Chapter 3

166 31 62
                                    

"එසේයි" Wangji ඔහුට පිළිතුරු දුන්නේය.
Wuxian ඔහුව අධ්‍යයනය කලේය. අනතුරුව ඔහු සුසුමක් හෙළීය .Wangji අසුන්ගෙන සෙමින් ආහාර ගත්තේය
ආහාර ගැනිමෙන් අනතුරුව ඔවුන් Jimo කන්ද බලා පිටත් විය
Jimo කන්ද ඉතාමත් සුන්දර ස්ථානයක් විය මීදුමෙන් වැසුණු කදු මුදුන දෙව්ලොව සිරි මවාලීය. කුඩා දිය ඇල්ලක්ද කන්ද වසා පැතිරී ගිය වනය හා එහි සිටිනා නොයෙක් සතුන්  එම කන්දට තවත් සුන්දරත්වයක් එක් කලේය. ඔවුන් කුඩා දිය උල්පතක් අසල වෙහෙස නිවා ගන්නට නතර විය.

Wangji දිය පොදක් පානය කිරිමෙන් පසු තම
Guqin ය ගෙන වාදනය කලේය. මද වේලාවකින් Wuxian ගෙ  dizi යේ සත්සරය ද
එයටම මුසු විය
"ඔබට ඉතාමත් දක්ෂ ලෙස වාදනයට හැකි නේ " Xiao Xingchen  පැවැසීය. Wangji ගෙ සවනග රත් පැහැ විය. ඔහු හිස සොලවා අනුමත කලේය.

"අපි පිටත් වෙමුද ප්‍රමාද වෙනවා "
Wuxian තරමක් නොරිස්සුම් සහගතව පැවැසීය.
"පිටත් වෙමු කුමටද කෝප ගන්නේ"
Xiao Xingchen එසේ පවසමින් නැවත ගමන් ඇරඹීය.
ඔවුන් හෝරා කිපයකට පසුව කන්ද මුදුනේ පිහිටි වාසස්ථානය වෙත පැමිණියේය.
එහි පාසලත් යුධ පුහුණු වීමට ඇති කුටියට හා භෝජන ශාලාවට අමතරව ශිෂ්‍යයන්ට විසීමට පිළියෙල කර කුටි කීපයක් පැවැතිණි.
Wuxian තරමක් විශාල කුටිය ඉදිරියට ගොස්
"ගුරුතුමනි, ශිෂ්‍ය Wei Wuxian ඔබට ආචාර පුදකර සිටි "ලෙස පැවැසීය
ඒ අනුව යමින් Xue Yang සහ Xiao Xingchen ද ආචාර පුද කලේය
Wangji ඉදිරියට ගොස්
"නවක ශිෂ්‍ය Feng Quan ආචාර පුද කර සිටි" යයි පැවැසීය
එවිට කුටියේ දොර විවෘත කරගෙන ඉදිරියට පැමිනියේ ලා නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී සිටින කරුණාවන්ත පෙනුමැති මැදි වයසේ පුද්ගලයකි.
"ඔබ සියලු දෙනා සාදරයෙන් නැවත පිළිගන්නවා. ගමනේ අරමුණ ඉෂ්ට වුවාද"
"එසේයි ගුරුතුමනි " තිදෙනාම එකහඬින් පැවැසීය

Wangji අසලට පැමිණි Lan Qiren ඔහු දෙස හොඳින් බැලීය
අනතුරුව
"සාදරයෙන් පිළිගන්නවා "යැයි පැවැසීය.
"A''Xian" තරුණියක් හා තරුණයකු එහි පැමිනියේ එසේ පවසමින් Wangji දුටු ඔවුන් දිවීම නතර කර ඔහුට ආචාර කළේය

Wangji "මන් Feng Quan,  නවක ශිෂ්‍යයෙක් "

"මන් Wen Qing   අද සිට ඔබේ shijie "

"මන් Wen Ning "තරුණයා පැවැසීය

"Wei Wuxian , මොහුගෙ ශිල්ප පරීක්ෂා කරන්න හෙට සිට මා හුදකලා ධ්‍යාන වැඩිය යුතුයි සතියක් "
"එසේයි ගුරුතුමනි "
Lan Qiren නැවත කුටියට ඇතුළත් වූ අතර
Wen Qing  ඔවුන් වෙත ලගා විය.

Wuxian "ආව් "යනුවෙන් බෙරිහන් දුන්නේය
Wangji පුදුමයට පත්ව බැලූ විට දුටුවේ Wen Qing Wuxian ගෙ අතෙහි තමන්ගේ වෙද කටු ගසා ඇති බවයි
"Shijie මම කුමක් කළාටද "
"මත්පැන් පානය කර සිදු කරන නාඩගම් මා නොදන්නා බව සිතුවද "
Wuxian අසරණ බැල්මක් අන් අය වෙත හෙළීය එය දුටු Wangji ට මද සිනහවක් නැගුණි.
"ඔබ දෙදෙනාගේ කව්ද එය Shijie ට පැවැසුවේ "
"එසේද ,ඔවුන් පැවැසුවේ නෑ මන් අනුමාන කලා දැන් ඔබම එය තහවුරු කලේ "

"Shijie "Wuxian කුඩා දරුවකු මෙන් පැවැසුවේය
"කිමද දැන් ඔය ලෙසින් හැසිරෙන්නේ ? වයස කීයද ඔබේ "
"Shijie "Wuxian ගෙ දුක්මුසු ස්වරය ගැන අනුකම්පා සිතී Wen Qing වෙද කටු ගලවන ලදී
"යමු  shidi ගෙ ශිල්ප පරීක්ෂා කල යුතුයි නේ"

ඔවුන් යුධ පුහුණුවීම් කුටිය වෙතට ගමන් කලේය
එය ඉතා විශාල වූ අතර එක් එක ආකාරයේ කඩු කිණිසි ඇතුළු ආයුධ රැසක් තිබුණි
Wuxian තමන්ගේ කඩුව පිටතට ගෙන
Wangji දෙසට දිගු කලේය. Wangji ද තමන්ගේ කඩුව පිටතට ගෙන පහර දීම ආරම්භ කලේය.  Wuxian ට පහර දීම Wangji වෙත දුෂ්කර විය ඔහු සියලු ප්‍රහාර දක්ෂ ලෙස මග අරවා ගනිමින් Wangji ට ප්‍රහාර එල්ල කලේය. Wangji ට ප්‍රහාර මගහරිමින් ප්‍රතිප්‍රහාර එල්ල කල නොහැකි විය.
දක්ෂ ලෙස Wuxian Wangjiව නිරායුධ කලේය.

"ප්‍රහාර එල්ල කිරීම අති විශිෂ්ට ලෙස සිදු කලා. නමුත් ප්‍රහාර මගහැරීම දුර්වලයි .
අපි එය නිවැරදි කරගමු. වේගය හා ශක්තිය විශිෂ්ටයි "
Wuxian මද සිනහවෙන් පැවැසීය
Wangji ට සියුම් කෝපයක් දැනුන ද
Wuxian ගෙ සිනහවෙන් එම කෝපය නැතිව ගියේය.
"සාදරයෙන් පිළිගන්නවා Shidi" Wuxian පැවැසීය
   ●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

"නුඹ පවසන්නේ ඔහු ගියේ මගේ සොහොයුරු වෙතට බවද "
අධිරාජ්‍යයේ ගිගුරුවේය.
"අධිරජුනි"
"තී මට පෙර  පැවැසීමට තිබුණා නොවේද
නොදනී ද නුඹ ඔහූ මගේ අතීත වැරදි වලට අමනාපයෙන් වග"
"නමුත් "
"ඔබට අවශ්‍ය ඒ පිලිබදව Wangji දැනගැනීමටද ? ඔහුගෙ දෛවය මාගෙන් පසු
අධිරාජ්‍යයා වීමයි. ඔහු මේ කිසිවක් දැන නොගත යුතුයි"
"අධිරජුනි, ඔබේ සොයුරා දක්ෂ සෙන්පතියෙක්. ඔහුගෙන්  ශිල්ප හදාරන්න ලැබුණොත් Wangji අනාවැකිය පරිදිම අධිරාජ්‍යයා බවට පත් වෙයි "

   ඉදිරියට......

ඔන්න එහෙනම් දුන්නා sorry ඊයේ දෙන්න බැරි වුණාට.
මන් මේක ඉක්මනට ඉවර කරනවා
කියවනවා හැමෝම comments දාගෙන යන්නට අදහසක් කියල
Comments සීයක් තිබුනොත් හෙට උදේට එකක් දෙනව හවස එකට අමතරව

Tragedy of LoveWhere stories live. Discover now