Wuxian ,Xue Yang ගෙනා පණිවිඩය අසා සිනහ සෙන්නට විය. Wei Wuxian සම්බන්ධයෙන් ඉතාමත් දරුණු කටකතා පැතිර යන අතරේ මොහු මෙසේ සිනා සෙන්න හේතුව කුමක්දැයි Xue Yang හට සිතා ගත නොහැකි විය.
"විශ්මයෙන් බලන්න එපා මා දන්නවා මෙය පසුපස සිටින්නේ කවුද කියලා"
Xue Yang විමතියෙන් බලා සිට එක වරම තමන්ගේ බැල්ම වෙනස් කරගත්තේය."නමුත් ඔහු කුමක් නිසාද එසේ සිදු කරන්නේ"
"මා සමඟ නෝක්කාඩුවෙන් සිටින නිසා".
"ඔබ කුමක්ද කලේ ඔහුව අමනාප කරගන්න".
"ඔහු මා සමඟ අමනාපයෙන් පසු වන්නේ අද සිට නොවේ නේ" Wuxian සිහින් වේදනාව මුසු සිනහවක් නැගුවේය.
"ඔබ Shijie කියන දේ නොකරන්නේ ඇයි"
○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○○"Yao,ඔබ නම් කියූ ලෙසම කරලා තියෙනවා දැන් බලමුකෝ මහා ලොකු අධිරාජ්‍ය කුමක්ද කරන්නේ කියලා මේකට"
Yao බියට දහඩිය දැමූ මුහුන පිසදා ගෙන ස්තූති කළේය.
"නමුත් ආරංචි වූ ආකාරයට නම් අධිරාජ්‍යයා එය එතරම් ගනන් අරන් නෑ උතුමානණි"
Wangji රැවුමක් හෙළා කල්පනා කරන්නට විය.
"පියාණනි , Qing නැන්දා දුන්නා මේක ඔබට දෙන්න කියලා.ගුරුතුමාගෙන් ලිපියක්""Lan Wangji,
ඔබ දන්නේ නැති දෙයක් දැනගන්න වහාම jimo කන්දට එන්න නැත්තං ජීවිත කාලෙම පසු තැවෙන්න වේවි"."Yao ඔබ සුදානම් කරලා නේද තිබෙන්නේ".
ඔහු කඩදාසිය ගුලි කර ගනිමින් පැවැසුවේය.
"එහෙමයි ,ඔබතුමා යන්නේ නැතිද ගුරුතුමා හමු වෙන්න, ඔබ තුමාට විශ්වාස ද මේ පිළිබඳව" Yao බැරෑරුම් ස්වරයකින් විමසුවේය.
"මා හට විශ්වාසයි.මාගේ අදහස වෙනස් වන්නේ නැහැ. එම නිසා ඔබ මා කිව් දේ කරන්න."
"ඔබතුමා ගුරුතුමා කියන්න යන දේ අසන්නේ නැතිද"
"මා පිටත් පිටත්වන්නම් .ඔබ සූදානම් කර තබන්න.මා පැමිණි පසු සියල්ල අරබමු"••••••••••••••••••••••••••••••••••••••••••
Lan Wangji ,jimo කන්ද වෙත පැමිණියේ තනිවමය.සේවකයෙක් හෝ ආරක්ශකයෙක් හෝ රැගෙන නොඒමට ඔහු වග බලා ගත්තේය .ඔහු කන්දට පැමිණීමට දිනයක් වැය කර තිබිනි. ඔහු කන්දට පැමිණ වටපිටාව බලා සිටියේය. මෙහි කිස්වක් වෙනස්ව තිබුණේ නැත.එකම වෙනස වූයෙ මෙහි ජිවත් වූ Xue Yang, Wei Wuxian, ඔහු හා Yuan නොමැති වීමයි.
පුහුණුවීම් කරමින් සිටි Xiao Xingchen ඔහු දැක විස්මයට පත් රාවයක් පිට කලේය.
"ගුරුතුමා පැවසුවා ඔබ එනු ඇති බව.නමුත් මා විශ්වාස කළේ නැහැ. ඔබ පැමිණීම ගැන සතුටුයි.තේ පානය කරමු"
Wangji හට ඔහුගෙ අවංක සුහද ඉල්ලීම නොතකා සිටිය නොහැකි විය.අවසානයේදි මේ කිසිවක් ඔහුගේ අනුදැනුමකින් සිදුවූ දේ නොවිය.

YOU ARE READING
Tragedy of Love
Fanfictionරාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද