009

38 13 5
                                    

" දෙදාස් විසි දෙක ? "

" ඔව් "

හෙවන් අහනකොට මම්මොන් කෙටි පිළිතුරක් දුන්නා..

" අවරුදු දහයකට කලින් තිබුණු හඬ පටි ද ඔයා ඇහුවේ එතකොට? "

" ඔව්.. ගොඩක් ඒවගේ කියලා තිබුණේ ' මට ඔයාට කියන්න ඕනේ ' කියලා විතරයි.. "

" ඒක හරිම විකරරුපියි "

" වට්‌එවර්.. අහ්.. මේවා කොහොම ද මර්ඩර් කේස් එකට සම්බන්ධ වෙන්නේ? හරියටම අවරුදු දහයකට කලින් දේවල් මට දැන් හොයන්න වෙලා "

" ඔයා අපරාධ පරීක්ෂකවරියක් මම්මොන්
"

" මං නෑ කිවේ නෑ.. ඇරත් මේක සේජාෆ්ගේ කට හඬත් එක්ක ගැළපෙන්නේ නෑ "

" ඒවා කැසට් එකක දාපු අවරුදු ගානක් පරණ හඬ පටි නේ.. ඉතින් ඒක සාමන්‍යයි. මං හිතන්නේ අපි මේක ගැන හොයන්න ඕනේ "

" මං යනවා මර්ඩර් එක වුණු තැනට.. ඔයා එතකන් අර ටේප් ටික ප්ලේ කරලා ඔක්කොම අහලා මට‍ සාරාංශයක් හදලා තියන්න. "

මම්මොන් කොට් එක දාගන්න ගමන් නැගිටලා ගියේ හෙවන් ඔරවන් බලාගෙන ඉද්දි..

මම්මොන් තමන්ගේ කාර් එක සේජාෆ් ගේ ගෙදර ඉස්සරහ නතර කරද්දීත් එතන සිල් කරලා පොලිස් නිලදාරීන් දෙන්නෙක් හිටගෙන හිටියා.. මම්මොන් එයාගේ කාර්ඩ් එක දික් කළේ ඇතුළට යන්න එයාට අවසර තියෙයි කියලා පෙන්නන්න..

මම්මොන් සේජාෆ්ගේ ගේ ගෙදර ඇතුළට ආවේ සාක්කුවේ තිබුණු ග්ලවුස් දෙක එළියට අරන් දාගන්න ගමන්..

මර්ඩර් එක සිද්ද වුණු තැන , සේජාෆ්ගේ නිදන කාමරය , සාලය පොත් පිරිලා තිබුණු කාමරය සියල්ලම ධවල පැහැයෙන් හැඩ ගන්වා තිබීම හැරෙන්න වෙනත් විශේෂ දෙයක් සේජාෆ්ගේ නිවසේ තිබුණේ නෑ..අඩුම රහස් කාමරයක් වගේ දෙයක්වත් මම්මොන් බලාපොරොත්තු වුණා මෙහෙදි හම්බවෙයි කියලා.. ඒත් මොනවත් ම නෑ..

" සේජාෆ් ඔයා නම් පිස්සුවක්! "

මම්මොන් තමාටම මුමුණා ගත්තේ සේජාෆ්ගේ ගෙදර සුදු පාට හැරෙන්න වෙන මොකුත්ම නැති නිසා.. අල්මාරිය , දොර රෙදි , සෝෆා , ටයිල් , කිචන් එක අඩුම කෝප්ප පිඟන් පවා ඔක්කොම සුදු පාට..එයාගේ පොත් රාක්කෙ තිබුණු හැම පොතකම කවර සුදු පාටයි.. මම්මොන්ට මේ හැම දේකින්ම තේරුණේ,

" සේජාෆ් ඊස් ඔබ්සේසඩ් විත් වයිට් " [ sejaf is obsessed with white ]

මම්මොන් අතේ තිබුණු ග්ලවුස් ගලවලා දැම්මේ තව හොයන්න දේවල් තිබුණේ නැති නිසා.. මම්මොන් ගෙදරින් එළියට යන්න හැදුවත් ආයෙත් නැවතුනේ එයා රූෆ් ටොප් එකට ගියේ නෑ නේද කියලා මතක් වුණු නිසයි.. ඉක්මනට පඩිපෙළ නැගපු මම්මොන් උඩට ගියේ වීදුරු දොරත් ඇරගෙන..

ඒකත් නිකන්ම නිකන් රූෆ් ටොප් එකක් විතරක් වුණා..විශේෂයකට තිබ්බේ ආසාවට කියලා රූෆ් ටොප් එකේ පුටුවක්වත් තිබුණේ නැති එක..

" මේ මනුස්සයා කොහොම ජිවත් වුණු කෙනෙක් ද? "

මම්මොන් රූෆ් ටොප් එකේ ඇවිදලා බැලුවත් කිසිම හෝඩුවාවක් හම්බුනේ නෑ.. මම්මොන්ට දැනුනේ කවුරුහරි එයාව උස්සලා පොලේ ගහනවා වගේ හැඟීමක්.. එයාට කිසිම වැඩක් හරියට කරගන්න බැ කියන එක හැමතිස්සෙම ඔප්පු වෙද්දී මැරුණු සේජාෆ් ව ආයෙත් මරන්න පුලුවන්නම් කියලා හිතුණා..

රූෆ් ටොප් එකේ දොර ලොක් කරපු මම්මොන් පඩිපෙල් බැස්සේ පහළට යන්න.. ඒ අතරමඟ පඩිපෙළ ළඟ තිබුණු පින්තුරයක්‌ මම්මොන්ගේ ඇස ගැටුණා..මුළු ගෙදරටම තිබුණු එකම පින්තුරය..

මුළු ගෙදරටම තිබුණු එකම පින්තුරය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" මේක? "

" සේජාෆ් ලයිලා තිමොන්! "

________________________________________
12:54
09.07.22

©anti-social-cat

(393)

𝐃𝐈𝐒𝐆𝐔𝐈𝐒𝐄 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ ]Where stories live. Discover now