Wangji තම පියා සමග ඇති මතක එකිනෙක සිහිපත් කලේය. තමන් කුඩා වියේදී තමන්ට වඩා විශාල වූ පියාගෙ අසිපත සමග කෙළියේ යෙදුනු අයුරු ද තම පියා මෘදු සිනහවෙන් ඔහු දෙස බලා සිටි ආකාරයද ඔහුට මැවී පෙනිණ.තමන් හා සහෝදරයන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කල විටදී තමාව උකුලට ගෙන කතන්දර කියමින් කවන පියාගෙ රුව ඔහුගේ හිතේ ඇඳිණි. තම සහෝදරයා සමග රසකැවිලි හොරෙන් ගෙන මව දඬුවම් කිරීමට ගියවිට පියාගේ පිටුපස සැඟවී දඬුවමින් ගැලවුණු අයුරු ඔහුට සිහිපත් විය. Wangjiට Wuxian සමඟ ඇති වෛරය තවත් ගිනි දළු නංවමින් ඇවීලී ගියේය
ඔහු Wuxian දෙස බැලුවේය. Wei Wuxian ඔහුගෙ shixiong විය. ඔහුගෙ හොඳම මිතුරා විය. පියාගෙන් පසුව වැදගත්ම ආරක්ෂාකාරී හා විශ්වසනීය හැඟීමක් ලබාදුන් ප්‍රථම පුද්ගලයා විය. තමන්ට ද්‍රෝහී වෙයි කියා ඔහු සිතූ අවසාන පුද්ගලයා විය.
■■■■■■■■■■■■■■■■■■
"Shidi ,මේ බලන්න" Wangji ට Wuxian ගෙ හඬ ඇසිණි.
"කුමක්ද" Wangji විමසුවේය.
"මෙහි බලන්න එවිට දැනගන්න පුළුවන් "
Wangji දුටුවේ හිම බෝලයක් සහ අඟුරු කැටයක් මෙන් පෙනෙන හා පැටවූ දෙදෙනෙක් අතේ තබාගෙන සිටින Wuxianවයි. Wuxian ගෙ අතින් මිදුණු හා පැටවුන්ගේ දෙදෙනා Wangji ගෙ උකුලට පැන ගත්තේය .ඔහු එක් හා පැටියෙක් අතට ගෙන පිරිමැදීය.Wangji ගෙ මුහුනේ මතුවූ මදහස දෙස Wuxian බලා සිටියේය."ඔබ ඔවුන්ට ප්‍රියයි නේද , ඔබ වගේමයි ඔවුන්"Wuxian පැවැසීය
"කෙසේද ඔවුන් මා වගේ වෙන්නේ" Wangji විමසුවේ විස්මයට පත්වයි
"ඔබ වගේමයි දුටු විට ස්පර්ශ කරන්න හුරතල් කරන්න සිතෙනවා"
Wangji නෝක්කාඩු බැලීමක් Wuxian වෙත හෙළීය. Wuxian ඔහුගෙ කොපුලක් ස්පර්ශ කරමින් සිටියේය.
■■■■■■■■■■■■■■■■■■■■"Wuxian, ඔහු අනාථ අයකු බව පැවැසුවා නොවේද , මා ද අනාථයෙකු කිරීමටද ඔහු බලාපොරොත්තු වෙන්නේ " Wangji සිතුවේය. Wuxian ව නැවැතත් දැකීමට ඔහු මග බලා සිටියේය. නමුත් එම හමුවීම මෙබඳු වූයේ කිමද ඔහු සිටියේ බලාපොරොත්තු විරහිත කම්පනයකට පත්වය. තවද ප්‍රිය විප්පයෝගය හා ද්‍රෝහි වූ හැඟීම ඔහුව උමතු භාවයට ඇද දමා තිබිණි.Wuxian තමන් කිසිදු වරදක් නොකළ ආකාරයට Wangji ට අභියෝග කල විට ඔහුගෙ සියලු හැඟීම් පිටාර ගලන්නට විය. ඔහුගෙ අසිපතට ඔහු ඔහුගේ තරහ ශෝකය සියලු හැගීම් එකතු කලේය. අසිපත් දෙක එකට ගැටෙමින් හඩ නැංවීය. Wuxian පහර දීමට වඩා පහර වැලැක්වීමට දක්ෂ විය. නමුත් ඔහු පහර දීමෙහිද දුර්වල නොවීය. ඔහු පහර දීමට වඩා වළක්වා ගැනීම ප්‍රිය කලේය .මේ බව Wangji හොඳින් දැන සිටියේය. ඔහු Wuxian ට පහර පිට පහර දුන්නේ එබැවිනි. ඔහුගෙ ආරක්ෂාව දුර්වල කිරීම Wangji ගෙ අරමුණ විය Wuxian එකවරම පහර දීමට පටන් ගත් විට Wangji ට කරකියා ගත හැකි දෙයක් නොවීය ඔහුට ආරක්ෂා කිරීම හා පහර දීම එකවරම කිරීමට Wuxian හා සමාන දක්ෂතාවක් තිබුණේ නැත.Wangji අසිපත මග හැරීමට බොහෝ වෙහෙසක් ගත් අතර ඔහුට පහර දීමට හැකියාවක් නොතිබිණි.මද වේලාවකින් Wuxian ගෙ ශක්තියක් ප්‍රහාර හමුවේ Wangji ගෙ අසිපත විසි වි ගොස් බිම පතිත විය. Wangji ඒ දෙස හිස් වූ බැල්මකින් බලා සිටියේය. ඔහු පරාජයට පත්විය, තම පියාණන්ගේ ඝාතකයා මරාදැමීම ඔහුට කල නොහැකි විය ඔහුට දැනුනේ තමන් බිඳී ගිය බවකි. ඔහුගෙ දෑසින් කඳුලු කඩා වැටෙන්නට විය .බොඳවී ගිය දෙනෙත් ඇතුව ඔහු පියාගෙ මළ සිරුර දෙස බලා සිටින විට ඔහු දුටුවේ පසෙක බිම වැටී ඉකි ගසමින් සිටින මෑණියන්වයි. පියා මියගොස් අවසානය , එයට කල හැක්කක් නොමැත නමුත් තමන්ගේ මෑණියන් ද තමන් ඉදිරියේම මිය යනවා දකින්නට Wangji ට නුවමනාය. Wangji කෝපයෙන් දිලිසෙන දෑසින් ඔහු දෙස බලා සිටියේය.
" මන් එකඟ වෙන්නම් නමුත් එක් කොන්දේසියක් මත නුඹ මගේ මෑණියන් ට ජීවත්වීමට ඉඩ දිය යුතුයි" Wangji කෝපයෙන් හා ශෝකයෙන් වෙව්ලමින් පැවසීය.
"එකඟයි නමුත් නුඹේ මෑණියන් මාලිගය අත් හැර දෙවොලක ජීවත් වීමට යායුතුයි සෙබලුන් රැකවරණය යටතේ. එයට ඔබ විරුද්ධ නැති නම් මා දැන් ම කටයුතු සුදානම් කරන්නම්"
Wangji හිස සෙළවිය.
"කුමරුන්ව දැන්ම කුටියට රැගෙන යන්න " Wei Wuxian සෙබලුන්ට අණ කලේය.
"ස්පර්ශ කරන්න එපා මාව මන් පැමිණෙන්නම්"
Lan Wangji පැවැසීය. Wangji පසෙක ඉඳගෙන සිටින තම මෑණියන් වෙත නෙත් යොමු කලේය.ඇයව ඔසවා ගත් ඔහු රැජිනගේ සේවිකාව වෙත තම මෑණියන් බාර කලේය .
"මෑණියනි සුවෙන් වෙසෙන්න.මා කෙසේ හෝ පියාණන් වෙනුවෙන් මේ ඝාතකයා මරා දමනවාමයි."
Lan Wangji රැජිණගෙ සවනට මිමිනුවේය

ESTÁS LEYENDO
Tragedy of Love
Fanfictionරාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද