005

52 18 4
                                    

මිනීමැරුමක් යැයි පැවසිය හැකි වුවද කිසිදු අයෙකු මේ වන තෙක් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත් නොවිය.. මන්ද මිනීමැරුමක් පිළිබද සාක්ෂ්‍ය සේජාෆ්ගේ නිවස තුළින් හෝ පිටතින් සොයා ගැනීමට නොහැකි වූ හෙයිනි..

සියදිවි නසා ගැනීමක් නොවේ නම් මිනීමැරුමක් කියා පැවසීමට මරණ පරීක්ෂණ වාර්තාව හැර කිසිදු සාක්ෂ්‍යක්‌ නොමැති නම් සේජාෆ්ට සිදු වූයේ කුමක් ද ?

සේජාෆ්ගේ නඩුව පිළිබද බාර වී තිබූ විසි හත් හැවිරිදි අපරාධ පරීක්ෂකවරිය නොසන්සුන් ලෙස තම කාර්යාලයේ එහෙට මෙහෙට ඇවිද්දේ සේජාෆ්ගේ මරණය අබිරහසක් වුණු නිසයි..

" මම්මොන් ? "

කෝපි කප් දෙකක් සහ ලේඛන කිහිපයක් සමඟ කාර්යාලයේ දොර විවෘත කළේ මම්මොන් ගේ සහයක මෙන්ම පෙම්වතා ද වන විසි පස් හැවිරිදි තරුණයා..

" හෙවන් "

මේසය මතට ලේඛන අත් හැරි ඔහු කෝපි කප් දෙකෙන් එකක් මම්මොන් අත තබා ඇගේ තොල් මත හාදුවක් තැබුවා..

" කලබල වෙන්න එපා ඔය තරම්.. ඉක්මනට මේ කේස් එක ක්ලෝස් කරන්න පුළුවන් වෙයි "

එසේ පැවසූ හෙවන් තම මේසේ මත හිදගෙන තමා ගෙන ආ ලේඛන පරික්ෂා කරන්නට විය..

" මොනාද ඔය ? "

මම්මොන් හෙවන්ගෙන් ප්‍රශ්න කළේ වැඩි කතා බහක් නැතුවම ෆයිල් කිහිපයක් බදාගෙන හිටපු නිසා..

" ඔයා මේ කේස් එකට ගොඩක් මහන්සි වෙන නිසා මං හිතුවා මීටවඩා මං ඔයාට උදව් කරන්න ඕනේ කියලා "

හෙවන් හිනා වෙලා කියද්දී මම්මොන් ඇවිල්ලා හෙවන්ගේ කම්මුල් මිරිකෙව්වේ එයාට තේරුණා මේ දවස් වල හෙවන්ව එයාට වෙනදා ට වඩා මඟ හැරුණා කියලා..

" සමාවෙන්න මං හිතලා මඟ ඇරියේ නෑ "

" මං දන්නවා "

හෙවන් ආයෙත් පාරක් මම්මොන්ගේ සුදු මැලි මූණ මත හාදුවක් තිබ්බේ මම්මොන්ගේ මූණේ හිනාවක් ඇදෙද්දී..

" ඔයා මගේ සහයකයා වුණොත් නම් මේ වැඩේ දිගටම කරන්න බැරි වෙයි "

" මං ඔයාට මේ උදව්වක් කරන්නේ "

" ඕක කියවන්න මටත් ඇහෙන්න "

" හ‍රි..

සේජාෆ් ලයිලා තිමොන්
වයස අවරුදු විසි හත- "

________________________________________

________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හෙවන් 🌚

මම්මොන් ( tomboy )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම්මොන් ( tomboy )

18:30
08.07.22

©anti-social-cat

Wattpad revision history එකක් තියෙන එක මං වගේ අසිහියෙන් ඉන්න අයට ගොඩක් වටිනවා.

(248)

𝐃𝐈𝐒𝐆𝐔𝐈𝐒𝐄 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ ]Where stories live. Discover now