හෙවන් කියවද්දිම මම්මොන් ෆයිල් එක උදුරලා ගත්තේ කලබලෙන්..
" මොකද්ද මේ නම? "
" ඕක මැරුණු කෙනාගේ නම නේ "
" එහෙම ද "
" මම්මොන්? " හෙවන් මම්මොන්ට කතා කළේ පුදුමෙකින්..
" හ්ම්ම් "
" ඔයා එයාගේ නම වත් හරියට දන්නේ නැතුව ද මෙච්චර කල් කේස් එක ගැන හෙව්වේ? "
" අම්.. ඇත්තටම මං දන්නේ නෑ කොහොම ද මට මේක එච්චර ගානක් ගියේ නැත්තේ කියලා "
" ඔයා නොසැලකිලිමත්! "
" නෑ "
" නැත්තේ මොක ද මං දන්නේ නෑ ඔයා කවදා හැදෙයි ද කියලා.. ඔයා දන්නවා ද මං මේ කේස් එක ඔයාට අරන් දුන්නේ කොච්චර අමරුවෙන් ද කියලා ? "
" මොකද් ද ? "
" ඔයාව අයින් කරන්න හදන්නේ එයාලා.. මං තමයි තාත්තා ට කියලා ඔයාට තවත් අවස්ථාවක් ගත්තේ "
" එයාලා කොහොම ද එහෙම - "
" ඕහ් මම්මොන් දෙයියනේ ඔයා මේ අවරුදු දෙකටම එක කේස් එකක් හරියට විසදුවා ද ? ඉතින් එහෙම එකේ එයාලා ඔයාව අයින් කරන්න ගත්ත තීරණේ වැරදි නෑ "
" හෙවන්! "
" ඇත්ත කියනකොට රිදෙනවා තමයි ඒත් ඒක නොකියා හිටියා කියලා වැඩකුත් නෑ "
" හරි මට තේරුණා "
" සමාවෙන්න මම්මොන් "
" ඇත්ත රිදෙනවා තමයි මට.. ඔයා දැන් යන්න "
" මම්මොන් "
" යනවා! "
________________________________________20:47
08.07.22©anti-social-cat
(151)
YOU ARE READING
𝐃𝐈𝐒𝐆𝐔𝐈𝐒𝐄 [ 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ ]
Mystery / Thriller" Once you ignored, They giveup and let the EVIL " SINHALA NON FANFICTION REALISM BUT FICTION NOT A LOVE STORY " එයා හරි මූසලයි..! " " එහ් එයාට ඒක ඇහුණා " ___________________________________ 19.31 12.05.22 PUBLISHED -: 07.07.22 at 12:50 FINISHED...