Wangji සිටියේ Yuan ට අසිපත අල්ලා ගන්නා ආකාරය හුරු කරමිනි.
"A"Yuan අසිපත හුරු වෙනවා වගේ "
සුපුරුදු හඬ පැවැසීය. Yuan ක්ෂණයෙන් නැගිට දිවගොස් Wuxian ව වැලඳ ගත්තේ9ය
Wangji ඔවුන් දෙස බලා සිටියේය .Wuxian හා Xue Yang ඔවුන් ගෙනා රස කැවිලි Yuan ට ලබාදුන්නේය"ඔහුට ඔතරම් රස කැවිලි දෙන්න එපා ඔහු අසනීප වේවි" Wen Qing ඔවුන්ට බැන වැදුණි
"Shijie, ඔබට එසේ පැවැසීමට නොහැකියි
ඔබයි ඔහුට වැඩියෙන්ම කැවිලි ගෙනැත් දෙන්නේ" Wangji මද සිනහවෙන් පැවැසීය .
Wen Qing ඔහු දෙස රවා බලා කුටියට ගමන් කලේය. Xue Yang ද Xiao Xingchen හා Wen Ning හමු වීමට ගිය අතර එහි ඉතුරු වි සිටියේ Wangji හා Wuxian පමණි"කෙසේද ඔබට" Wuxian Wangji දෙස බලා විමසුවේය.
"මන් හොඳින් , ඔබට කෙසේද නිසි වේලාවට ආහාර ගත්තා නේද මත්පැන් පානය කලේ නෑ නේද "
"හෝ හෝ මඳක් සිටින්න ඔබත් Wen Qing වගේම වෙලා.මුල් කාළයේ වචන කීපයක් පමනක් කතා කල අහංකාර තරුණයාමද මේ"
"මා අහංකාර නොවේ. මන් නොහඳුනන අය සමග කතාව ප්‍රිය නෑ"
"එසේ නම් දැන් මා සමඟ මිතුරුයි නේද"
"හ්ම්"" බලන්නකෝ ඔබ තව සුන්දර වෙලා නේ "
Wuxian පැවැසුවේය.
Wangji ගෙ මුහුනම රතු පැහැයට හැරුණි
"ලැජ්ජා විරහිත තැනැත්තා" Wangji පැවැසීය. Wuxian එයට හඬ නඟා සිනාසී ඔහුගේ කොපුලක් ස්පර්ශ කලේය.රාත්‍රි ආහාර වේලාවෙන් පසු Wuxian හා Xue Yang ගුරුතුමා සමග සාකච්ඡාවක් සදහා ගිය අතර Lan Wangji Yuan ව Wuxian ගෙ කුටියට රැගෙන ගියේය. Yuan, Wuxian Jimo කන්දෙහි රැදී සිටින දවස්වල ඔහුගේ කුටියේ නින්දට ගියේය. Wangji පිටව යාමට සැරසෙද්දී Wuxian එනතුරු රැදී සිටින ලෙස ඉල්ලා Yuan ඔහුව රඳවා ගත්තේය. මද වේලාවක් Yuan සමග එක් එක් දේ කියමින් සිටි Wangji නොදැනුවත්වම නින්දට වැටුණි. අවදි වන විට ඔහු දුටුවේ අනෙක් ඇදේ Wuxian ගෙ පපුවට ගුලි වි නිදන Yuan වය. ඔහු Yuan ව ගෙන තම ඇදේ තබාගන්නට උත්සහ කල නමුදු Wuxian එය වළක්වාලීය
"ඔබ අවදියෙන් ද? මා සිතුවේ නින්දේ බවයි."
"මා නින්දේ සිටි බව සැබෑයි. Yuan ට එලෙසින්ම හිඳීමට ඉඩ හරින්න " Wuxian පැවැසීය
"ඔබ නිදාගන්නේ නැතිද" පිටව යාමට සුදානම් වන Wangji දෙස බලා Wuxian විමසුවේය.
"මා මගේ කුටියට ගොස් නින්දට යන්නම් "
"දැන් උදෑසන 2 හෝරාව ඔබ සුදානම් වෙන්නේ සියලු දෙනාම අවදි කරවීමට. මෙහි නින්දට යන්න මා ලාම්පුව නිවා දමනවා. " එසේ පැවැසූ Wuxian ලාම්පුව නිවා දමා දෑස් වසා ගත්තේය. Wangji ද නැවත නින්දට වැටුණි.

VOCÊ ESTÁ LENDO
Tragedy of Love
Fanficරාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද