Chapter 6

208 29 45
                                    

පසුදින සියලුම දෙනා අවදිවන විට උදෑසන 10 හෝරාව පමණ  විය. Wangji ට තම සහෝදරයෙකු අසනීපයෙන් පසු වන බවත් පණිවිඩයක් සෙවනැලි ආරක්ෂකයෙක් විසින් රැගෙන ආවේය. Wangji ආපසු මාලිගයට යාමට තිරණය කල අතර උදෑසන ආහාර වෙලාවේ ඔහු Jimo කන්දට දැන්ම නොපැමිණෙන බවත් දෙමව්පියන් හමුවීමට යන බවත් දැනුම් දුන්නේය.

" ඔබ  මේ දෙවසරටම  දෙමව්පියන් හමුවීමට ගියේ නැ.  එනිසා ඔබ යා යුතුමයි. නමුත් කනගාටුවට කරුණ මා ළඟ ත්‍යාග වශයෙන් දීමට කිසිවක් නොමැති වීමයි. ඔසු ටිකක් හෝ  යැවීමට අවශ්‍යයයි මට " Wen Qing පැවැසීය.
"කිසිවක් අවශ්‍ය නෑ Shijie මා අනිවාර්යයෙන්ම ඔබගෙ ආචාර පුද කරන්නම් "  Lan Wangji පිළිතුරු දුන්නේය.
සියලු දෙනාම දෙමව්පියන්ට දීර්ඝායුෂ පැතු අතර Wuxian පමනක් කිසිවක් නොපවසා සිටියේය.

    Wangji තම  ගමන් මල්ල රැගෙන ඒමට කුටියට ගොස් එන විට Wuxian කුටියේ පිටත රැදී සිටියේය Wangji දෙසට සෙමින් ලංවුණු Wuxian ඔහුගෙ නළල් තලය සිප ගෙන
"ප්‍රවේශමෙන් නැවත පැමිණෙන්න "
යැයි පවසමින් පිටවීමට සුදානම් විය. ඔහුව වළක්වා ගත් Wangji ඔහුව බිත්තියට හේත්තු කරගෙන ඔහුට තුරුළු විය.  Wuxian ගෙ දෑත් ඔහුගෙ බඳ වටා වෙලිණි. Wangji මද වේලාවක් එලෙසම රැදී සිටියේ දැනෙන සැනසීම නිසාවෙනි

"මට ඔබට පැවැසීමට යමක් තිබෙනවා. ඔබ නැවත එනතුරු බලාසිටිනව එය පවසන්න"
"දැන් පවසන්න " Wangji තද ස්වරයෙන් පැවැසීය.

   "නොහැකි. පලමුව ඔබ දෙමාපියන් හමු වීමට ගොස් නැවත පැමිණෙන්න. " එසේ පැවැසූ Wuxian නැවත Wangji ගෙ නළලේ දෙතොල් තබා
"දැන්  පිටත් වෙන්න " යයි පැවැසීය. Wangjj තම ගමන් මල්ලද රැගෙන තානායමෙන් පිටත් වුණේය.

ඔහුගෙ සිත බොහෝ චංචල ව තිබිණි. ඔහුට අවැසි වූයේ Wuxian සමග රැදී සිටීමටයි.
නමුත් ඔහු යායුතු බවද ඔහු දැන සිටියේය. Wuxian අසලදී දැනෙන හැගීම කුමක්දැයි ඔහුට තේරුම් කරගත නොහැකි විය.  නොසන්සුන් සිතුවිලිද සැහැල්ලු හා දගකාර බවකින්ද ඔහුගෙ සිත පිරී යන්නේය.  ඒ සියල්ලටම වඩා විශාල රැකවරණයක්  ඔහුට Wuxianගෙන්  දැනුණි.

       ○○○○○○○○○○○○○○○○○○○○○○○

"ඔබ සිතනවාද  ඔහු එයට එකඟ වෙයි කියා?" අධිරාජයා විමසුවේය.
"අනිවාර්යයෙන්ම අධිරජුනි, ඔහු කීකරු දරුවෙක් එම නිසා එය එතරම් අපහසු නොවේ. " අධිරාජිනිය පිළිතුරු දුන්නේය.

Tragedy of LoveWhere stories live. Discover now