Chapter 06 🖤💕

93 14 1
                                    

වටපිටාවෙන් ඇහෙන එක එක උස් පහත් කටහඩවල් වල සද්දය නිසා මෙච්චර වෙලාවක් faint වෙලා හිටපු ආරෝ හිමින් හිමින් ඇස් ඇරියා..

" ම්ම්හ්හ..."

කෙල්ලගෙ ඇගට දැනුන අප්‍රාණිකබව නිසා ඔලුවත් අල්ලගෙන අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බැලුවා.. ඒත් එක්කම එතනට ආව කෙනා ආරෝට කතා කරා.. හරියට ම පැහැදිලි නොවුනත් ඒ කටහඩ සොෆියගෙ කියලා කෙල්ලට අදුරගන්න පුලුවන් උනා..

" ආරෝ පැටියා.. දැන් කොහොමද ඔයාට.. " 

ආරෝ   ' මම හොදින් '  කියන්න වගේ ඔලුව වැනුවා.. සොෆී කෙල්ලගෙ උරහිසෙන් සහ ඔලුවෙන් අල්ලගෙන හෙඩ් බෝඩ් එකට ආරෝව හේත්තු කරා.. ආරෝ ඊට පස්සෙයි දැක්කෙ එයා ඉන්නෙ ටේහ්‍යුන්ගේ රූම් එකේ කියලා.. වටපිට බැලුවත් ටේ රූම් එකේ හිටියෙ නෑ..

" ටේව ද හොයන්නෙ.. ?"

ආරෝ ඔලුව වැනුවා.. සොෆී කෙල්ලට වතුර වීදුරුවක් දික් කරාම ආරෝ ඒක එක හුස්මට බීලා දැම්මෙ උගුර වේලිලා වගේ දැනුන නිසා.. ටික වෙලාවකින් ආරෝ කටහඩ අවදි කරා..

" ඔන්නි මට මොකද උනේ.. මට කිසිම දෙයක් මතක නෑ.. කෝ ටේහ්‍යුන් ශි.. කොහෙද එයා.."

" ටේ පල්ලෙහා ඇති ජින් එක්ක.. මම අද ආවෙ නැත්තං ඔයාට මොනා වෙයිද කියලා දන්නේ නෑ.. "

සොෆී ආරෝ ගාවට ඇවිත් කෙල්ලගෙ ඔලුව හිමිහිට අතගාන්න ගත්තා.. හුග කාලෙකින් හම්බුනෙ නැති සහෝදරියකගෙ උණුසුම විදිගන්න කෙල්ලත් සොෆීව බදාගත්තා.. කාලය නොදැනිම ගෙවීගෙන ගියා.. සේලයින් බෝතලය ඉවර වෙනවත් එක්කම බෙහෙත් වලට ආපු නිදිමතත් එක්ක ආරෝ සොෆීගෙ ඔඩොක්කුව උඩ ආපහු සැරයක් පුංචි සුරංගනාවියක් වගේ නිදාගෙන හිටියා.. ජින්ගෙ උදව්වෙන් කෙල්ලව හිමීට බෙඩ් එකෙන් හාන්සි කරවලා බ්ලැන්කට් එකත් පොරවලා ජින්සොෆී කපල් එක පල්ලෙහාට ගියා..

" ටේ.. අපි ගිහින් එන්නම්.. ආරෝව පරිස්සමෙන් බලාගන්න.. එයාගේ අතෙ තුවාලයට බෙහෙත් දාන්න හෙට ඩොක්ටර් ජන්ග් එයි.. එයාගේ බෙහෙත් වෙලාවට දෙන්න.."

" හරි හ්‍යුන්ග්.."

ටේහ්‍යුන් ගාවට ආපු සොෆී කොල්ලගෙ ඔලුව අතගාලා,

" මම දන්නේ නෑ ඔය දෙන්නා අතර මොන මොන ප්‍රශ්න තියෙනවා ද කියලා.. ඒත් ආරෝව පරිස්සමෙන් බලාගන්න.. කෑම ෆ්‍රිජ් එකෙ ඇති රත් කරගෙන කන්න.."

ටේහ්‍යුන් ජින්සොෆී කපල් එකව බදාගෙන දෙන්නට සමු දුන්නා.. ෆ්‍රිජ් එකේ තිබ්බ කෑමත් රත් කරගෙන කාලා, ගෙදර ලයිට්ස් ඔක්කොම නිවලා, දොරවල් වහලා කොල්ලා එයාගේ රූම් එකට ගියා..

රෝස පාට තොල් උල් කරගෙන නිදාගෙන හිටපු කෙල්ලගෙ කම්මුල් ඇරලා තිබ්බ ග්ලාස් වින්ඩො එකෙන් ආව සීතල සුලග නිසා රත් පැහැයට හැරිලා තිබ්බා.. සොෆියා මාරු කරලා තිබ්බ කෙල්ලගෙ රෝස පාට නයිටි ගවුම උඩින් දාලා තිබුන ලා රෝස පාට නෙට් එකකින් මහලා තිබ්බ ඕවර් කෝට් එක අස්සෙන් කෙල්ලගෙ ඇත්දල මාට හම මත තිබුන දම් පාට කැළැල් ගෙවුන රැයෙ කොල්ලගෙ හපන්කම් හොදින් පෙන්වලා දුන්නා..

( පූසා නෑ කියලා හිතාගන්න ඇ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( පූසා නෑ කියලා හිතාගන්න ඇ..😁💔)

විනාඩියක් දෙකක් නෑ පැය භාගයක් විතර ටේහ්‍යුන් කෙල්ල දිහා බලාගෙන හිටියා..

" තමුසෙ මං වගේ මනුස්සයෙක්ට අහිංසක වැඩියි ආරෝ "


























To be continue …………………

හෙහෙ කෝමැයි ඉතිං 🌝💔
හුග කාලෙකින් නේ..🌝💔

සමාවෙන්න ඕනෙ ඉතිං මේ අහිංසක ඕතරීට..🥲💔

ක්ලාසස්, ස්කූල් වැඩ, එක්සෑම් අස්සෙ කතාව දෙන්න වෙලාවක් තිබුනෙ නෑ ලමයිනෙ.. 🙂

මං හිතනවා ඔයාලට මාව තේරුම් ගනියි කියලා.. 🙂

හෙට හවසට දිග එකක් දෙන්නම් ඇ 😁

Destiny ( COMPLETE )Where stories live. Discover now