"Wuxian ඔබ ලන්තෑරුම් උත්සවයේදී කර ප්‍රාර්ථනාව කුමක්ද"
Wangji ,Wuxian දෙස බලමින් විමසුවේ ඔවුන් ජිමො කන්දේ විල් තෙර අසල හිදින විටය.
"ඔබ කුමක්ද සිතන්නෙ"Wuxian ඇහැක් ඉඟිමරා ඔහුගෙන් විමසීය. Wangji රතු විය.
"මා කෙසේද දන්නේ. මට සිත් කියවීමට නොහැකි"
Wuxian සිනාසී "ඔබ සහ Yuan සැමදා සතුටින් ඉන්න යැයි ඉල්ලුවා"
Wangji ගොස් ඔහුව වැළඳගත්තේය.
"එවිට ඔබේ මගේ නාමය සැමදා දැන සිටියද
Wangji බව"
"ඔබ පැමිණීමටත් පෙර සිට දැන සිටියා."
Wangji ඔහුගේ දෑස් දෙස බලා සිටියේය.
"එවිට අර මිනිසා ඔබ හා Xue Yang ගියේ හදිසියේම"
"ඔහු ඔබව මරා දමන්නට තැත් කළ Lan Qian qiu ගේ අයෙක්"
"ඔබ මේ කිසිවක් මා හට පැවසුවේ නෑ"
"මට අවශ්‍ය වූයේ නෑ ඔබ දුකින් සිටිනු දැකීමට"
" ඒ නිසාද shijie අර තරම් පවසද්දිත් මට කිසිවක් නොපවසා සිටියේ.shijie පමනක් නොවේ,ගුරුතුමා ,Xue Yang,Xingchen පවා"
"මා සිතුවා ඔබ දුක් වේවි කියා ඔබට වුන වංචාව පිළිබඳව.එයට වඩා මට වෛර කිරිම යහපත් බව මා සිතුවා"
"අඥානයා,නුබ මා සමග කතා නොකරන්න"
මද වෙලාවක් අමනාපයෙන් පසුවූ ඔහු
"Wuxian, මට සමාවෙන්න මගේ දෙමව්පියන් යැයි සිතා සිටි රකුසන් ඔබව අනාතයෙක් කලා"
"එය ඔබේ වරදක් නොවේ. අනික මට ඔබ සිටිනවා,ගුරුතුමා සිටිනවා,shijie,Yuan,shidi ලා සිටිනවා,Xue Yang සිටිනවා""ඔබ Xue yang ව දන්නේ බොහො කලෙක සිට නේ"
"උපන්දා සිටම මෙන්. එකටමයි අප හැදුනේ"
"ඔහු ඔබට බොහො පක්ශපාතී නේද"
"බොහො, ඔහු මා සමග මිය යාමට සූදානමින් සිටියා.ඔබ මා මරා දමන විට"
Wangji ගැස්සුනි.
"ඔබ ,ඔබ ඒ ගැන දන්නවාද.. මා එය.."
"කීවේ Yao ට පමණයි නේ.Yao මගේ මිතුරෙක්. ඔබට අවැසි පක්ශපාතී අයෙකු නිසයි ඔහුව යෙදුවේ"
"එවිට ඔබ .. ඔබ කිමද සියල්ල දැන කිසිවක් නොකලේ ..මියයන්නද සිටියේ."
"ඔබ අතින් මියයාම මන් ලබන විසල්ම ගෞරවයයි"
"අඥානයා , ගුරුතුමා කිසිවක් නොපවසා සිටියා නම් මා.. මා.., මට කමාකරන්න"
"Wangji,ඊට කම් නෑ ,හඩන්න එපා"
"මා මා.."
ඔහුට කිසිවක් කීමට ඉඩ නොතබා wuxian ගැඹුරු සිපුමක් ඔහුගේ දෙතොලේ තැබුවේය.
Wangji මද වේලාවකින් සන්සුන් විය.
"අතීතයට යන්නට දෙන්න, වැදගත් වර්තමානය පමණයි"
Wangji හිස සලා Wuxian ව තදින් වැළඳ ගත්තේ
ඔහුව උදුරාගෙන යනු ඇතැයි බියෙන් මෙනි."පියාණනි,පියතුමනි ගුරුතුමා ඔබට කතා කරනවා.වහා පැමිණෙන්න" Yuan ගේ හඬින්
ඔවුන් එකිනෙකාගෙන් මිදී Yuan එන දෙසට අවධානය යොමු කලේය.
"පියාණෙනි,පියතුමනි, අපි යමු"
Yuan ඔවුන්ගේ දෑතින් අල්වාගෙන ඈතට පියමැන්නේය.

YOU ARE READING
Tragedy of Love
Fanfictionරාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද