පලමු කොටස ~
එය weida යුගයේ 60 වෙනි වසරයි. Shengli අධිරාජ්‍යයේ පාළනය මෙහෙයවනු ලැබුවේ Lan පෙළපත විසිනි.Shengli හි අධිරාජයා Lan Qing Yu නම් වූ අතර ඔහුට අධිරාජිනියගෙන් පුතුන් දෙදෙනෙක් සිටියේය .වැඩිමල් පුත්‍රයා Lan zisi වූ අතර දෙවැන්නා Lan Wangji විය
Lan Wangji තම මව් පස ඥාතීන් විසූ Fangrong උප රාජධානියේ සිට Shengli හි අග නුවර වෙත ලගා වූයේ දින කීපයකට පෙරදීය. ඔහුට දැනුනේ විශාල වෙහෙසකි. තම මෑණියන්ගේ දේශයේදී ඔහු සිටියේ බාධක රැකවල් වලින් තොරවයි. එහිදී ඔහු සිටියේ විසල් සැනසුමකිනි.නැවත පැමිණිමට ගත් තිරණය ගැන ඔහු පසුතැවෙමින් සිටියේය.
ඔහු එහි ජීවත් වූයේ සාමාන්‍ය දරුවෙක් ලෙසයි.
ඔහුට සංගිතය හා සටන් කලාව ඇතුළු ශිල්ප රාශියක් තමමුත්තණුවන් විසින් ලබාදී තිබුණි.සෙසු කුමාරවරු බීමතින් කරන නාඩගම් ඔහු ප්‍රිය කලේ නැත.ඔහුගෙ ශෝකය තුනී වූයේ මෑණියන් ඔහුව තම මාමණ්ඩිය ගෙන් තවත් ශිල්ප හදාරන්නට යවන බව ඇසීමෙන් පමණෙකි. ඔහු Jimo නම් කන්දේ හුදකලාව වෙසෙන බවත් ඔහු ශිෂ්‍යයන් ලෙස බාරගන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් ඔහු දැන සිටි අතර ඒ අතරට එක්වීම භාග්‍යයක් ලෙස සැළකීය.හෙට දිනයේදී ඔහු jimo කන්ද වෙත පිටත් වීමට නියමිත විය. ඔහු තමන්ගේ Guqin ය වාදනය කලේය. ඒ සෞම්‍ය සත්සරය නිහඬ අදුරු රාත්‍රිය සමග හොඳින් මුසුව සන්සුන් සුන්දරත්වයක් මවාලීය. එක්වරම ඔහුට ඇසුනේ යම් තියුණු ආයුධයක හඬයි . තම අසිපත ගත් ඔහු ඒ හඬ පැමිණි දිශාවට ලුහුබැඳ ගියේය. ඔහු එවිට දුටුවේ අදුරු සෙවණැල්ලක් වහල මත දුවන ආකාරය යි වහා පැන වහලයට නැගුන Wangji සෙවනැල්ල පසුපස හඹා ගියේය.
නමුත් මඳ වේලාවකින් ඔහුට සෙවණැල්ල සොයා ගත නොහැකි විය.
"ඒ පුද්ගලයා කවුරු වුවත් සාර්ථක ලෙස මාව මගහැරි බැවින් සාමාන්‍ය අයෙක් විය නොහැකියි " Wangji සිතුවේයඔහු ඔහුගෙ අවට තිබෙන පරිසරයට අවධානය යොමු කලේ එවිටය. ඔහු සිටියේ නගරය මධ්‍යයේය. නමුත් ඔහු මෙහි පැමිණියේ කෙසේද යන්න ඔහුටම ගැටලුවක් විය.
"මා එතරම් දුර ඔහුව ලුහුබැඳ ගියාද?"
එසේ සිතූ ඔහු නැවත මාලිගය වෙතට යාමට පිටත් වුණේයවාසනාවට මෙන් ඔහු සතුව රාජකීය මුද්‍රාව පැවැතීම හා කුමාරවරු නිතරම වෛශ්‍යාවන් හා සුරාසල් වෙත යන නිසා ඔහුගෙන් කිසිදු සෙබළකු කිසිවක් විමසුවේ නැත .නමුත් මැදියම එළඹීමටත් පෙර හොඳ සිහියෙන් යුක්තව පැමිනෙන කුමරෙක් දැකීම නම් ඔවුන්ට ආශ්චර්යයක් විය. ඔහුගේ නිදන කුටියට එළඹී ඔහු තම සළු ගලවා ස්නානය කර නින්දට වැටුණේය. ඔහු තමන්ගේ කාර්යයන් තමන් විසින්ම සිදු කිරීමට හුරු වී සිටියේය. එම නිසා ඔහුට සේවකයකු නොසිටි අතර එය තමන්ගේ පෞද්ගලිකත්වයට යහපත් බව Wangji සිතුවේය.
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
පසුදින උදෑසන පිබිදුන Wangji තම වස්ත්‍ර වලින් සැරසී ගමන් මල්ල හා ආහාර ගෙන තම මෑණියන් බැහැ දැකීමට ගියේය. Wangji කිසිදු ආරක්ෂාවක් නැතුව යැවීමට පිය අධිරාජ්‍යයා අකැමැති වුවත් Wangji ගෙ අනන්‍යතාවය හෙළි නොකර ගමන් කරන බැවින් අනතුරක් නොවන බව අධිරාජිනිය වටහා දුන්නාය. තවද Wangji පසුපස තම සෙවනැලි ආරක්ෂකයන් කීප දෙනෙකු පිටත් කරන බවද
Wangji Jimo කන්ද වෙත සාර්ථකව ළඟාවන තුරු ඔවුන් නොපැමිණෙන බවද අධිරාජිනිය දැනුම් දුන්නාය. එබැවින් අධිරාජ්‍යයා මෙයට අවසර දුන්නේය.Wangji ප්‍රවාහන පහසුකම් ප්‍රතික්ෂේප කල අතර ඔහුට පාගමනින් අද රාත්‍රිය වෙද්දී Jimo වෙත ලගා වීමට හැකි බව විශ්වාස කලේය. ඔහු රහස් දොරටුව හරහා මාලිගාවෙන් පිටත් වූ අතර ඔහු සන්සුන්ව තම ගමන ආරම්භ කලේය.මගදි අසනීප අයකුට උපකාර කිරීම හා දිළිදු පිරිසකට උපකාර කිරීම නිසා ඔහු jimo අසල පිහිටි නගරයට ඇතුළු වනවිට මැදියමට ආසන්න විය. රාත්‍රියේ Jimo කන්ද වෙත කිසිවෙකු ඇතුළු කරගන්නේ නැති නිසා Wangji අසල පිහිටි තානායමක රාත්‍රිය ගත කිරීමට සිතා ගත්තේය.
ඔහු තානායම වෙත පිවිස කුටියක් ලබාගත හැකිදැයි විමසන විට තානායම් හිමිකරු පිළිතුරු දුන්නෙ තානායම ම කෙනෙක් පෙර ගෙවා වෙන් කරවා ගෙන ඇති බවයි ඔහු නිශ්ශබ්දව පිටත් වීමට සුදානම වූයේය."මදක් ඉන්න ඔබට හැකි මා සමග කුටිය බෙදාගැනීමට"
ඉදිරියට .....
ඔන්න පලවෙනි එක දැම්මා ගොඩක් දිග නෑ ඊලඟ එක දිගට දෙන්නම්. කව්ද Wangji ට කාමරය බෙදාගන්න කැමතියි කිව්වේ guess කරන්න පුළුවන් නම්

VOCÊ ESTÁ LENDO
Tragedy of Love
Fanficරාජ්‍යයන් දෙකක් කුමන්ත්‍රණයක් වියරු පළිගැනීමක් අවිහිංසක ප්‍රේමයක් දෛවයේ සරදමක් මත එක් වූ දෙදෙනකු ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද